මධ්‍යම පළාත් සභා වාරයන් වාර්ථා කිරීම සදහා මාධ්‍ය වේදීන් නොමැති වුවත් මධ්‍යම පළාත් සභාව පවත්වාගෙන යැමට කිසිදු ගැටලුවක් ඇති නොවන බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රි ඒ.ජී.සිරිසේන මහතා පවසයි.
පළාත් සභා 9 ක් තිබුනද මාධ්‍යවේදීන් මෙතරම් විවේචනයට ලක් කරන එකම පළාත් සභාව මධ්‍යම පළාත් සභාව වන බවද මන්ත්‍රි වරයා එහිදි පවසා සිටියා.
මන්ත්‍රි වරයා එසේ අදහස් පල කළේ මධ්‍යම පළාත් සභා රැස්විම් සාලාවේදි අද (08) පස්වරු වේ මාධ්‍ය වෙදින් සමග පැවැති සාකච්ඡාවේදිය.
මධ්‍යම පළාත් සභා ලේකම් කාර්‍යාල සංකීර්ණයේදි අද (08) පැවැති පළාත් සභා රැස්විම ආරම්භයේදි එය ආවරණය කිරිම සදහා ගොස් සිටි මාධ්‍යවේදින් ට එහි මාධ්‍ය කුටියෙන් ඉවත් වෙන ලෙස සභාපතිවරයා ඉල්ලා සිටියේය.
මධ්‍යම පළාත් සභා මන්ත්‍රිවරුන් ට අපහාස වන පරිදි මාධ්‍ය වාර්තා කිරිම නිසා මෙවන් ගැටලුවක් ඇති වු බවද ඔහු කීය.
සභාපතිවරයා තමනට අපහාසයක් කළ බව පවසමින් මාධ්‍යවේදින් පිරිසක් පළාත් සභාවෙන් නික්මි ගිය අතර පස්වරු 1.00 ට පැවැත්වු සාකච්ඡාවට මාධ්‍යවේදීන් තිදෙනෙක් එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර බෝ පැල වගේ ඉන්න පලාබබාලට නේද කතන්දර හදන්නේ. (බ)