ජනමාධ්‍යවේදීන්ට යම් තර්ජනයක් හෝ බලපෑමක් එල්ල වනවා නම් එය හෙළා දකින බව ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා කීවේය.
ඔහු මේ බව කීවේ අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් දිගින් දිගටම නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.
කිරිඇල්ල ඇමැතිවරයා මාධ්‍යවේදියකුට බැණ වැදුණැයි කියන සිද්ධිය හා වරාය සභාපතිවරයා මාධ්‍යවේදියකුට බලපෑම් කළැයි කියන සිද්ධිය ගැන ජනමාධ්‍යවේදීන් දිගින් ගිටම ජනමාධ්‍ය ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය.
මේ සිදුවීම් හෙළා දකින බව නොකියන්නේ ඇයිදැයි ප්‍රශ්න කරද්දී ඇමැතිවරයා එලෙස කීවේය.
ප්‍රශ්නය - එක්සත් ජාතික පක්ෂයේ ජන රැලියක් නිසා මාර්ග අවහිර වෙද්දි කිසි දෙයක් නොකළ පොලිසිය එදිනම විශ්ව විද්‍යාල සිසුන්ගේ පාගමකට කඳුළු ගෑස් ගහනවා?
පිළිතුර - උද්ඝෝෂණ කරද්දි එහෙම තමයි.
ප්‍රශ්නය - එජාප ජන රැලිය නිසා පාරවහල් අවහිර වෙද්දි බලාගෙන ඉඳා විශ්ව විද්‍යාල ළමයින්ට කඳුළු ගෑස් ගැහුව එක හරිද?
පිළිතුර - උද්ඝෝෂණ තියෙද්දි පාරවල් අවහිර වෙනවා.
ප්‍රශ්නය - එකම දිනයේ එජාප රැලියට එක විදියකටත්, සිසුන්ගේ පාගමනට එක විදියකටත් සලකන්නේ කොහොමද?
පිළිතුර - එය පොලිසියන් අහන්න. මං පොලිසියේ නෙමේනේ.
ප්‍රශ්නය - වරාය සභාපති මාධ්‍යෙවේදීන්ට තර්ජනය කළ බවට පොලිසියට පැමිණිලි ලැබුණා. ඊට පෙර උසාවියෙදි මාධ්‍යවේදීන්ගේ සටහන්පොත් උදුර ගත්තා. ඒ සම්බන්ධයෙන් ඔබ මොකද කියන්නේ?
පිළිතුර - සිද්ධි දෙකක් පමණක් වාර්තා වුණා. එකපාරට ආණ්ඩුවක් අරගෙන සිද්ධියක් දෙකක් ගැන පමණක් ඇසීමට ලැබීම ගැන මම සතුටු වෙනවා.
ප්‍රශ්නය - කිරිඇල්ල ඇමැතිවරයා මාධ්‍යවේදියකුට කුණුහරපෙන් කතා කළ බව වාර්තා වුණා. ඒ ගැන ජනමාධ්‍ය ඇමැති ලෙස ඔබ මොකද කියන්නේ?
පිළිතුර - මම එහෙම කතා කරන්නේ නෑ
ප්‍රශ්නය - කැබිනට් ඇමැතිවරයකු වන කිරිඇල්ල ඇමතිවරයා කතා කළ ආකාරය හරිද?
පිළිතුර - ඉඳලා හිටලා වචනයක් එහෙ මෙහෙ වෙන කතාවක් විතරනෙ අද තියෙන්නේ. සුදු වෑන් එකක ගෙනිච්චයි කියන්නේ නෑ. ඝාතනය කළා කියන්නේ නෑ. අතපය කැඩුවා කියන්නේ නෑ. කොණ්ඩ කැපුවා කියන්නේ නෑ. බයට පිටරට යන්න වුණා කියන්නේ නෑ.
ප්‍රශ්නය - සුදුවෑන් නැති වුණා කියලා මාධ්‍යවේදීන්ට බනින්න හෝ සුළු සිදුවීම් සිදුවුණාට කමක් නෑ කියලද ඔබ කියන්නේ?
පිළිතුර - සුළු සිදුවීමක්වත් ඇති වෙන්න ඕනෑ කියා මම කියන්නේ නෑ. අපි උත්සාහ කරමු ඉස්සරහට කිසිම සිද්ධියක් ඇති නොවන ලෙස වැඩ කරන්න.
ප්‍රශ්නය - ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස ඔබ මේ සිදුවීම් හෙළා දකින්නේ නැද්ද?
පිළිතුර - ඔබට නිවුස් පසුව තියෙයි.
ප්‍රශ්නය - මේ සිදුවීම් හෙළා දකිනවා කියන වාඛ්‍ය කෑල්ල කියන්න බැරිද? බයයිද?
පිළිතුර - මාධ්‍යවේදීන්ට යම් තර්ජනයක් වෙනවා නම්, බලපෑමක් වෙනවා නම් අපි එය හෙළා දකිනවා කොහොමත්. ඒකටනේ අපි බලේ ගත්තේ. එකටනේ අපි ආණ්ඩුවක් හැදුවේ.
(වීඩියෝ හා ඡායාරූප - කෞෂල්‍ය සමින්ද)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා මාධ්‍යවේදීන් කතා කරන විදිය ලොක්කාට කියලා දෙන්න (බ)
අඩම් තේට්ටම් වෙන එකක් නෑ ලක්ෂ්මන් ඈමෑති කිවුව ඒක ඉවරයි කතා කිරීමේ අයිතිය තියෙනව කියල .ජනමාධ්‍ය ඈමෑති තුමෝ ඊට වඩා හොද නෑද්ද අර අපිට ලක්ශ දෙකහමාරක් පොලියට දීලා බයිසිකලයක් ගන්න කියන එක සාධාරනද කියල පෝඩ්ඩක් හිතල බෑලුවොත් හොද නෑද්ද ඇමැති තුමෝ(බ)
ජනමාධ්‍ය ඇමති වුණාට කෙලින් අහන ප්‍රශ්න වලට පිළිතුර දෙන්නට ශක්තියක් නැහැ වාගේ , හෝ එම පිළිතුරු දීමෙන් තමන්ගේ රජයටත් වගකීමක් දරන්න වේ කියා බියක් ඇතුවා වාගේ (බ)
මාධ්‍යෙව්දීන් වෙනුවෙන් යමක් කිරීමේ උවමනාව ගයන්ත ඇමති තුමාට තියෙන බව පේනවා. (ර)
හෙළා දැක්කම ඔක්කොම හරියනවද (බ)
මොවුන්ට ජනවරම ගැන අවබෝධයක් නැහැ. නොතේරුම්කම නිසා අවුරුදු ගානක් බලය දුන්නේ නැහැ. (නි)
මමත් යහපාලනයක් බලාපොරොත්තුවෙන් ඡන්දය දුන්නේ. ඒක කරන හැටි පේනවා (නි)
විපක්ෂයේ සිටියදී කෙළින් කතාකරන්න තිබුණ හයිය ආණ්ඩුවට ආවහම සමහරුන්ගෙන් අතුරුදහන් වෙන හැටි! (නි)
මාධ්‍යෙව්දීන්ට හැමදාම වුණේ කෙණෙහිලි. ඔවුන්ට දැන්වත් සාධාරණයක් ඉටුවිය යුතුයි (නි)
මාධ්‍යවේදීන්ට අඩම්තේට්ටම් කිරීම අනුමත කරන්න බැහැ. එ්ත් ඔය විදියට ප්‍රශ්න කරන්න හරි නිදහස තියෙන එක ගැන සතුටු වෙන්න පුළුවන්. මොකද ඉස්සර ඔහොම ප්‍රශ්න අහන්න කවුරුවත් ඉදිරිපත්වුණ බවක් මම නම් දැකලා නැහැ. (නි)
හෙළාදකින්න තමයි මෙයාලා හැමදාම දන්නේ (නි)
ඇමතිතුමාට දැන්නම් තේරෙනවා ඇති ආණ්ඩු කෙරුවාවත් ලේසිපහසු නොවන බව. (නි)
ඇඟ බේරාගෙන උත්තර දීලා ගැළවෙන්නයි බලන්නේ (නි)
ඇමති තුමෝ...ඔබතුමන්ලාට අමතකද මාධ්‍යවේදීන්ට ඔබතුමන්ලාගේම ආණ්ඩු කාලවලදී කරපු හරිය ?? රිචර්ඩ් දී සොයිසා, ප්‍රේමකීර්ති වගේ මාධ්‍යවේදීන්ට කරපු දේවල් අමතකද ? ඔය කොණ්ඩා කප්පපු උදවියත් දැන් ඔබතුමන්ලා එක්ක නේ ඉන්නේ? ඔබතුමන්ලා මොනවහරි කළොත් ඒවායින් ගානට ලෙස්සිලා යනවා...."රාජපක්ෂ" නමක් තියන කෙනෙක්ගේ අතින් ඔහොම වුණා නම්....මරහඬ දීලා ඉවරයී....ලැජ්ජයී !! (බ)
ඒ වගේම, පහු ගිය ආණ්ඩු සමයේ මාධ්‍ය නිදහසක් නොතිබුනා නම්, "රාවය" පත්තරේ ලියන කට්ටියම මේ වෙනකොට අඩි 6 ක් වැළලිලා තියෙන්න ඕනේ. අගමැති තුමා පාර්ලිමේන්තුවේ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් හැසිරුණු (වියරු) ආකාරයෙන් නියමෙට පැහැදිලි වෙනවා (බ)
මේ දෙන පිළිතුරු වලින් අපිට සැබෑ වෙනස පෙනෙනවා. මෙයද යහපාලනය? (නි)
මාධ්‍යවේදියාට ශ්‍රී ලංකාවේ සැලකීම ඇත්තටම සෑහීමකට පත්වෙන්න බැහැ බටහිර සහ යුරෝපයේ මාධ්‍යවේදීන්ට තියෙන ගරුත්වය සහ සැලකීම බැලුවම ලංකාව අන්තිමයි.ජීවිත කාලෙන් කොටසක් වැය කරලා තමන් සතු සියල්ල වැය කර ලැබුව අධ්‍යාපනයෙන් තම ජීවිතේම කැප කරන්නේ රටේ සියලුම ජනතාව වෙනුවෙන් ජීවත්වෙන තම රටේ ගහ කොළ සතා සීපාවා පරිසරය සහ ඒ හැම රැකගන්න ඒ සියල්ලට වන අසාධාරණයන් වෙනුවෙන් හඩක් නගුවානම් ඒ මේ අපක්ෂපාතී මාධ්‍යවේදියා පමණයි....? (බ)
හෙළා දැකීම කොහොම වෙතත් රට ජාතිය ගැන හැඟීමක් නැති දේශපාලකයින් නම් අපි දකින්නවත් කැමති නැහැ (නි)
නියමයි චමල්, මට කියන්න අවශ්‍ය වුණ දේ ඔයා කියලා තියෙනවා (නි)
මෙහෙම ගැලවිජ්ජාවට උත්තර දෙද්දීත් තව මොනවට අහන්න ගියාද මන්දා මේ මහත්තුරු (නි)
ක්‍රම ක්‍රමයෙන් මෙවැනි වැඩකට නැති ඇමතිවරුන් ජනතාවගෙන් මාධ්‍යවේදීන්ගෙන් ප්‍රතික්ෂේප වීම හොඳ දෙයක්. මෙවැනි පෙරපාසල් මට්ටමේ පිළිතුරු හමුවේ ඒවා ගැන දිගින් දිගටම ප්‍රශ්න කිරීම ගැන මගේ ප්‍රණාමය. (නි)
අනේ අම්මපා, වැදගත් නිලයක් හොබවන කෙනෙක් වගකීමකින් දෙන පිළිතුරුද මේ? (නි)
කට බොරු කිවුවත් දිව බොරු නොකියන බව පෙනේ (නි)
අද දේශපාලනය තමන්ගේ වාසියට ඕනෑම ජරා වැඩක් කරන, තමන්ගේ ගැළවීම සඳහා ඕනෑම බොරුවක් කියන රැකියාවක් බවට පත්වෙලා (නි)
මාධ්‍යය වේදියා යනු කවරෙක්ද යන්න මට මෙතන ඉන්න කවුරු හරි නිර්වචනය කරලා දෙන්න පුලුවන්ද? (ර)