තමා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගත්තැයි සන්ඩේ ලීඩර් මාධ්‍යවේදී ආතර් වාමනන් සොර්ණලිංගම් පොලිසියට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කැර ගත්තේය. ඔහුට එරෙහිව මහේස්ත්‍රාත් උසාවියේ පවරා තුබූ නඩුව අවසන් කැර ඔහු නිදහස් කිරීම නිසා ඒ පියවර ගත් බව ඔහුගේ නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කීහ. ඇමැති මනෝ විජේරත්න මහතාගේ බිරියගේ ජංගම දුරකතන බිල, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් ගෙවූ බව කියන සිද්ධියක් සන්ඩේ ලීඩර් පත්‍රයේ පළ නොකිරීම සඳහා රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලා සිටි බවට ලද පැමිණිල්ලක් අනුව 2007.10.25 වැනි දා ඔහු රිමාන්ඩ් කැරිණි. ඊට පසුදාම ඔහුට ඇප දුන් එවකට ගල්කිස්ස මහේස්ත්‍රාත් අයේෂානි ජයසේන මහත්මිය රහස් පොලිසියට පැවැසුයේ සමාජයේ යහපත තකා දුෂණ හෙළි කරන මාධ්‍යවේදීන් බොරු නඩුවලට නොපටලවන ලෙසයි.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
මාධ්‍යවේදියා නිදහස්
අමිල Tuesday, 12 June 2012 07:42 PM
මාධ්‍යවේදීන්ට කරන කෙනෙහිලිකම් ගැන මගේ පිළිකුළ ප්‍රකාශ කරමි...
රංගා ශානි Tuesday, 12 June 2012 11:05 PM
මාධ්‍යවේදීන්ට සිදුකර කෙණෙහිලිකම් වහාම නතරකළ යුතුයි.
මනෝගෙ පවුල... Wednesday, 13 June 2012 01:52 AM
රුපියල් ලක්ෂ 50ක් දෙන්න තියෙනවනම් ජංගම දුරකතන බිල නොගෙව ඉන්නවයැ... මෙයාලට පිස්සු අනේ...
වරැණ Tuesday, 12 June 2012 05:32 PM
ඔන්න ගොරක දඩමස් කරපු තවත් කතාවක්...
හෙළයා Tuesday, 12 June 2012 05:44 PM
එතකොට ඇමති ට මොකද උනේ? එයාගෙ බිරිදගේ දුරකථන බිල ඇයි රජයෙන් ගෙවන්නේ? අපේ සල්ලි. ජනතාවට කන්ඩ නැහැ..රජයේ රෝහලකට ගිහින් බෙහෙත් කරන්ඩ විදිහක් නැහැ අපි බදු ගෙවන්නේ මේගොල්ලන්ගෙ බිරිදලගෙ බිල් ගෙවන්නද?
ගාල්ල කොලුවා Tuesday, 12 June 2012 06:27 PM
අධිකරණයේ ස්වාධීනත්වයට හිස නමා ගරුකරමි... කොන්ද කෙලින් තියෙන විනිසුරු නෝනල මහත්තයල ආරක්ෂා වේවා... !!
දුමින්ද Wednesday, 13 June 2012 10:06 AM
විනිසුරු නෝනාට අපේ උපහාරය! ඔබට දීර්ඝායු!
ෂාන් Tuesday, 12 June 2012 05:51 PM
අපේ සිරි සැප දෙන සිරි ලංකාව තමා මේක... හිත් හික්.. හික්..
රජිත මංජුල Tuesday, 12 June 2012 05:54 PM
පොලිසිය ගොරක දඩම්ස් කරනවාලු කියල මම අහල තියෙනවා...
අලිබබා Tuesday, 12 June 2012 07:32 PM
සමාජයේ යහපත තකා දුෂණ හෙළි කරන මාධ්‍යවෙිදීන් බොරැ නඩුවලට පැටලවීම හොද දෙයක් නොවෙි.