මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ නම් ප්‍රකාශ කිරීම හැර තමා කිසිම මාධ්‍යවේදියෙකුට තර්ජනය කළේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (29) ප්‍රකාශ කළේය.

අමාත්‍යංශ නිවේදන යටතේ ප්‍රකාශයක් කරමින් ඒ බව සඳහන් කළ අගමැතිවරයා එහිදී මෙසේද කීය.

මා ඊයේ කළ කතාවෙන් පසුව මන්ත්‍රීවරයෙක් මේ සභාවේ ප්‍රකාශයක් කරල තියෙනවා මම   මාධ්‍යවේදීන්ට තර්ජනය කළා කියලා.

සිසිර ජයකොඩි ඒ මන්ත්‍රීවරයා කියන පරිදි මම තර්ජනය කළේ නැහැ. නම් කළා ඒවා පිටුපසින් ඉන්නේ කවුද කියලා. ඒක මගේ අයිතියක් නොවෙයිද?

මේ අය ඉල්ලනවා තොරතුරු දැනගැනීමේ පනතක් ගේන්න කියලා. ඔන කෙනෙක් නම් කරන්න පුළුවන්. මේ අය නම් කරන්න බැහැ.

අයිලන්ඩ් පත්‍රයේ කොච්චර දුරට වැටුනාද? සිසිර ජයකොඩි නග්ගලා ගන්නවා තව මොනවද ඉතින්, මගේ මිත්‍ර සිසර ජයකොඩි නග්ගලා ගනන්නවා.

මම මෙතැන ප්‍රකාශ කළේ මාධ්‍ය ඇතුලෙන් එන අදහස්. ඒවා දේශපාලඥයන්ගේ අදහස් නොවෙයි.

මෙතැන දැන් වෙලා තියෙනන්නේ මාධ්‍යයේත් බමුණු කුලයක් තියෙනවා. ඒක ඇති කළේ මහා බ්‍රහ්මයා ඉන්න කාලේ. එයා තෝරා ගන්නා මේ අය විතරයි යන්නේ. අනික් අය නොවෙයි කියලා.

දැන් ඒ බමුණු කුලේට තේරෙන්නේ නෑ ඒ බමුණු කුලේ වසලයෝ වෙලා කියලා.

මේ මාධ්‍යයේ ඉන්නවා මාධය නිදහස වෙනුවෙන් සටන් කරපු අය. දැන් අපි අහන්න ඕනා ඒ අය කියන ඒවා නොවෙයිද? මහා බ්‍රහ්මයාගේ බමුණු කුලේ අපට දැන් වැඩක් නැහැ. ඒ අය දැන් වසලයෝ වෙලා.

මම කළේ නම් කිරීම විතරයි. මන්ත්‍රීවරු නම් කරන්න පුළුවන් නම් ඇයි අපට බැරි මාධ්‍යවේදීන් නම් කරන්න.

මහා බ්‍රහ්මයා එක්ක දඩයමේ ගිය කෑව, බිව්ව අය අපට වැඩක් නැතැයි ද අගමැතිවරයා කීය.