
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
යට ගැසූ ඝාතන මාධ්‍යවේදී ඝාතන ෆයිල් නැවත විවෘත කර ඒවාට නිසි සාධාරණය කරන බවට ජාතික ජන බලවේගය දුන් පොරොන්දුව අභියෝග මැද ඉටුකරන බව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිනී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙනවිය පාර්ලිමේන්තුවේ දී කීවාය.
"ජනමාධ්‍ය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය පිළිබිඹුවක්.ඒ වගේම ජනමාධ්‍යවේදින් ඝාතනයට,හිංසනයට ලක්වූ ඉතිහාසය අපට අමතක කරන්නට බැහැ.
මාධ්‍යවේදීන්ට සිදුවූ අපරාද ගැන සොයන්නට කිසිදු රජයකට සැබෑ වුවමනාවක් තිබුණේ නැහැ.යහපාලන රජයට ඒ සඳහා ලොකු ජනවරමක් ලැබුණත් ඒ අවස්ථාවත් මගහැරී ගියා.දැන් අපට අභියෝගයක් ලෙස තිබෙන්නේ අවුරුදු විසි තිස් ගණන් පරණ සිදුවීම් ඝාතනය වල සාක්ෂි බහුල ලෙස විනාශ වී තිබීමයි.මේ යට ගැසූ ඝාතන ෆයිල් නැවත විවෘත කර ඒවාට නිසි සාධාරණය කරන බවට අප පොරොන්දුවක් ලබා දී තිබෙනවා.ඒ පොරොන්දු අනුව අප ඒ සොයා බැලීම් කරනවා.අභියෝග මැද අපේ වැඩේ කරනවා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍යවේදීයා විශාල පාවා දීමකට සූදානම් වුණා නම් අණතුරු හඟවා තබියදීත් රට සහ රටේ ආරක්ෂක රහස් ත්‍රස්තවාදීන්ට දෙන්න සූදානම් වුණා නම්, තාම බොරුවට කෑ ගහන මාලිමාව මොකද්ද කරන්නේ...
තවත් මෝඩ සංදර්ශනයකට ලෑස්ති වෙනවා.
ඊළග ඡන්දෙටත් හොරු අල්ලන කතන්දරේ ඉතුරු නොකර හැකි ඉක්මණින් ඔය හොරු ටිකට දඩුවම් දෙන්න ෆයිල් ගොඩක් කළින් පෙන්නුවනේ.
අනේ මෙහෙමත් මජර ආණ්ඩුවක්...
රිචඩ් ද සොයිසා මරපු ජෙප්පන්ට මොකද කරන්නේ.. මෙන්න පච ආණ්ඩුවේ තවත් එක බොරුවක්...
මෝඩ තකතීරු නාටක...
මාද්‍යවේදී file විතරක් නොවේ.. පාදඩ රනිල් සහ රාජපක්ෂලා ඝාතනය කල සියළුම රට වැසියන් පිළිබද ක්‍රියාත්මක වීම අවශ්‍ය දෙයක්.. දැන් බටලන්ද පිළිබද නිහඩ පිළිවෙතක්ද