ලංකාදීප වාරණ මාධ්‍යවේදී ආනන්ද ජයකොඩි මහතාට නිට්ටඹුව නගරයේදී පහරදී මරණ තර්ජන කළ බව කියන සැකකරු චෝදනා පත්‍රය ඉදිරිපත් කළ පසු වරද පිළිගන්නා බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා ඔහුට තරයේ අවවාද කොට රුපියල් ලක්ෂ හයක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළේය.
නිට්ටඹුව වේයන්ගොඩ පාර පදිංචි ඒ.ඒ.ජයතිස්සට එසේ ඇප නියම වූ අතර නිට්ටඹුව නගරයේ පාගමනක් යද්දී පුවත්පතේ පළවූ ජයකොඩි මහතාගේ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් විමසා පා පහරක් එල්ල කොට පරුෂ චනයෙන් බැන වැදී මරණීය තර්ජන එල්ල කළැයි ඔහුට එරෙහිව නඩු පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ. මෙහෙම වැඩ නොකරන්න මේ දඬුවම අනෙක් අයටත් හොඳ පාඩමක් (නි)