
(අංජුල මහික වීරරත්න)
මාධ්‍ය ප්‍රචාරයන් හේතුවෙන් පීඩාවට පත්වන පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට නව නීති සම්පාදනය කිරීමට ද සිදු වී තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
විවිධ මාධ්‍ය ප්‍රචාරයන් හේතුවෙන් පීඩාවට පත්වන පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීම රජයේ වගකීමක් බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කීය.
සමාජ මාධ්‍ය හා අනෙකුත් නව මාධ්‍ය හරහා හඩක් නොමැති පුරවැසියාට වන බලපෑමෙන් ඔවුන් ආරක්ෂා කර දිය යුතුව තිබෙන්නේ යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කීවේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් මෙහෙයවන ලද “මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව පිළිබද ඩිප්ලොමා පාඨමාලාව” සාර්ථකව නිම කරන ලද ඩිප්ලොධාරීන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
මෙම උත්සවය අද (2) පෙරවරුවේ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් මෙහෙයවන ලද මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව පිළිබද 10 වන පාඨමාලාව සාර්ථක ලෙස හැදෑරූ මෙවර ඩිප්ලෝමාධාරී සහතිකපත් ලාභී කණ්ඩායමට ඇතුළත් වු ප්‍රථම ඩිප්ලෝමාධාරීන් 315ට පමණ ඩිප්ලෝමා පාඨමාලාව ලබා දීමට එම මණ්ඩලය කටයුතු කර ඇත. මෙම පාඨමාලාව වර්ෂයක අධ්‍යයන කාලයකින් යුක්ත වේ.
ජනමාධ්‍ය ක්ෂේත්‍රයට මෙම ඩිප්ලෝමාධාරීන් වෘත්තීය වශයෙන් පිවිසෙන්නේ රට ඉතාම වැදගත් පරිවර්තනයක් ඉල්ලා සිටින මොහොතක බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම පරිවර්තනය රජයක, ආයතනයක, සංවිධානයක කාර්යභාරයක් නොවන බව පැවසීය.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියාන් ආර් විජේබණ්ඩාර, පුවත්පත් කොමසාරිස් නිරෝෂන් තඹවිට, පාඨමාලා සමායෝජක සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහත්ම මහත්මීහු ද මීට සහභාගී වූහ.


2025 නොවැම්බර් මස 04
252
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1600
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාධ්‍ය ප්‍රචාර නිසා පීඩාවන අයගේ අයිතීන් රකින්න නව නීති
Banda Saturday, 02 August 2025 07:56 PM
ආ එතකොට ඔයාලා මීට පස්සේ රත්තරන් අස්සයෝ ගැන පච ප්‍රචාර කරන්නේ නැතෙයි?