සාර්ථක මාධ්‍යවේදියෙකුට උකුසු ඇසත්, බූරු පිටක්, ඌරු කටක් තිබිය යුතු බව පැරණි මාධ්‍යවේදියා නව මාධ්‍යවේදියට කියා දුන් බවත් උකුසු ඇසින් විමර්ශනය, තියුණු දැනුමත් පෙන්වන බවත් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා 2015 වසරේ ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානයට අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී එක්වෙමින් පැවසීය.
එසේම මාධ්‍ය වෘත්තියේ තිබෙන කටුක, දුෂ්කරතාව, දරා ගැනීමේ හැකියාව බූරු පිටක් ලෙස හඳුන්වා දී තිබෙන අතර ඕන වේලාවක ලැබෙන දෙයක් කෑමට ගැනීමට මාධ්‍ය වෘත්තියේදී සිදුවන බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. ජනතාව හා සමාජය ඉදිරියට ගෙන යන මාධ්‍ය පිරිසක් අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නිදහසේ පෑන හැසිරවීමට උපරීම ලෙස මාධ්‍ය නිදහස ලබා දී තිබෙන බවයි.
මාධ්‍යවේදීන්ගේ ගුණාත්මක බව වැඩිදියුණු කිරීමට සම්පූර්ණයෙන් ම අවධානය යොමු කර තිබෙන අතර එහිදී සහන මිලට යතුරු පැදි ලබාදීම, නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම යනාදී වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන බව ද අමාත්‍යරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාධ්‍යවේදියාට තිබිය යුතු දේ ගයන්ත කියයි
ප්‍රනාන්දු Friday, 18 December 2015 08:51 PM
ඔය කතා කියන ගමන්, රටේ ආරක්ෂාව ගැනත් වැඩි අවධානයකින් කටයුතු කළයුතුයි (නි)
කුමාර Friday, 18 December 2015 11:29 PM
මොකක්ද ඒ කතාව? ඌරෙකුගේ කටක් තිබෙන්න ඕනෑ කියන එක? (නි)
ටිකිරි Saturday, 19 December 2015 03:21 AM
කුමාර, ඌරා ඕනෑ කුණු දෙයක් කන සතෙක්නේ. හැබැයි මේ ප්‍රකාශය සෑම මාධ්‍යවේදියෙකුටම අදාළ නැහැ. කොන්ද කෙළින් තියාගෙන නිර්භයව කටයුතු කරන අය අපි අගය කළයුතුයි (නි)
ජයරත්න Saturday, 19 December 2015 04:14 AM
බූරු පිටක් වෙනුවට ඌරු පිටක් තිබුණා නම් ඌරාගෙ මාලු ඌරාගෙම පිටේ තියලා කපන්න තිබුණා. (නි)
අමල් Friday, 18 December 2015 11:28 AM
සියලු දෙනාටම මාගේ සුබ පැතුම්. (ර)
ගිහාන් Saturday, 19 December 2015 06:21 AM
ජයරත්න සමඟ මම එකඟයි. මේ කියන සියළු දේ සමඟ මටත් එකඟවෙන්න බැහැ (නි)
කිත්සිරි Friday, 18 December 2015 12:56 PM
නියම කතාව! (නි)
උදය Saturday, 19 December 2015 06:20 AM
ටිකිරි හරි. මාධ්‍යවේදීන් සෑම දෙනාටම මෙය අදාළ නැහැ (නි)
රන්ජිත් Saturday, 19 December 2015 06:21 AM
මාධ්‍යවේදියා තමයි රටේ ඇති වැදගත් තොරතුරු දැනගැනීමට අපිට ඇති එකම මාර්ගය (නි)
අබරන් Saturday, 19 December 2015 08:20 AM
ඔය දේශපාලක තුමා ඔය කතාව දර්පන තලයක් ඉදිරියට ගොස් කීවා නම් අදාළ පුද්ගලයාට නියමෙට හරියනවා (අ).
නන්දලාල්-ප්‍රංශය Monday, 21 December 2015 12:43 AM
මාධ්‍යවේදීන්ට රැකියාව හරිහැටි කරගන්න අවශ්‍ය උපාංග දෙකක් තිබිය යුතුමය. එනම් නිවැරදිව, මධ්‍යස්ථව කල්පනා කිරීමට "මොළයක්" සහ නිවැරදිව ලිවිම සඳහා "පෑනකු"ත්ය...... (නි)
ඇන්ටන් Friday, 18 December 2015 09:30 AM
මේ ගුණාංග නිවැරදිව පිහිටලා තියෙන්නේ අපේ ලොක්කන්ටයි (බ)