පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් විවේචනය කිරීම හෙළා දකින බව අද (29) ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් බොරැල්ලේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසූහ.
ඉදිරියේදී මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටින බවද ඔවුහු කීහ.
අගමැතිවරයාට ‘මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක්‘ ප්‍රතිපත්ති මාලාව අමතකව ඇති බවද තෙරුවන් නමදින ආකාරය මතක තිබුණේ නිතර කියැවෙන නිසා බවත් එම ප්‍රතිපත්ති ප්‍රකාශනය නිතර කියවා මතකයේ තබාගත යුතු බවද උදය ගම්මන්පිල මහතා එහිදී කීවේය.
බොදුබල සේනා සංවිධානයේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අත්වූ ඉරණම ගැන ඒකාබද්ධ විපක්ෂය සතුටු නොවන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
එහිදී දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා කියා සිටියේ “නීතිය කාටත් එක හා සමානයි. එය අවතක්සේරු කරන්න බැහැ. නමුත් භික්ෂූන් වහන්සේ කෙනෙකුට අප තුළ තිබෙන්නේ නිතැතින්ම ගෞරවයක්.ඒ නිසා උන්වහන්සේට අත් වුණ ඉරණම ගැන අපි සතුටු නැහැ.” යනුවෙනි.
වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සතුටුයි යහපාලනය ගැන (නි)
දිනේෂ් ගුණවර්ධන මහතා මෙයින් අභියෝග කරන්නේ අධිකරණයට නොවේද? රටේ නීතියට නොවේද? නීතිගරුක පුරවැසියෙක් ලෙස මෙහෙම කතාකළ හැකිද? පරණ පුරුදු අත හැරගන්න බැහැ වගේ තාම. (නි)
ඇත්තටම මාධ්‍යයටත් සදාචාරයක්, සීමාවක් තිබිය යුතුයි. මොකද මේ රටේ ජනතාව බොහොමයක් තවම විකල්ප තොරතුරු භාවිතා කරන්න දන්නේ නැති නිසා. ඒ අතින් මම මේ තීරුව අගය කරනවා. (නි)
අම්මෝ බලන්න එපැයි කට්ටිය! මාධ්‍යය වෙනුවන් පෙනීහිටින්න තිබුනේ අර ඉස්සර කාලෙනේ... (නි)
කරුණාපාල සහ පරාක්‍රම මහතුනි, මමත් ඔබතුමන්ලා සමඟයි. හැම දේශපාලකයෙක්ම බොර දියේ මාළු බාන්න තමයි බලාගෙන ඉන්නේ. (නි)
අපිත් ඉන්නවා... ජයවේවා! (නි)
මාධ්‍ය සංදර්ශන! (නි)
බොහොම හොඳයි. ඔහොම යමු (නි)
ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ මෙයාලා හිටියේ නැද්ද? (නි)
අතීතය අමතකද? (නි)
ඉස්සර මාධ්‍යවේදීන්ට මොනවා කළත් කටවහගෙන හිටපු අය දැන් වීරයෝ වෙලා. මිනිසුන්ට නම් ඕවා හොඳට මතකයි. (නි)
කොහොමත් මේ දෙගොල්ලෝ පිට කසාගන්න එකනේ හැමදාමත් කළේ. (නි)
බොදුබල සේනා සංවිධානයේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මාධ්‍යවේදී එක්නැලිගොඩට චෝදනා කිරීම වෙනුවෙන් ඔය ඒකාබද්ධ විපක්ෂය පෙනී සිටින්නේ නැද්ද? (නි)
කොටින්ව පරලොව යවපු අපිට මේ සුළු ප්‍රශ්න කජ්ජක්ද? (නි)
ගම්මන්පිලට හැමදෙයටම උත්තර තියෙනවා. කාගෙහරි පිහිටෙන් ගොඩයන්න තමයි හදන්නේ. (නි)
හැමදෙයක්ම දේශපාලන කණ්ණාඩි වලින් බලන මෝඩයෝ තවම ඉන්නවා. හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහට දකින්නත් කොන්දක් තියෙන්න ඕනෑ. එදා මෙහෙම කළා කියලා අද මාධ්‍යයට තර්ජනය කරන්න තියෙන අයිතිය කවුද දුන්නේ? (නි)
ප්‍රදීප් එක්නැලිගොඩට එක්කම වෙන්න ඕනි(කෞ)
ලසන්ත හා එක්නෙලිගොඩ වෙනුවෙනුත් පෙනිසිටින්න.(කෞ)
මේ ගොයියා වෙහිළුවක් වෙලා.ආණ්ඩුවේ ඉන්න කාලෙ එක ප්‍රතිපත්තියක්.විපක්ෂෙට ගියාම තව එකක්. ලංකාවේ දේශපාලකයෝ විහිළුවක් වෙලා. ලැජ්ජාවක් කියන නාමයක් නෑ (බ)
කලින් පෙනි සිටියා නම් ලසන්ත වික්‍රමතුංග එක්නැලිගොඩ වගේ අය අදත් ජිවතුන් අතර.දැන් ඉදිරිපත්වෙලා වැඩක් නැත. ඥානසාර හාමුදුරුවෝ ගැන අපිටත් දුකයි.උන්වහන්සේව මෙහයවන්නේ බොදුබලයෙන් නොවෙයි. බොදුබලයට කෙනෙක් හිරගතවිම පමණක් නොවෙයි අපාගතවිමත් වලක්වන්න පුළුවන්. ඥානසාර හාමුදුරුවන්ව මෙහයවල තිබෙන්නේ වෙනත් අපි නොදන්නා බලවේගයකින්. (අ)
ගෙම්බෙක් ගිය උඩ. (බ)
එදා වේල පිරිමහ ගැනීමේ දේශපාලනයේ යෙදෙන්නන් කොහොමත්, බොර දියේ මාළු බාන්න කියාපු දක්ෂයෝ..(කෞ)
රටේ අගමැති නේද මේ රට අද පත් වෙලා තියෙන මට්ටම තමයි එ්කෙන් පෙනුනේ. (බ)
ඒ වෙලාවේ ඔබතුමා පාර්ලිමේන්තු සභා ගැබේ සිටියේ නැද්ද? සද්ද නැතිව ඉඳලා, දැන් එලියට ඇවිත් " නාදය " පතුරවනවා. කියන්න තියෙන දේ එතැනදී කිව්වා නම් හැන්සාඩ් ගතවෙනවා, කවිරුත් පිළිගන්නවා. ඔබතුමා මාධ්‍යට ප්‍රවෘත්ති සපයා, අපට පෙනෙන්න නිකම් පිම්ඹෙන්න හදනවා. (බ)
මාධ්‍යවේදීනුත් අද ලැබීඇති නිදහස ආත්මාර්ථකාමී ලෙස පාවිච්චි කරනවා වගෙයි. (අ)
දිනේෂ් ගුණවර්ධන මහත්තයෝ, භික්ෂූන් වහන්සේ කෙනෙකුට අප තුළ තිබෙන්නේ නිතැතින්ම ගෞරවයක් තමයි. නමුත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියන්නේ බුද්ධාගමට අගෞරවයක් බවයි අපිට හිතෙන්නේ (නි)
මාධ්‍ය විවේචනය කරන්න අගමැතිටත් අයිතියක් තිබෙනවා . (හේ)
එතකොට ජේවීපී එක ආණ්ඩුව පැත්තේද?? මට පුදුම සටන්කාමී අනුර කුමාර ඇතුළු අනිත් විමුක්තිකාමී ජෙප්පෝ ටික මේ ගැන මොකුත් කියන්නේ නැත්තේ ඇයි කියලයි අනේ කවුරු හරි කියල දෙන්න කෝ ? (බ)
වැලේ වැල් නැතුව එහාට මෙහාට වැනෙන "ඒකාබද්ධ විපක්ෂය" කියාගන්නා මෙම "ඒකාබද්ධ විනාශයට" හොඳ මාතෘකාවක් අහුවෙලා. මේ ගොල්ලෝ තමා දැන් මේ රටේ ගැලවුම්කාරයන් වෙලා කියලා රටටම ඇහෙන්න පම්පෝරි ගහන අය. ඒගොල්ලොන්ගේ නිරුවත ඒ අයට නොපෙනීම ගැන මට හරි දුකයි (නි)
ඒකාබද්ධ විපක්ෂයට ජයවේවා! (නි)
ගිලෙන්න යන කෙනා පිදුරු ගහෙත් එල්ලෙනවා (නි)
ඒකෙනුත් දේශපාලන වාසි ගන්නයි සමහරු හදන්නේ (නි)