සාර්ථක මාධ්‍යවේදියෙකුට උකුසු ඇසත්, බූරු පිටක්, ඌරු කටක් තිබිය යුතු බව පැරණි මාධ්‍යවේදියා නව මාධ්‍යවේදියට කියා දුන් බවත් උකුසු ඇසින් විමර්ශනය, තියුණු දැනුමත් පෙන්වන බවත් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා 2015 වසරේ ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානයට අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී එක්වෙමින් පැවසීය.
එසේම මාධ්‍ය වෘත්තියේ තිබෙන කටුක, දුෂ්කරතාව, දරා ගැනීමේ හැකියාව බූරු පිටක් ලෙස හඳුන්වා දී තිබෙන අතර ඕන වේලාවක ලැබෙන දෙයක් කෑමට ගැනීමට මාධ්‍ය වෘත්තියේදී සිදුවන බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. ජනතාව හා සමාජය ඉදිරියට ගෙන යන මාධ්‍ය පිරිසක් අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නිදහසේ පෑන හැසිරවීමට උපරීම ලෙස මාධ්‍ය නිදහස ලබා දී තිබෙන බවයි.
මාධ්‍යවේදීන්ගේ ගුණාත්මක බව වැඩිදියුණු කිරීමට සම්පූර්ණයෙන් ම අවධානය යොමු කර තිබෙන අතර එහිදී සහන මිලට යතුරු පැදි ලබාදීම, නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම යනාදී වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන බව ද අමාත්‍යරයා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කතා කියන ගමන්, රටේ ආරක්ෂාව ගැනත් වැඩි අවධානයකින් කටයුතු කළයුතුයි (නි)
මොකක්ද ඒ කතාව? ඌරෙකුගේ කටක් තිබෙන්න ඕනෑ කියන එක? (නි)
කුමාර, ඌරා ඕනෑ කුණු දෙයක් කන සතෙක්නේ. හැබැයි මේ ප්‍රකාශය සෑම මාධ්‍යවේදියෙකුටම අදාළ නැහැ. කොන්ද කෙළින් තියාගෙන නිර්භයව කටයුතු කරන අය අපි අගය කළයුතුයි (නි)
බූරු පිටක් වෙනුවට ඌරු පිටක් තිබුණා නම් ඌරාගෙ මාලු ඌරාගෙම පිටේ තියලා කපන්න තිබුණා. (නි)
සියලු දෙනාටම මාගේ සුබ පැතුම්. (ර)
ජයරත්න සමඟ මම එකඟයි. මේ කියන සියළු දේ සමඟ මටත් එකඟවෙන්න බැහැ (නි)
නියම කතාව! (නි)
ටිකිරි හරි. මාධ්‍යවේදීන් සෑම දෙනාටම මෙය අදාළ නැහැ (නි)
මාධ්‍යවේදියා තමයි රටේ ඇති වැදගත් තොරතුරු දැනගැනීමට අපිට ඇති එකම මාර්ගය (නි)
ඔය දේශපාලක තුමා ඔය කතාව දර්පන තලයක් ඉදිරියට ගොස් කීවා නම් අදාළ පුද්ගලයාට නියමෙට හරියනවා (අ).
මාධ්‍යවේදීන්ට රැකියාව හරිහැටි කරගන්න අවශ්‍ය උපාංග දෙකක් තිබිය යුතුමය. එනම් නිවැරදිව, මධ්‍යස්ථව කල්පනා කිරීමට "මොළයක්" සහ නිවැරදිව ලිවිම සඳහා "පෑනකු"ත්ය...... (නි)
මේ ගුණාංග නිවැරදිව පිහිටලා තියෙන්නේ අපේ ලොක්කන්ටයි (බ)