රාජ්‍ය නොවන සංවිධානයකින් කොළඹ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පැවැත්වූ වැඩමුළුවකට එමින් සිටි යාපනයේ මාධ්‍යවේදීන් හත් දෙනකු රැගත් වෑන් රියක ගංජා පැකට්ටුවක් තිබීම නිසා ඔවුන්ට එම වැඩමුළුවට සහභාගීවීමට නොහැකි විය. මාධ්‍යවේදීන් පවසනුයේ ඕමන්ත මුරපොළේ දී යුද හමුදාවෙන් මෙම ගංජා පැකට්ටුව වාහනයට දැමූ බවයි. එහෙත් හමුදා මාධ්‍ය ප්‍රකාශක ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරයි.
ඕමන්ත පොලීසියේ දී ඒ ගැන මාධ්‍යවේදීන් පොලීසියට පැමිණිලි කළ ද පොලීසිය පැමිණිල්ල ලියා ගැනීම ප්‍රමාද කළ බවත් එහෙත් පැය ගණනකට පසුව එය ලියාගත් බවත් මාධ්‍යවේදීහු කියති.
රියදුරා ඇප පිට මුදාහල බවත් පොලීසිය කියයි. මේ අතර එම වැඩමුළුව කඩාකප්පල් කළ බව සංවිධායකයෝ කියති. 30 ක 40 ක පමණ පිරිසක් පැමිණ පුවත්පත් ආයතනය ඉදිරිපිට විරෝධය පෑ බවත් ඒ අනුව වැඩමුළුව නවතා දැමූ බවත් දැනගන්නට ඇත.
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මාධ්‍යවේදී රියට ගංජා දාලා
නිහාල් Monday, 28 July 2014 12:23 AM
මොකක්ද ඔය රාජ්‍ය නොවන සංවිධානය? ඒ ගැනත් ටිකක් හොයලා බැලුවොත් නේද හොඳ? (නි)
දේශාන් Monday, 28 July 2014 01:30 AM
වැඩේ නම් බරපතළයි (නි)
පෙරේරා Monday, 28 July 2014 02:47 AM
මත් කුඩු පාන් පිටිවෙන, කසිප්පු වතුර වෙන රටේ ඕකත් වැඩක්ද? (නදී)
ලලිත් - එස්.එල් Monday, 28 July 2014 03:17 AM
අපි දුටුගැමුණුගේ පුතා රජකමට පත් කරමුද? මේ වගේ දේවල් කවදාවත් වෙන්නේ නැතිවෙයි (නදී)
අජිත් කරුණාරත්න Monday, 28 July 2014 04:18 AM
ඒ පාර මාධ්‍ය වේදියොත් ගංජා අදිනවා කියලද කියන්නේ? මන්ත්‍රීවරු, පොලිසියේ ඇත්තෝ ,හමුදාවේ මහත්තුරු ගංජා ඇද්ද කතා නම් අපි දන්නවා. ඒත් මේ වගේ කතාවක් නම් ඇහුවමයි. (නදී)
ලුම්බිණි Sunday, 27 July 2014 08:21 AM
මොකද ආණ්ඩුව මාධ්‍යට මෙච්චරම බය? (නදී)
රූපවතී Sunday, 27 July 2014 09:37 AM
මාද්‍ය මර්දනය කරන්න හැමෝම දගලනවා. බැරි වෙන කොට ඉතින් මේ වගේ බාල වැඩ වලින් හරි අපේ මාද්‍ය පාලනය කරන්න ඇතැම් පිරිස් වෙර දරනවා. පසුගිය කාලේ හමුදාවේ අය ගංජා ඇදපුවා පත්තරේ දමලා තිබුන නිසා රිදෙන්න ඇති. කමක් නැහැ බොරුවට ආයුෂ අඩු වග අපි ඉගන ගත්තේ බුදුන්ගේ කාලේ. අදටත් ඒ වදන් බලගතුයි. ඔබට ජය. (නදී)
කපිල Monday, 28 July 2014 06:27 AM
මේ රටේ කරපු තරම්නරක වැඩ කළේ ඔය රාජ්‍ය නොවන සංවිධාන නේද. (අ)
රංජිත් Sunday, 27 July 2014 09:45 AM
රාජ්‍ය නොවන සංවිධාන කරන වැඩ බැලුවහාම ගංජා නොතිබුනයි කියලා අපිට විශ්වාස කරන්න අමරුයි.(නදී)
ඉසුරන්දි Sunday, 27 July 2014 09:48 AM
මේ වගේ වැඩ අනුමත කරන්න බැහැ. අසික්ක්තිත වැඩ කවුරු කලත්. (නදී)
රූපවතී Monday, 28 July 2014 06:42 AM
බන්දුල මල්ලි, මම හැමදාම ගන්නේ රාජ්‍ය නොවන සංවිධානවල පැත්ත (අ)
සත්‍යපාල කටාර් Sunday, 27 July 2014 10:35 AM
කරලා තිබෙන වැඩේ නම් මහා අසික්කිත තුප්පහි වැඩක්. (නදී)
පිටබැද්දර ජයා Monday, 28 July 2014 07:11 AM
රාජ්‍ය නොවන සංවිධානවලින් අපේ රටට කරපු තරම් කළේ අදටත් විසඳගන්න බැරි තරම් ප්‍රශ්න. (අ) .
බන්දුල Sunday, 27 July 2014 10:56 AM
අනේ අපේ රටට වෙච්ච දෙයක්. තව සාමය සංහිදියාව වගේ වචන තියෙනවද ලංකාවේ තත්වේ ලෝකෙට කියා පාන්න (නදී)
කුමාර් Sunday, 27 July 2014 11:10 AM
මේ රාජ්‍ය නොවන අර වේදීන් මේ වේදින් තමයි ඒ කාලේ කිලෝ ගණන් පුපුරන ද්‍රව්‍ය කොළඹට ප්‍රවාහනය කලේ. (නදී)
අපොන්සු Sunday, 27 July 2014 12:01 PM
වැඩේ කරලා තියෙන්නේ ආධුනිකයෝ රංචුවක් වගෙයි. නැතිනම් නම් ආයුධ පෙන්නන්නනේ එක්ක යන්නේ. (නදී)
බන්දුල පෙරේරා Sunday, 27 July 2014 03:06 PM
දැන් රූපවතියෝ, මේ කවුරුන් ඇත්ත කියනවාද කියලා ඔබතුමී හරියටම දන්නවද? (නි)
හෂාන් Sunday, 27 July 2014 03:22 PM
දැන් එතකොට කවුද හරි? (නි)
එරංග Sunday, 27 July 2014 03:36 PM
එතකොට මාධ්‍යවේදීන් කියන්නේ ඇත්තක්ද? (නි)
සම්පත් Monday, 28 July 2014 09:30 AM
අනේ මේවා කියන්නේ මේ අපිටනේ! (නි)
අබේරත්න Sunday, 27 July 2014 04:54 PM
රාජ්‍ය නොවන සංවිධානය මොකක්ද දන්නෙ නැහැ (නි)