කොළඹ බදුල්ල දුම්රිය මාර්ගයෙන් ඉවත් කළ පරණ රේල්පීලි තොගයක් සම්බන්ධයෙන් ව්‍යාජ ලියැවිලි හදා රුපියල් ලක්ෂ 15ක් වංචා කළැයි සැකපිට ස්වාධින රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුධර්මන් රදලියගොඩ ලබන 12 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. අධිකරණ නියොගය ක්‍රියාත්මක කැර ඔහු අත්අඩංගුවට නොගන්නේ ඇයි දැයි මහේස්ත්‍රාත්වරිය පොලිසියෙන් ඇසුවාය. ඔහු නිවසේ නොසිටින බව පොලිසිය කීවෙය. රුපියල් ලක්ෂ 15 වෙනුවට ඔහු විසින් දෙන ලද චෙක්පත අගරුවී යැයි මේ වංචාව ලක් වූ බව කියන අඬිඅම්බලමේ අශෝක පෙරේරා හා කැලණියේ සුනිල් තිලක් අධිකරණයට පැවැසූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ මහත්තයා ගැන රටට හෙළි නොකරන්නේ
විමසුම කරන අය ඇයි මේක විමසුමේ කියන්නේ නැත්තේ...
ඕකට උත්කරේ රටේ වගකිවයුතු අයගෙන් ඇහුවා නම් තමයි හොද
එහෙනම් වරෙන්තු නිකුත් කරල තියෙන උදවියට ගෙදර ඉන්න කියල පොලිසියෙන් ලියුමක යැව්වොත් නේද හොඳ
ඇයි හංගන්නේ?
පොඩි මිනිස්සුන්ට තමා හැම නීතියම පොලිස්පති තුමණි, හොරුන් නිදල්ලෙ සැරිසරන්නේ කාගේ බල පුඵවන්කාරකමින්ද?
විනිසුරුවරියට බැරිද පොලෝසියේ වැඩේ කරන්න ?
දඩුවම් දෙන්නම ඹ්නි.
මෙහෙමත් රටක්
මේ වගේ හොරු අල්ලන්න නම් පරණ කාලෙ පොලීසියම ඕන වෙනවා..
අත්අඩංගුවට නොගන්න හේතුව අපි දන්නවා
මෙහෙම තමයි ලොක්කෝ
මාධ්‍ය වේදීන්ට මේ වගේ වැඩ කැතයි නේද?
පොලීසිය මෙයාට බයයිද?
ඔහෝම යමූ
අහිංසක මිනිහෙක් වුණා නම් මෙලහකටත් මරලා දාලා නේද
ආන් මේ මිනිස්සුන්ට හොයන්න වෙන දෙයක් කරන්න වෙන වැඩක් නැද්ද මන්දා
එහෙම බෑනෙ අපේ හාමුදුරුවනේ. අපේ ජාතික සම්පත් කියන්නෙ මේවට තමා.
මට පොලිස්පති තුමාගෙන් අහන්න දෙයක් තියෙනවා.අත්අඩංගුවට ගන්න පුළුවන් ගෙදර හිටියාම විතරද
බලය තියෙන හැමෝම කරන්නේ ඔය ටික තමයි
මේකට කැකෝ ගහගන්න දෙයක්නැහැ . ගිහිල්ල අතින් අල්ලාගෙන පොලොසියට බාරදෙන එකනේ තියෙන්නේ
දේශපාලකයන් රටේ නීතිය ක්‍රියාත්මක කරන කොට මෙහෙම තමයි.ඔහොම යන්
මේවා තමයි නීති විහිළු
ගෙදර හරි වෙන ඕනි තැනකදි හරි අල්ලන්න කියලා වෙනමම උසාවි නියෝගයක් දෙන්න වෙයි වගේ
පොලීසිය කියන දේ පිළිගන්න එපැයි .නීතිපති උපදෙස් ගන්න වෙයි වගේ (ස)
මහේස්ත්‍රාත් පොඩි මිනිහට නම් නීතිය අකුරටම කරනවා.අත්අඩංගුවට නොගන්න හේතුව මහේස්ත්‍රාත් දන්නවා.
මෙතෙක් නොගෙනා හේතුව අපි නම් දන්නවා. ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ලොකු ලොක්කන් සමගයි. ඒ නිසා පොලීසියත් ඔහුට බයවුනා. කොහොම වුනත් ළඟදී ඉඳන් අධිකරණය කෙලින් වැඩ කරන්න පටන් ගෙන තියෙන එක ගැන සතුටුයි. පොලීසියෙන් මෙහෙම අහනකොට, අපට අහන්න හිතෙනවා ඇයි නීතිය භාර අනෙක් ආයතනත් මෙතරම් ස්වාධීන ලෙස කටයුතු කරන්න පමාවුනේ කියලා...
මෙ වගේ මහත්තුරු අත්ඩංගුවට නොගෙනත් බෑ. අත්අඩංගුවට අරගෙනත් බෑ. පොලිසියටත් ප්‍රශ්ණයක්.
නඩුත් හාමුදුවන්ගේ , බඩුත් හාමුදුවන්ගේ (ස)
අත්අඩංගුවට ගන්න ගෙදරම ඉන්න ඕනිද ? (ස)
වෙන පත්තරයක කෙනෙක් කළානම් විමසුම පට්ට ගහනවා. දැන්කෝ
අපේ පොලීසිය මාධ්‍යවලට ගරු කරන නිසා වෙන්න ඇති (ස)
1985 වර්ෂයේදී මරදාන කොළඹ ආනන්ද විදුහලේ 10-5 පන්තියේ මමයි සුදර්මන් රදලියගොඩයි එක පන්තියේ අධ්‍යාපනය ලැබුවේ. අපි දෙන්නා ක්ෂේත්‍ර දෙකක පාරවල් දෙකක ගියා. උසස් අධ්‍යාපනය හා නිවැරදි ප්‍රතිපත්තිය නමැති මාවත මම තෝරාගත් නිසා අද ආචාර්ය උපාධිය ඇතුළු විශ්වවිද්‍යාල උපාධි 5ක් හිමිකරගෙන එහෙත් නිර්ධනයෙක්ව නමුත් ප්‍රතිපත්තිගරුකව මම අද ඉන්නවා. නමුත් ඒ වෙනුවට වැරදි මාවත හා උසස් අධ්‍යාපනයෙන් බැහැරව වාසි ලාභ ලැබීම ප්‍රධානීන්ට කඩේයාම වැනි දේ සිදුකර කිසිදු අධ්යා්පන හෝ වෘත්තීය සුදුසුකමක් නැතිව සුප්‍රකට මාධ්‍ය ආයතනයක ඉහළම මුල් පුටුව හෙබවූ ඔහු අද වංචා දූෂණ නඩුවකට වරෙන්තුකරුවෙක්ව ඉන්නවා. මේක අර බුදුදහමේ තිබෙන ගිරවු දෙන්නගේ කතාව වගේ.මම එක කාලයක දුක්වුනා මේ තරම් උපාධි පශ්චාත් උපාධි අරගෙනත් මම ඉන්නේ පහළ ආර්ථික මට්ටමක ඒත් ඉතාම අඩු සුදුසුකම් තිබෙන මගේ පාසැල් වියේ පන්ති සඟයා කිසිදු අධ්‍යාපන වෘත්තීය සුදුසුකමක් නැතිව ප්‍රධානතම රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතනයක ඉතාම ඉහළ මුල්පුටුවක ඉන්නවා ඒක එයාගේ පෙර පින් ලැබීමක් කියලා. පස්සේ බැලුවාම බුදුදහම සත්‍යයි. බුදුහාමුදුරුවෝ කියලා තිබෙන්නේ වැරදි ක්‍රමයෙන් එකපාර උඩ යන්න නෙවෙයි. ක්‍රමානූකූලව සෙමින් දාඩිය මහන්සියෙන් හම්බ කරන්න කියලයි. මේ අනුව මට බුදුවදන මේ සිදුවීම අනුවත් සත්යනක් බව වැටහුණා.
අත්අඩංගුවට ගන්නේ ගෙදර හිටියොත් විතරද? එතකොට අර ප්‍රසිද්ධ වුණු ඡායාරූපේ???
මේක සාස්‍යජනක රටක් (ස)
අනේ පොලිසිය දන්නෙම නැතුව ඇති ඉන්න තැන
එක ප්‍රවෘත්තියක් තියෙනවා ඩෙනිම් කලිසමක් හොරකම් කරලා දීපු දඩුවමක් ගැන.ඒත් මේවා? අනේ මන්දා කාට කියන්නද කියලා
සුධර්මන් ඔයාට වෙලා තියෙන දේ ගැන කණගාටුයි. ඒ වගේම හිතට දුකයි. කුඩා කාලේදී එක පාසැලේ එක පන්තියේ ඉගෙන ගත්තට වැඩිහිටියෙකු වූ පසුව මම ඔයාගේ ක්රි යාකලාපය පිළිබඳව දන්නේ නැහැ. මමත් මාධ්‍ය වාර්තා මඟින් තමයි මේ හැම දෙයක්ම දකින්නේ. මොනවා කරන්නද? අපල කාලයක් වෙන්න ඇති. හැකිතාක් ආගම ධර්මයට බරව ජීවිතය ගෙනියන්න බලන්න. තෙරුවන් සරණයි !!!
රටේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි ගැන හොඳ උදාහරණයක් තමයි ඕක. මෙයාව අත්අඩංගුවට ගන්න නියෝගය දීල දැන් මාස ගානක් වෙනව. පොලීසියෙ ලොක්කොත් එක්ක හිනාවෙවී ඉන්න පින්තූර පවා පත්තර වල තිබුන. රටේ අධිකරනය පවා මේ තත්ත්වය හමුවේ අසරණයි. පොඩි මිනිහට නම් නීතිය අකුරටම