‘‘හොඳ වැඩ මාධ්‍යයට පේන්නෙ නැහැ. පන්සලක පිංකමක් වාර්තාකරන්නෙත් නැහැ. හාමුදුරුනමකට හූ කිව්වොත් එහෙමත් නැත්නම් මට හූ කිව්වොත් ඒක තමයි ලොකුවට පළ කරන්නේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය සම්ප්‍රදාය අද ඒ විදියටයි හැඩ ගැසී ඇත්තේ” යනුවෙන් කම්කරු හා කම්කරු සබඳතා ඇමති ගාමිණී ලොකුගේ මහතා පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරයේ පැවති උත්සවයකදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැස්බෑව පැත්තෙන් යනකොට 88-89 මතක් වෙනවා. ජනමතය හැරෙයි කියල පේනවද මේ විදියට ලකුණු දාගන්න හදන්නෙ. (නදී)
ඇමති තුමෝ අර "වදකාගාරේ" තාම තියෙනවද වලව්වේ? (නදී)
මෙයාලා ගුටිකාපු ඒවා කියනකොට රිදෙනවා වගේ (නදී)
මම නම් මාධ්‍ය වෘත්තියට සැමදා ගරු කරනවා (නි)
කවුරු කවුරුත් වේදිකා නැඟගෙන කෝටි ගණන් වියදම් කරලා දහසක් මිනිසුන් ඉදිරියේ වපුරපු ඒවායේ ඵලදාව තමයි මාධ්‍යවේදීන් ජනතාවට නෙළාදෙන්නේ. ඒ නිසා ඒ මනුස්සයාගේ රස්සාවට ඇඟිල්ල දිගුනොකර තම තමන්ගෙන් රටට, ජනතාවට ඉටුකරනවා යැයි දිවුරා පොරොන්දුවී කියූ ඒ වගකීම් ටික හරියට ක්‍රියාත්මකදැයි කියලා හොඳට කල්පනා කරලා බලන්න. (නි)
"හිටපු මන්ත්‍රී තුමෙක් කිවිව කවිය " අන්තිම පද දෙක මතකයි " නවතා ගන්න බැරිනම් කොල්ලෝ ...... හූව ..............................(නදී)
මාධ්‍යවේදීන් නැත්නම් හොඳට තියෙයි.... එහෙනම් අපිට මොකුත්ම දැනගන්න වෙන්නේ නැහැ (නි)
මාධ්‍යවේදීන් කුණු අවුස්සන්න කොට මතු වෙන්නේ ඔබලානේ. (නදී)
අපට නම් "හු " කියන කෙනෙක් නැත. ගරු ඇමති තුමා වගේ ගරු ගාම්බිර කෙනෙකුට එහෙම කරන එක බරපතල ප්‍රශ්නයකි. "හු" වෙන් ප්‍රතිචාර දක්වන බොහෝ අවස්ථා ඇත. අපි අකමැති උනත් එයට වෙන උච්චාරණයක් නැත. කෙනෙක් එයට අකමැති නම් එම ප්‍රතිචාරය නොලැබීමට කටයුතු කල යුතුය. (නදී)
මාධ්‍යවේදීන් වෙනුවෙන් කෙරෙන උද්ඝෝෂණ දිහා බැලුවම මට නම් හිතෙන්නේ සැබෑ මාධ්‍යවේදීන් එකතුවෙලා යම් සංශෝධනයක් කළයුතු කාලය එළඹිලා තියෙනවා කියලා. (නි)
ඇමති තුමා , " ලංකාදීප " කියලත් පුවත්පතක් ලංකාවේ තියනවා. ඔබ තුමා බලන්නේ මොන පත්තරේද? කුණුගොඩවල් දාන පත්තර බලපුවහම කුණුගොඩවල් පේනවා. අනේ අපිට නම් කුණුගොඩවල් පේන්නේ නැහැ. හොඳ නරක සම සමව වාර්තා වෙනවා. ඔබ තුමා හු කියන වැඩ නොකර ඉන්නකෝ. අපි හු කියන්නෙත් නැහැ. මාද්‍ය වේදියෝ ලියන එකකුත් නැහැ. මට නම් පේන්නේ ඔබතුමාත් කැපෙන්න යන පාටයි. (නදී)
නැහැ. මාධ්‍යවේදීන් ඉන්නේ වැසී ඇති කුණු ලෝකයට හෙළිදරවු කර සත්‍යය පෙන්වාදීමටයි (නි)
පිටරටවල නම් මෙහෙම නැහැ. කණගාටුයි ලංකාව ගැන (නි)
මාධ්‍යවේදීන් නැත්නම් කාගෙ කාගෙත් විත්ති නිකම්ම වැළලිලා යාවි (නි)
සමහරුන්ට නම් දැන් මාධ්‍ය දැක්කහම පන ගැහෙනවා (නි)
මෙහෙම කීම හරිද මන්දා? (නි)
කුණු ගොඩවල් ගැන ප්‍රචාරය දෙනකොට කැක්කුම හැදෙන්නේ තමන්ටත් ප්‍රචාරයක් ලැබෙයි කියලද? රට ඉදිරියට යන්න නම් මේ කුණු ගොඩවල් සුද්ද කරන්න මාධ්‍ය මගින් අප දැනුවත් වීම වැරදිද? (නධී)
කවුද මේ ? දැකලා පුරුදු මුහුණක්. ඇයි මාධ්‍යට ඔච්චර බය. මාධය නැත්නම් අද ලංකාව තිබිච්ච තැනක් වත් හොයා ගන්න හම්බ වෙන්නේ නැහැ. (නදී)
දේශපාලකයෝ කුණු වැඩ කරනවිට ඒවා අවුස්සන එක මාධ්‍යයේ යුතුකමක් තමයි (නි)
දේශපාලුවෝ ජරාව කනකොට මාද්‍යවේදීන් ඒ කුණුගොඩවල් අවුස්සපුවාම මොකද?(අ)
හරිම ආසා ඇති මහජනතාව ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඉන්නවා නම්. (අ)
සතියකට දෙකකට පෙර ඉරිදා ලංකාදීපයේ පිටුවක් පුරා මෙතුමා ගැන හොඳ විස්තරයක් තිබුනා. ඒකට කේන්ති ගිහිල්ලා තමා මෙහෙම කියන්නේ. (අ)
ඒ කාලේ රජයක හිටපු ප්‍රසිද්ධ චන්ඩියෙක්.(අ)
88 89 මිනී මරපු අය පක්ෂය මාරු කරලා දැන් මාධ්‍යටත් බය වෙලා වගේ (නදී)
හොඳ නැති නම් මොකටද මැතිවරණ කිට්ටුව සම්භාෂණ තියල මාධ්‍යවේදීන්ව උඩ දාන්නේ. ? මේගොල්ලන්ව පුම්බනවා නම් හරිම හොඳයි . නැතිනම් නරකයි. (අ)
කුණු එකතු කරගත්තම මාධ්‍ය නැති වුනත් අවට බලු කපුටන් හරි ඇවිල්ල ඒවා අවුස්සාවී. (නදී)
සුරන්ජිත්, ඔයා හිතාගෙන ඉන්න විදිය සම්පූර්ණයෙන්ම වැරදියි. (නි)
දැන් ඔය කියපු ටික ප්‍රචාරය වුනෙත් මාධ්‍යයට පින්සිද්ධ වෙන්න නේද ? (නදී)
මොකද අායෙත් පනින්නද හදන්නේ මේ සැරේ පැන්නාට ගන්න කවුරුත් නැහැ දෙන්න තනතුරුත් නැහැ. ඒවා ඔක්කොම දුක විඳගෙන පක්ෂයේ හිටිය අයට පමණි හොඳේ (නදී)
ඉතින් කුණු වැඩ නොකර ඉන්න කෝ ඇමති තුමෝ (නදී)
පිටිගල, සුනිල්, මතකද ඒ කාලේ මෙයාගේ නම ඇහෙන කොට තරුණ අප බයවෙන හැටි. (නදී)
සුදු පිරුවට වලින් වැහිලා තියන කුණු අවිස්සුවම පොදු ඡන්ද දායකයා ඇත්ත දැන ගන්නවා ඉතින් එ්ක නරකද? (නදී)
වැරදි කරන අය තමා මාධ්‍යෙව්දීන්ට බය වෙන්නේ. මොකද ඒ අය කරන කියන දේවල් ජනතාවට පෙන්වා දෙන නිසා. (නදී)
කාලෙකින් ඇමති තුමා ඇත්තක් කියල තියෙනවා.(නදී)
ඔය පැත්තේ ඡන්දෙත් ළඟයි නේද? (නි)
ප්‍රවෘත්තියක් වෙන්න නම් 'ප්‍රවෘත්තිමය අගයක්' තිබිය යුතුයි. එහෙම අගයක් ලැබෙන එක ක්‍රමයක් තමයි පුවත ටිකක් දුර්ලභ දෙයක් වීම. පින්කමක් වගේ දෙයක් නිතර සිදුවෙන සුලභ දෙයක්. හාමුදුරු කෙනෙකුට හූ කිව්වොත් හරි මන්ත්‍රී ඇමති කෙනෙකුට හූ කිව්වොත් දුර්ලභ දෙයක්. දැන් පේනවද ඇමතිතුමා මාධ්‍ය එහෙම තමයි කියන එක. (නදී)
ඇමති ගාමිණී ලොකුගේ මහත්තයෝ, ඔය හූ කියන අයට කියන්න අර ඉස්සර කැස්බැවේ හිටපු මන්ත්‍රී තුමෙක් කිවිව කවිය (නදී)
මහත්තයෝ,මාධ්‍යවේදීන් තවමත් ඉවසාගෙනයි ඉන්නේ. ඒවා ඇවිස්සුවොත් සමහරුන්ට වෙන්නේ ලංකාව දාලා යන්න. මාධ්‍යවේදීන්ව විවේචනය කරද්දී අන්න ඒ ටිකත් හිතන්න (නි)
මාධ්‍යවේදීන් දේශපාලකයින් වගේ කවදාවත් පිල් මාරුකරන්නේ නැහැ (නි)
කාගෙ කාගෙත් සෙල්ලම් රටට හෙළි කරන්නේ මාධ්‍යය. ඔවුන් නැත්නම් මේවා දැනගන්න අමාරුයි. (නි)
ඇමතිතුමනි, කුණු අවුස්සන්නේ කුණු තියෙන නිසා බව දන්නේ නැද්ද?කුණු නැතිව හිටියහම මාධ්‍යයට තියා කාටවත් බයවෙන්න ඕනේ නැහැනේ. (නදී)