එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වන අතරතුර බැන් කී මූන් හමුවී සිදුකළ සාකච්ඡා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග පැවති සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට හේතුවූ බව අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිලධාරීන් හමුවූ අවස්ථාවේ ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.
මෙරට පානීය ජල ව්‍යාපෘති සඳහා අවශ්‍ය පහසුකම් පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරුණු අතර පානීය ජල ගැටළු වලදී ප‍්‍රධාන වශයෙන් දුප්පත් ජනතාවට මුල්තැන ලබාදී කටයුතු කරන බවත් ජනපති සඳහන් කළේය.
පානීය ජලය, කෘෂී කාර්මික, සෞඛ්‍ය ඇතුළු විවිධ අංශ සඳහා අරමුදල් ලබාදීම සම්බන්ධයෙන් ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් නිලධාරීන් විසින් ජනපති දැනුම්වත් කරනු ලැබීය.
මෙම අවස්ථාවට පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශ ලේකම් උදය සෙනවිරත්න, ජනාධිපති අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක යන මහත්වරුද එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි සාමාජික රටවල ජනතාවගේ සුභ සිද්ධිය සඳහා ධනවත් රටවල ආධාරයෙන් බොහෝ වැඩ සටහන් ක්‍රියාත්මක කරයි. විශේෂයෙන් කුඩා දරුවන්ගේ සහ ගැබිණි මවුවරුන්ගේ පෝෂණය සෞඛ්‍ය තත්වයන් හොඳින් තබා ගැනීම, බෝවෙන සහ බෝනොවෙන රෝග ව්‍යාප්තිය පාලනය කිරීම, එන්නත් දීම වැනි වැඩසටහන් ප්‍රධාන තැනක් ගනී. (ස)
මුන් එක්ක මොන සාකච්ඡාද ? (අ)