මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලාවල මහත්මිය අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූවාය.
මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය මිය යන විට 76 වැනි වියේ පසු වූවාය.
ඇය 2015 ජනවාරි 27 වැනි දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර තනතුරට පත් වූවාය. රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත නාලන්ද එල්ලාවල මහතාගේ මෑණියන් වූ සුරංගනී එල්ලාවල මහත්මිය කලක් පාර්ලිමේන්තුවද නියෝජනය කළාය.
මහනුවර මහ රෝහලේ සිට ඇගේ දේහය අද පෙරවරුවේ මධ්‍යම පළාත් සභාවට රැගෙන යාමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතකයි නාලන්ද එල්ලාවල මහතා ගමන් ගත් වාහනයට වෙඩි තියල එතුමාව ගාතනය කරලා තිබුන හැටි.. හොද දේශපාලකයෙක් (බ)
දෙසපලකයන්ට හොඳ කාලයක් නෙවෙයි වගේ මේ ගෙවෙන්නේ , මොනවා උනත් ඔබට අමා මහා නිවන් සුව. (ර)
අපේ පලාතෙන් බිහිවූ එඩිතර පරපුරක කාන්තාවක්.ඔබට නිවන් සුව අත්වේවා. (බ)
සුරංගනී එල්ලාවල මැතිනියට නිවන් සුව ලැබේවා! (ර)
නාලන්ද එල්ලාවල ඝාතනය මට මතකයි තවමත්. එය අපිට ලංකා දේශපාලන ඉතිහාසයේ අමිහිරිම සිදුවීමක්. (නි)
මට සිහි වන්නේ මා රැකියාවට වාර්තා කළ මුල් දිනයේ දී පළමුවෙන්ම ඔබ තුමිය හමුවූවා.... එම අවස්ථාවේදී ඔබ තුමිය මිනිසුන් වෙනුවෙන් රාජකාරිය කරන ආකාරය ගැන මට උපදෙස් දුන්නා....ආදරණීය මෑණියනි ඔබට නිවන් සුව අත්වේවා (බ)
එ තුමියට නිවන් සුව පතමු ! ඩලස් අලහප්පේරුම නම් පලාතකටවත් වද්දාගන්ට එපා අවස්ථාවාදය වැළඳගත් නාලන්ද මැරු හීන්නිලමේ ලා සමග දීග කෑ අයෙක් ඔහු.(බ)
නන්ද , නාලන්ද වෙනුවෙන් ඔබට නිවන්සුව පතනවා .. සංජීව නාලන්ද ට වෙඩි තිබ්බේ වාහනේ ට නෙමෙයි සුසන්ත එක්ක බැහැල කතාකරනකොට සුසන්ත නාලන්දට ගැහුවා මහින්ද රත්නතිලක වෙඩි තිබ්බා (බ)
මහින්ද පාල -තද බල වෛරයකින් ඉන්න බව පේනවා (බ)
මෙහි සමහරුන්ගේ අදහස් දුටුවාම හරි පුදුමයි.අද ඇසින් දුටු සාක්කි ලෙස එදා නාලන්දව ඝාතනය කරපු හැටි ප්‍රකාශ කරලා තියෙනවා.එදා මේ අයගේ සාක්කි මෙලෙස ඉදිරිපත් කළානම් අපරාධකරුවන් සහ අනුබල දෙන්නන් අද ඉන්නේ සිරගේවල්වලයි. (බ)