IMG-LOGO

මධුරි ඩික්සිත්ගෙන් දිනක්ෂිට රස රහසක්

2016-09-15-ent-32

මෙවර හිරැ සම්මාන උළෙලට එක් වූ අලුත්ම සම්මානයක් තමයි අනාගතයේ බලාපොරොත්තු තැබිය හැකි සිනමා නළු නිළි සම්මානය. මෙහිදී අනාගතයේ බලාපොරොත්තු තැබිය හැකි සිනමා නිළියට හිමි සම්මනය ලබාගත්තේ ජනප්‍රිය තරැණ රංගන ශිල්පිනියක් වන දිනක්ෂි ප්‍රියසාද්. ඒකයි අපි දිනක්ෂිටත් ඉඩක් දුන්නේ.

 

අනාගතයේ බලාපොරොත්තු තැබිය හැකි සිනමා නිළියට හිමි සම්මනය ලැබුණේ ඔබට මොකද හිතුණේ?

2016-09-15-ent-33ඇත්තටම සතුටුයි. මට දැනට ලැබුණු හොඳම සම්මානය තමයි මේ. හොඳ දිරිගැන්වීමක්

 

සම්මානය ලබාගත්තේ බොලිවුඩයේ සුපිරි නිළි මධුරි ඩික්සිත් අතින්.

ඔව් ඒකත් මේ සම්මානය මට විශේෂ වෙන්න එක හේතුවක්. මොකද මම පුංචි කාලේ ඉඳන් ආදරය කරන ඉන්දීය නිළියක් තමයි මධුරි ඩික්සිත් කියන්නේ. ඉතින් මට හිතාගන්න බැරි වුණා. ඒ නිසා මට ඇය අතින් සම්මාන ගනිද්දී සියලු දේ අමතක වුණා.

 

ඔබ හිතුවද ඔබට මේ සම්මානය ලැබෙයි කියලා?

අනේ නැහැ. මම සම්මාන බලාගෙන රඟපාන්නේ නැහැ. කොහොමත් මගේ ජීවිතේ මම නොහිතපු අවස්ථාවල තමා මට සම්මාන ලැබිලා තියෙන්නේ.

 

සම්මානය ලබාදෙද්දී ඇය ඔබට යමක් කිව්වා. මොකක් ද ඒ?

මම සම්මානය ලබාගන්න කලින් ඉදිරිපත් කළ නර්තනය ඇය බලාගෙන හිටියා. ඒක Perfect Dance එකක් ඒ වගේම ඒ නර්තනය ඇය ආසාවෙන් රසවින්දා කියලා කිව්වා. ඒ වගේම මම ගොඩක් ලස්සනයි කිව්වා. ඒ නිසා තමා මට හැමදේම අමතක වුණේ. මොකද ඇය වගේ කෙනෙක් මගේ ගැන එහෙම කියද්දී මට දැනුණ සතුට වචන වලින් කියන්න බැහැ.

 

එතකොට ඇයට ඔබත් යමක් කීවා?

ඔව්, මම කිව්වේ මාත් ඇයගේ නර්තනයට රංගනයට පොඩි කාලේ ඉඳන්ම ආදරය කළා, මට මේ සම්මානය ඔබේ අතින් ලැබීම ලොකු වාසනාවක් කියලා.

 

රත්තරන් පාට ලස්සන ඇඳුමකින් ඔබ සැරසිලා හිටියා. කවුද නිර්මාණය කළේ?

මගේ අම්මා තමා මට මේ ඇඳුම හදලා දුන්නේ.

 

කාගෙද අදහස?

මගේ අදහස සහ මගේ ඉල්ලීමට තමා අම්මා මහලා දුන්නේ. මොකද මම මේ ඇඳුම හදාගත්තේ ගියවර අයිෆා සම්මාන උළෙලට දීපිකා පදුකෝන් ඇඳන් ආව ඇඳුම දැකලා. මම ඇයටත් ඉතාමත් කැමැතියි. ඒවගේම ඇයගේ විලාසිතාවන්වලට මම ගොඩක් ප්‍රිය කරනවා. ඉතින් ඒ නිසා තමා මම අම්මට කියලා ඒ වගේ ඇඳුමක් හදාගත්තේ.

 

ඇඳුමට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

මේ දක්වාම ප්‍රතිචාර ලැබෙනවා. ඒ අතර හොඳ ප්‍රතිචාර වගේම මට බැණලත් ප්‍රතිචාර ලැබෙනවා. මම දීපිකාගේ ඇඳුම කොපි කරලා කියලා. මම දීපිකාගේ ඇඳුම සම්පුර්ණයෙන්ම කොපි කළේ නැහැ. අනික මම කොහේදීවත් කියන්නේ නැහැ මේක මගේම නිර්මාණයක් කියලා. මම දීපිකාගේ ඇඳුම දැකලා තමා මේ ඇඳුම අම්මට කියලා හදාගත්තේ.

 

ඔබ ජනප්‍රිය නිළියටත් නිර්දේශ වුණා.

නිර්දේශ නම් 40ක් විතර අතරින් අවසන් තුන් දෙනා අතරට මමත් ඉන්නවා කියලා දැනගත්තම මම ගොඩක් සතුටු වුණා. මට ඉතින් ඒකත් සම්මානය ලැබුණා හා සමාන සතුටක්.

 

නංගිලා දෙන්නගෙන් ලැබුණු ප්‍රතිචාර?

පි තුන් දෙනාම මේ සම්මාන සඳහා 40 අතර හිටියා. කොහොම හරි අවසාන තුන් දෙනා අතරට ආවේ මම. එයාලා දෙන්නත් මට ගොඩක් සහයෝගය දෙනවා. මම සතුටු වෙනවට වඩා එයාලා මම ගැන සතුටු වෙනවා. ලොකු නංගි නම් පොඩි විවේකයක් අරගෙන ඉන්නවා. පොඩි නංගි උසස් පෙළ විභාගය නිසා තරමක් කලා කටයුතුවලින් ඈත් වෙලා හිටියා. දැන් නම් ආයේ ඇය කලා කටයුතු පටන් අරගෙන තියෙනවා. ශේෂාද්‍රි දිගින් දිගටම සිනමා නිර්මාණවලට සම්බන්ධ වුණා නම් මට තැනක් නැති වෙන්නත් පුළුවන්. මොකද එයා ගොඩක් දක්ෂයි. ඒ වගේම කියන්න ඕනේ සිනමාවට මට වඩා එයා ගැළපෙනවා. මට වෙලාවකට හිතෙනවා එයාට ලැබෙන්න ඕන සම්මානයක් මට ලැබුණදෝ කියලත්.

 

ලැබුණු උණුසුම්ම ප්‍රතිචාරය කාගෙන්ද?

හැමදාම වගේ මගේ අම්මගෙන් සහ තාත්තාගෙන්. ඒ වගේම චන්ද්‍රන් රත්නම් මහතාගෙන් සහ ඔහුගේ බිරියගෙන්. ඒවගේම සම්මානය ගැන මතක් වෙද්දී සම්මානය ලබද්දී මධුරි ඩික්සිත් සහ මගේ godfather රංජන් රාමනායක අතින් සම්මානය ලැබීමත් ඒ අයගේ ප්‍රතිචාරත් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ වගේම ගොඩක් අය මට සුබපැතුවා. ඒ හැමෝටම ස්තූතියි.

 

අනූ

 

2016-09-13-ent-23



අදහස් (0)

මධුරි ඩික්සිත්ගෙන් දිනක්ෂිට රස රහසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 82 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 310 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site