(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
පාලක මණ්ඩල අනුමැතියකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ලබාගෙන ඇති බව කියන රුපියල් මිලියන 3600ක මුදලින් කළ ව්‍යාපෘති රටට පෙනෙන්නට තිබෙන බවත් එම මුදල් පෞද්ගලික සුබසාධනය වෙනුවෙන් වැය කර නොමැති බවත් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (04) පැවසීය.
තමා මුදල් ලබා ගත් ආකාරයට පාලක මණ්ඩල අනුමැතිය නැතිව පසුගිය රජය සමයේත් මෙම අරමුදලේ මුදල් ලබාගෙන ඇති බව කී ඇමැතිවරයා එදා එම මුදල් වැය කර ඇත්තේ ජනාධිපති පදවි ප්‍රාප්ත උත්සව ආදිය වෙනුවෙන් බව ද කීවේය.
නමුත් තමා ආගමික ස්ථාන ආදිය දියුණු කිරීමට එම මුදල් වැය කර ඇතැයි ඇමැතිවරයා සදහන් කළේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය රජය වැරදි කළ නිසා තමයි තමුන්ව පත් කලේ... අනුමැතියකින් තොරව මුදල් ගන්න එක වැරදියි කියලා දන්නෙවත් නැති කෙනෙක්ද ජනපති වෙන්න හදන්නේ..? අනිත් එක ලක්ෂ 36,000ක් කියන්නේ අම්මගේ, අප්පගේ බූදලයද?
ජනාධිපතිකම බලාපොරොත්තුවෙන්න කියන කතාද මේ? බාලාංශ පන්තිවලදී අපිත් කිව්වා එයා ගැහුවා නිසා මමත් ගැහුවා කියලා...
තනිකරම මෝඩවැඩක්.. ආයෝජනය කරන්න තියෙන සල්ලි තමුන්ගේ ප්‍රතිරූපේ හදාගෙනද පන්සල්වලට බෙදලා. මේවට නීති නැද්ද? මෙහෙම කරන්න පුලුවන්ද? සංචාරකයින්ගෙන් හම්බ කරලා එම තැන්වල ටොයිලට් එකක් වත් හරියට මේන්ටේන් කරන්නේ නැතිව අතින් දෙනවා වගේ පන්සල්වලට දෙනවා. ගොඩනැගිලි හදන්නේ නැතුව මිනිස්සුන්ගේ ඔලු හදන්න මොනවා හරි කරනවා.
ඔය කතාවම තමයි මහ බැංකු මංකොල්ලය ගැන අර්ජුන මහේන්ද්‍රනුත් කියනවා අැත්තේ...
නියමයිනේ, මෙතුමා ලංකාවේ ජනාධිපති ධුරයට ටක්කෙටම ගැලපෙනවා. රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි තමන්ගේ පුද්ගලික ධනය වගේ පාවිච්චි කරන්නේ...
ඇමතිවරු කියාගන්නා හොරු එහෙම සල්ලි අදින බව දන්නා හින්දා තමයි ඒවා පාලනය කරන්න පාලක සභා කියලා ජාතියක් පත්කරලා තියෙන්නේ. මුදල් නීති, මූල්‍ය විනය වගේ දේවල් තියෙන්නේ එහෙම අම්මගේ අප්පගේ බූදලේ වගේ සල්ලි අදින එක වළක්වන්නයි. ඒවා අපේ බදු මුදල්. ජනාධිපති වෙන්න ඉන්න මිනිහෙක්ද මේ කතා කරන්නේ..?
මේ කියන්නේ බොරු. හොරු මේ සල්ලි හොරකම් කරලා.
පසුගිය රජය සමයේත් මෙම අරමුදලේ මුදල් ලබාගෙන තිබීම නිසා ඔබත් ඒ වැරද්දම කළා එහෙනම්. දැන්වත් නීතියට අනුව වැඩ කරන්න ඉගෙන ගන්න. ව්‍යාපෘති රටට පෙනෙන්නට තිබෙන පමණින් වරද නිවැරදි වෙන්නේ නැහැ.
තකතීරු මෝඩ වැඩක්. ඩොලර් එක වැඩිවෙන කොට රුපියල බාල්දුවෙන නිසා සල්ලි පන්සල්වලට බෙදලා දීලා.. LSE ඉකොනොමික්ස් මේකද?
නිකන් සරදියෙල් වගේනේ අපේ අනාගත ජනාධිපති තුමා!. කොහොමද ජනාධිපති වුනොත්, නියමෙට ඩෙගා නටයි!... මහා බැංකුවක් තියෙයිද කියලත් හොයාගන්නට නැතිවෙයි!
තමන් කළ වියදම් පෙන්නන්න බැරිනම් ඒවාට අදාල ලේඛන නැත්නම් මෙයා වගේ කෙනෙක් ඇමතිකමටවත් සුදුසු නැහැ. පාර්ලිමේන්තුවට නිකන් කටින් බතල හිටවලා එන්න පුලුවන්නම් පාර්ලිමේන්තුවත් වැඩක් නැහැ.
මේ ඇති වැරැද්ද නම් , පුරාවස්තු සංරක්ෂණයට මුදල් නැතිවීමයි
රටේ ජනතාව මේවා ඉවසනවානම් ඔය කමෙන්ට් දාන අයට ඇති රුදාව මොකක්ද...? ඒක තමයි ප්රජාතන්ත්රවාදය කියන්නේ...!
රාජ්‍ය අරමුදලකින් මොනවට හෝ සල්ලි වියදම් කරන්න පිලිවනිද රජයෙන් අවසරයක් නැතිව? අපිට තියෙන ප්‍රශ්නේ ඒකයි. ගෙදරින් ගෙනාපු පුද්ගලික සල්ලි නොවෙයිනේ?