
(අංජුල මහික වීරරත්න)
මෙරට රජයේ රෝහල් පද්ධතියේ කිසිදු ආකාරයකින් ඖෂධ හිඟතාවයක් ඇති වීමට ඉඩ නොතබන බවත්, එම ඖෂධ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා අවශ්‍යවන යාන්ත්‍රණය මේ වන විට ශක්තිමත් ව ක්‍රියාත්මකවන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව කීවේ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන්හොන් (Qi Zhenhong) මහතා අතර පැවති විශේෂ හමුවක් අතරතුර දී ය.සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම හමුව පැවැත්විණි.
ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින ශක්තිමත් මිත්‍රතත්වය තව තවත් වර්ධනය කරගැනීම සහ මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත්ව සහ විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබදව එමෙන් ම මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම අරමුණු කර ගනිමින් මෙම හමුව පැවැත්විණි.
සාකච්ඡාව ආරම්භයේ දී ම අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන්හොන් (Qi Zhenhong) මහතා මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිරත ජනමාධ්‍යවේදීන්ට ජනමාධ්‍ය පුහුණු වැඩසටහනක් නුදුරු දිනයක දී ම චීනයේ දී පැවැත්වීමට අවශ්‍ය සැලසුම් මේ වන ක්‍රියාත්මක කර තිබෙන බව ද පැවසී ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහසේ තමන්ගෙ රස්සාව කරන හැටි හොඳටම ඉගෙනගනී:))
ටික ටික ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න, චීනෙන් මාධ්‍ය පුහුණුවක් ගන්නවා කියන්නේ තනිපක්ෂ පාලනයක් තියෙන ඒකාධිපති රටක මාධ්‍ය භාවිතය කොහොමද කියලා ඉගෙන ගන්න එකට තමයි. ලංකාවේ ආණ්ඩුවත් ආසා එහෙම ඒකාධිපති ආණ්ඩුවක් හදන්න වගෙයි.
මාධ්‍ය නිදහසක් නැති රටක මාධ්‍යවේදීන් පුහුණු කරන්නේ මොන අරමුණකින්ද?