ලංකාදීප පුවත්පතේ අම්බලන්ගොඩ මාධ්‍යවේදී ජනත් ද සිල්වා මහතාට අම්බලන්ගොඩ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයකුවූ ප්‍රේමලාල් කුමාරසිරි ඇතුළු පිරිස කර ඇති මරණ තර්ජනය ඇතුළු හිංසන තරයේ හෙළා දකින බව සමස්ථ ලංකා ජනසන්නිවේදකයන්ගේ සංගමය හා ජාතික හා ප්‍රාදේශීය මාධ්‍ය එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අම්බලන්ගොඩ සිදුවූ අක්‍රමිකතාවක් වාර්තා කිරීමට ගිය එම මාධ්‍යවේදියාට සිදුකළ තර්ජන හා පීඩා බරපතල වරදක් බවත් නීතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට මේ ආකාරයෙන් තර්ජනය කිරීම බියවැද්දීම වැනි බියගුළු ක්‍රියාවක නිරතවූ මෙවැනි දේශපාලනඡයන් හා ගෝලබාලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළහොත් රට පුරා විසිරී සිටින මාධ්‍යවේදීන් ඊට විරුද්ධව පෙළගැසෙන බව අවධාරණය කරන බවද එම නිවේදනයේ දැක්වේ.