ඇඹිලිපිටිය අධිකරණයේ දී මාධ්‍යවේදීන්ගේ සටහන් පොලිස් කොස්තාපල්වරයකු විසින් උදුරා ගැනීම සම්බන්ධයෙන් අද (13) මාධ්‍යවේදීහු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට පැමිණිලි කළහ.
සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා එම පොලිස් කොස්තාපල්වරයාගෙන් ප්‍රශ්න කර ඇති බවත්, උසස් පුද්ගලයකුගේ නියෝග අනුව එලෙස කළ බව පොලිස් කොස්තාපල් කී බවත් පොලිස් ආරංචි කියයි.
එසේ නම් සටහන්පොත් නැවත දුන්නේ ඇයිදැයි විමසූ විට කොස්තාපල් කියා ඇත්තේ මාධ්‍යවේදීන්ට සාක්කි සටහන් කර ගැනීමට අයිතියක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා උසාවි රෙජිස්ටාර්ට දැන්වීමෙන් පසු ලබාගත් සටහන් නැවත දුන් බව ඔහු කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරියන වැඩක් නෙවෙයි. හැමදාම, වගකිවයුතු පොලිස් නිලධාරියෙක් මොකක් හරි පිස්සුවක් නටනවා. එක එක දේශපාලුවන් ගේ හෙංචයියො රිංගලද? නැත්නම් පොලිස් අභ්‍යාස විද්‍යාලෙ උගන්නන්නෙ ත්‍රී වීල් කාරයොද?(කෞ)
ඇයි එදා කිවුවේ මාධ්‍යවේදීන්ට දැන් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ නිසි අයිතිය තිබෙනවා කියලා (නි)
මට පෙන්නේ කඩේ තියෙන්නේ පරණ බඩු විතරයි. වෙනස් කරලා තියෙන්නේ, බෝඩ් එක පමණයි .(කෞ)
මට නම් මේවා හරිම හිනායන කතා. (නි)
තවමත් පරණ පාලනය වගේ නේද තිබෙන්නේ? ඉහළ අයගේ උවමනාවටලු මේ දේවල් වෙන්නේ. (නි)
පරණ කේක් අලුත් මිලට (කෞ)
මෙයාලා හත්පොළේ ගාගන්නවා. මොනවද මේ වැඩ? (නි)
මෙහෙම රටකනේ අපි ඉන්නේ (නි)
පොලිසියේ වැඩ ඔක්කොම දැන් දුරස්ථ පාලනයකින් සිදු වෙනවා වගේ නේද ? (ම)
කවුද ඔය කියන උසස් යැයි කියන පුද්ගලයා..? (නි)
දැන් කිව්වේ අරලිය ගහ මන්දිරෙන් ඕසර්ස් දෙන එක ඉවර කලා කියල නේ? (කෞ)