IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මාධ්‍යවේදී දුෂ්‍යන්ත සමරසේන කළුරිය කරයි

ලංකාදීප පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ දුෂ්‍යන්ත සමරසේන මහතා (61) අද (30) අභාවප්‍රාප්ත විය.

කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධරයකු වන සමරසේන මහතා ලංකාදීප පුවත්පත විජය පුවත්පත් සමාගමෙන් ප්‍රකාශයට පත් කිරීම අරඹද්දී එයට සම්බන්ධව සිටි අයෙකි.

ඔහුගේ බිරිය මීට පෙර මියගොස් සිටි අතර සමරසේන මහතා දියණියන් දෙදෙනකුගේ පියෙකි.

ඔහු මාතර තලල්ලේ දී උපත ලබා ඇත.

ශ්‍රී ලංකා වෘත්තීය  පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ලේකම්වරයකු ලෙස සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ සමරසේන මහතා 'ලේකම්තුමා' යන සුරතල් නාමයෙන් සගයන් අතර ජනප්‍රිය විය.

ඒ මහතාගේ දේහය කෝට්ටේ මාදිවෙල ඔබහේන පාරේ අංක 15 දරණ නිවසේ තැන්පත් කර ඇත.

අවමංගල කටයුතු ඉරිදා (3) පස්වරුවේ මාදිවෙල දී සිදුකිරීමට නියමිතය.

web1045523352207197_6094624120538982462_n

59214_439576138959_8251942_n_548

(දුෂ්‍යන්ත මහතා සිය සඟයන් සමඟ)

112



අදහස් (0)

මාධ්‍යවේදී දුෂ්‍යන්ත සමරසේන කළුරිය කරයි

නිවන්තක Monday, 04 July 2016 03:54 AM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

නලීන් Monday, 04 July 2016 03:59 AM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

බදුල්ලේ පාලිත ආරියවංශ Thursday, 30 June 2016 10:29 AM

හිතවත් දුෂ්‍යන්ත, ඔබ කළණ මිතුරෙකි. වියෝවීම අපමණ දුකකි. (ර)

:       0       0

ප්‍රසාද් ජයසිංහ Thursday, 30 June 2016 10:49 AM

ඔබ මම ලංකාදීපයේ සිටියදීත් ඉන් සමුගත් පසුත් බොහෝ සෙයින් උදව් කල සහෝදරයෙක්. ඔබට නිවන්සුව අයියේ. (ර)

:       0       0

ශ්‍රී නිමල් පද්මකුමාර Thursday, 30 June 2016 11:10 AM

හරිම දුක්මුසු ආරංචියක්... දුෂ්‍යන්ත, මහවැලි කඩිනම් සංවර්ධන යුගයේ අප සමග අමිල මෙහෙයක් ඉටුකළා. (ර)

:       0       0

ජයරත්න-කරුවලගස්වැව Thursday, 30 June 2016 11:48 AM

ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ඔබේ මෙහෙය අතිවිශාලයි ඔබේ නිහතමානිකම අගයනවා ඔබේ නම අපි අතර සැමදා වැජබෙනවා (ම)

:       0       0

සිරි හීන්පැල්ල Thursday, 30 June 2016 11:59 AM

ඔබට නිවන් සුව ලැබේවා (ම)

:       0       0

චතුර විද්‍යාරත්න Thursday, 30 June 2016 11:59 AM

කණගාටු දායක පුවතක් ..දයාබර මිතුර ,,, ඔබට නිවන් සුව.. (ම)

:       0       0

නලින් හෙන්දුරුගොඩ Thursday, 30 June 2016 05:20 AM

ආදරණීය මාධ්‍ය මිතුරු ඹබට නිවන් සුවය අත්වේවා..(ම)

:       0       0

කේ. සී.ජේ. රත්නායක Thursday, 30 June 2016 01:27 PM

ඉතිහාසයේ එක්තරා අප්‍රකට පරිච්ඡේදයක නිහඬ සාක්ෂිකරුවෙක්. විශ්වසනීය කලණ මිතුරෙක්. මහ පොළොවේ දූවිලි දහදිය සමඟ ජීවත් වූ මාධ්‍යවේදීයෙක්. ඔබට සදාකල් සැනසීම ලැබේවා.(හේ)

:       0       0

යොහාන් බාසුර Thursday, 30 June 2016 06:17 AM

දුෂ්ෂන්ත අයියා මම ‘ලංකාදීපයට' ආපු දවසේ සිට ඇසුරු කළ හොද පුද්ගලයෙක්.ඔහු ළග ලෝකුකම් තිබුණේ නෑ. ඔහු අපිටත් හැම වේලාවම කථා කළේ මල්ලි කියලා. අපිට ඇති කණගාටුව ඔබට තවත් වසර 20 ක් පමණ අපිත් සමඟ ඉන්න හැකියාව තිබියදී අකල් මරණයකට පත්වීමයි. ඔබගේ සමීපතයන් ආදරයට ලේකම්තුමා කිව්වත් අපිට ඔබට එහෙම කියන්න හිත දුන්නේ නෑ. අපි හැම විටම දුෂ්ෂන්ත අයියා කියලයි ඇමතුවේ. ඔහු සමාජයට සේවයක් කරන්න වෙහෙසුණා මිස තමන් වෙනුවෙන්වත් වෙහෙසුණේ නෑ. ඔහු ඔහු ගැන බැලුවා නම් තවත් කාලයක් ජීවත් වෙන්න අවස්ථාව තිබුණා. ඔබට නිවන් සුව ලැබේවා (ම)

:       0       0

කාංචන Thursday, 30 June 2016 06:29 AM

ආදරණිය මාධ්‍ය මිතුර කුණු කය දිරයි නාමය නොදිරයි ,ඔබට නිවන්සුව පතමි (ම)

:       0       0

තිලක් ඉන්දික සෙනෙවිරත්න Thursday, 30 June 2016 06:48 AM

නිවන් සුව සුමිතුරාණනි, හිතවතාණනි, වැඩි හිටි උපදේශකයාණෙනි. (ර)

:       0       0

චින්තන Thursday, 30 June 2016 07:02 AM

නිවන් සුව ලැබේවා.....!!!(ම)

:       0       0

සම්පත් දිප්පිටිගොඩ Thursday, 30 June 2016 07:29 AM

ලංකාදීපයෙන් මාධ්‍ය ගමන ඇරැඹූ මටත් අතදුන් හොඳ මිනිසෙක්. ඔබ‍ට නිවන් සුව.......(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 502 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site