පසුගිය ආණ්ඩුකාලයේ එල්ලවූ බව කියන තර්ජන නිසා වෙනතත් රටකට ගොස් ජනවාරි අට වැනි දා ආණ්ඩු මාරුවෙන් පසු ලංකාවට ආ මාධ්‍යවේදී ශාන්ත විජේසූරියගෙන් රහස් පොලිසිය අද පැය හතරක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් ඔහු ලියූ දෑ සහ කුමාර් ගුණරත්නම් සම්බන්ධයෙන් ඔහු ලියූ දෑ ගැන රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ.

එක්නැලිගොඩ අතුරුදන්වීමට සැක කවුරුන්දැයි තමාගෙන් විමසූ බවත්, ඊට රහස් පොලිසිය හා බුද්ධි අංශය ද සැක බව තමා පළිතුරු වශයෙන් කී බවත් විජේසූරිය මහතා කීවේය.