
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන පිළිබඳව ඉදිරි මැතිවරණයේදී බලයට පත්වන දේශපාලන පක්ෂයට වෙනත් මතයක් තිබුණහොත් එය ඇහුම්කන්දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් නමුත් එලෙස ඉදිරිපත් කරන මත යථාර්තවාදී විය යුතු බවත් ඒවා ආධාර වැඩසටහනේ නියමිත කාල සීමාව තුළ අවසන් කළ හැකි වියයුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා අද (14) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියට ගරු කරන බවත් මීළඟ මැතිවරණයේදී බලයට පත් කරගන්නේ කවුරුන්ද යන වග ශ්‍රී ලාංකිකයන් තීරණය කළ යුතු බවත් පීටර් බෘවර් මහතා පැවැසුවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සියලු දෙනාගේ මත වලට ඇහුම්කන් දීමට සූදානම් නමුත් එම මත යථාර්තවාදී වියයුතු බව ඔහු ප්‍රකාශ කළේය.
කිසිමවිටෙක වර්තමානයේ ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තිය වෙනස් කළ නොහැකි බව බෘවර් මහතා පැවැසුවේය. 1980 දශකයේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20 ක් වූ රජයේ ආදායම 2022 වනවිට සියයට 8 ක් දක්වා පහත වැටී ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.
බදු අඩුකිරීමෙන් ඇති වූ බලපෑම මේ වනවිට පෙනෙන්ට තිබෙන බවත් ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයටද එය එක් හේතුවක්වූ බවත් පීටර් බෘවර් මහතා ප්‍රකාශ කළේය.මෙරට ආර්ථිකය ගොඩ ගැනීම සඳහා රජයේ ආදායම ඉහළ දැමීම අත්‍යාවශ්‍ය කරුණක් බවත් ඒ හේතුවෙන් මෙරට ලබාදී ආධාර වැඩසටහන යටතේ රජයේ ආදායම ඉහළ දැමීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානය යොමුකළ බවත් ඔහු පෙන්වා දුන්නේය.
නැගී එන වෙළඳපොළක් ඇති සහ මැදි අදායම් ලබන රටවල රජයන්හි ආදායම සාමාන්‍යයක් ලෙස දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 26 ක් වුවත් එම කාල සීමාව තුළදී මෙරට රජයේ අදායම සියයට 9.3 ක් බව පීටර් බෘවර් මහතා පැවැසුවේය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුමට බලපෑමක් එල්ල විය හැකි බවත් විශේෂයෙන්ම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී සහ ආධාර වැඩසටහනේ කාල සීමාව පිළිබඳ ගැටළු ඇතිවීමට ඉඩ තිබෙන බවත් පීටර් බෘවර් මහතා ප්‍රකාශ කළේය.
මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සියලුම නිල ණය හිමියන්ට විනිවිදභාවයකින් යුතුව එක සමාන අයුරින් සැලකිය යුතු වුවත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අදාළ කාරණයක් නොවන බවද ඔහු පැවැසුවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වැදගත් වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉලක්ක ශ්‍රී ලංකාව සපුරා තිබෙනවාද නැද්ද යන්න බව බෘවර් මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා තිබෙන බවත් ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකාව චීනය සහ නිල ද්වි පාර්ශ්වික ණය හිමියන් සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළඹෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
එම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කට්සියරීනා සිව්රිඩ්සෙන්කා ප්‍රකාශ කර සිටියේ ඇතැම් රාජ්‍ය ව්‍යවසායන් මහජන මුදල් වලට බරක් වී තිබෙන බවත් ඒවා විනිවිදභාවයකින් යුක්තව කාර්යක්ෂම අයුරින් ක්‍රියාත්මක විය යුතු බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණයෙන් බලයට පැමිණෙන්නේ ජවිපෙ පක්ෂයයි. ඔවුන් විසින් මහජනතාවට පොරොන්දු දෙන්නේ සියල්ල නොමිලයේ ලබාදෙන බවයි. ආණ්ඩුවේ රස්සා වැඩි වැඩියෙන් දෙන බවයි. හැමෝගෙම පඩි වැඩි කරන බවයි. බදු පහත දමන බවයි. බඩු මිල පහත දමන බවයි. ජාත්‍යන්තර සංවිධානවල සිටින ඔබ වැනි අයට මචන් යනුවෙන් ආමන්ත්‍රණය කර සියල්ල ඉටු කර මෙරට සුඛිත මුදිත කරන බවයි. ආර්ථික වේගය සැලකිය යුතු ලෙස වර්ධනය කරන බවයි. ආර්ථික ඝාතකයන් වන ඉලෝන් මස්ක්ලාට මෙරටට එන්න නොදෙන බවයි. මෙවැනි පරස්පර තත්වයන් යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ශ්‍රී ලංකාව හා කටයුතු කරන්නට සිදු වනු ඇත. මාලිමාවට ජයවේවා..!
IMF තනි බොරුව කරන්නේ දේශපාලකයින් පට්ට හොරු බව දැන දැනම බොරුවට ඔවුන් එක්කම ලැගලා අධාර දෙනවා.. තුන්වෙනි වාරිකය බලෙන් වගේ දුන්නේ.. 30% ප්‍රගතිය තිබ්බේ.. අන්තිමේට හොරු ටික තමයි රැකෙන්නේ...
මම එක දෙයක් කියනවා දකුණු ආසියාවේ IMF අරන් ගොඩ ගිය රට තමයි ඉන්දියාව. 1991 ඉන්දියාවේ ආර්ථිකය වැටුණු වෙලාවේ IMF පිහිට වෙනවා.. ඊට පස්සේ ආර්ථික ලිබරල් ක්‍රමය ආරම්භක කරනවා. අද වෙද්දී ලෝකයේ තුන්වන බලවතා ඇමරිකාවට වුනත් බය නෑ. හැබැයි පාකිස්ථානය අනන්තවත් IMF ණය ගත්තා හැබැයි අසාර්ථකයි. අපිටත් පුළුවන් ඉන්දීයාව වගේ වෙන්න හරි පාකිස්ථානය වගේ වෙන්න එක දේශපාලන වගේම රටේ මිනිස්සු වුනත් දැනුවත් වෙන්න ඕනේ.
රනිල් නම් කියන්නේ එයාට විතරයි පුළුවන් කියලා...
ඡන්ද දායකයා ඡන්දෙ දෙන්නේ තමන් මනාප පක්ෂය දිනාවි කියලා හිතාගෙන. ඒ වුණාට තමන්ට තියෙන්නේ එක ඡන්දයයි. ඡන්දය ගණන් කරලා ප්‍රතිඵල ප්‍රකාශ කළා නම් අනාවැකි කිය කියා ඉන්න එක තමයි බොහෝ දෙනෙක් කරන්නේ.
සත්‍යපාල කන් දෙක බලවා ගන්න. හිතේ තියෙන ඒවා මෙතැන පක්ෂයක ප්‍රතිපත්ති කියලා නිකන් විහිළු කාරයෙක් වෙන්න එපා...
රනිල් නම් කියන්නේ එයා නැතුව මොකුත්ම බැ කියලා නේ
පරිස්සමෙන් කියවා තේරුම් ගන්න.
මොන පක්ෂය ආවත් රටේ තියන දේවල් වලින් රටේ දියුණූ කරනවා මිසක් මුන්ගේ රටේ ජනතාව අපහසුවට පත් කරන නීති රිතී වලට යටවෙලා මුන්ගෙන් නම් ණය ගන්ඩ එපා. මුන්ට ඕන ණය දිලා මුන්ට ඕන කොන්දේසි දාලා ජනතාව පීඩාවට පත් කරන්ඩයි. මුන් කවදාවත් කියන්නේ නැ රටේ ආර්ථික ධනය හොරා කාපු දේශපාලුවන්ගේ හොරා කාපුවා නැවත ලබා ගන්ඩ වහාම ක්‍රියාත්මක වෙන්ඩ කියලා
IMF එකත් දන්නවා රනිල් ආයිත් එන්නේ නැහැ කියලා. දැන් ඉතින් රනිල්ට බඩුම තමයි.
ඔබතුමන්ලාට ළඟදීම වෙනත් පක්ෂ පිහිටුවන රජයන්ට සහයෝගය දෙන්න වෙයි.