බම්බලපිටියේ රූපලාවන්‍ය සායනයකදී වෛද්‍යවරියක මිය යාමේ සිද්ධියෙන් පසු රිමාන්ඩ් බාරයට පත්කළ දොස්තර නිමල් ගමගේ සමග හිරගෙදරදී මාධ්‍යවේදියකු පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය අද උසාවි නියෝගයක් ගත්තේය. මාධ්‍යවේදියා බන්ධනාගාරයට ගිය දිනයේ සීසීටීවි කැමරාවල දර්ශනද අමුත්තන්ගේ පොතේ විස්තරද බන්ධනාගාර නිලධරයන්ගේ කටඋත්තරද පොලිසියට සපයන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්.සහාබ්දීන් මහතා බන්ධනාගාරයට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕකට නම් අපිව ගාව ගන්න එපා (දී)
මට පිස්සු හැදෙයි හලෝ මේ විදිහට ගියොත් (දී)
ප්‍රදීප් එක්නැලිගොඩ ගේ දරු පවුල දිහා බලන්නලු.. මොනවා බලන්නද? සැපෙන් ඉන්නවා..බලන්නකෝ වසරකට පාරක් රට සවාරි ගිහින් මේ රටට අවමන් කරලා එන හැටි.එක්නැලිගොඩ කියන්නේ කවුද..අපිනම් දන්නේ මේ අතුරුදන් වුනා කිව්වට පස්සේ..අතුරුදන් කරන්න මේ රජයට ඕනනම් එයිට වඩා සියදහස් ගුණයක් දරුණු විදියට රජය විවේචනය කරන මාධ්‍ය වේදීන් මේ රටේ යහතින් ඉන්නේ කොහොමද?බලන්නකෝ සති අන්ත පත්තරයක් අරන්.ආණ්ඩුව පට්ට ගහන හැටි.මේ එක්නැලිගොඩ බටහිර රටක සුවසේ ඉන්නවා.. ඔහුට අනතුරක් කරන්න මේ රටේනම් කාටවත් අවශ්‍ය උනේ නැහැ.. දැන් එයාට එලියට එන්න බැහැ එයාව අලෙවි කල විදියට..(දී)
ප්‍රවීණ, ජන ප්‍රසාදය දිනාගත් මාධ්‍යවේදියෙක් වන එතුමා රටේ නීතිය නොදැන ඉන්න විදියක් නැහැ. (දී)
ඕක සොයන්න ලොකු දෙයක් නෙමේ . ගිය වෙලාව සොයා අසා එවෙලේ එදා රාජකාරී කර නිලදරින්ගෙන් ප්‍රශ්න කරාම හරි , කොහොමද ? මොකටද ? ඇයි යන්නට දුන්නේ ? නීතියෙන් යන්නට ඉඩක් තිබේද ? මේවා සොයා බෙලුවම හරි (දී)
සුනිල් මාපලගම කියන කතාව හරි. සමහර අය නම පවා වෙනස් කරලා යුරෝපා රටවලින් දෙන දීමනා වලින් සහ ජ්‍යාත්‍යන්තර මාධ්‍ය ආධාර මත හොදින් ඉන්නවා. (දී)
යථාර්තය මහජනතාවට දැනගැනීමට සැලැස්වීම මධ්‍යයේ වගකීමයි. මේ ගැන මේ තතරම් හොයන්න ඔවුන් මහජනයාගෙන් වසන් කල යම් රහසක් ඇති. (දී)
අනේ ඔයගමන් පොඩ්ඩක් හොයල බලන්නකෝ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියාට මොකද වුනේ කියල, (අ)
ඔය අතුරුදහන් වූ බොහෝ මාධයවේදීන් ඉන්නේ යුරෝපයේ , ආරක්ෂා සහිතව එම රටවලින් ලැබන දීමනා වලින් , හොරෙන් සමන්ත්‍රණ වලට යනවා , බොහෝ අය දන්නා එහෙත් රහසක් (අ)
මාධ්‍යවේදියා කර තිබෙන්නේ නීතියට එකඟ දෙයක් නම් මොකක්ද ප්‍රශ්නය? හැබැයි, ඉතින් නීතියට එකඟ දේවල් කරලත් අඬු කඩාගන්න වෙන රටේ මේවා පුදුම වෙන්න දේවල් නෙමෙයි. (නි)
සුනිල් මාපලගම සොයුර, මට ඔබගේ අදහසට එකඟ විය නොහැකියි, ප්‍රගීත් එක්නැලිගොඩ කියන්නේ අපරාධ කාරයෙක් නොවෙයි, අපේ රටට මහ පරිමාණයෙන් කෙනහිලිකම් කල අය අද ලොකු පුටුවල වැජබෙනවා, ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා දිහා බලන ඕනෑම කෙනෙකුට හිතෙනවා ඔහුට සිදුවූ විපත ගැන, (අ)
මෙහි අදහස් පළකර සමහර අය හිතන්නේ ඔවුන් දාන බොරුවලට ඔවුන්ට කිසිම ප්‍රශ්නයක් දඬුවමක් නැහැ කියල බලාගෙන ස්වභාව ධර්මය පවා බොරුව අනුමත නොකරන බව එවැනි අයට ලැබෙන දඬුවම් ලැබෙන්නේ ස්වභාව ධර්මෙන් වගේම ඒ දඬුවම් දෙසපලකයන් හෝ පන්දම් අල්ලන අයට කියා ලිහිල් කර ගත නොහැක (අ)
සුනිල් මපලගම් ඔබ අර අහිංසක දරුවෝ දෙදෙනෙකුටත් ප්‍රගීත් මහතාගේ දයාබර බිරිඳටයි අවමන් නොකරන්න ඔබ කියූ බොරුවට ඔබ යම් දවසක් වින්දවාවී (අ)
මෙයට නීතිය පැත්තෙන් බාධාවක් තියෙනවද? (නි)
ඒ වුණාට එයා ලියපු විස්තරය නිසානේ අපි හැමදේම දැනගත්තේ (නි)