ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් සාක්කි මෙහෙයවීම සඳහා අලුතින් නිලධරයකු පත් කිරීමට යයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මෙතෙක් එම කටයුතු කළේය.
ගුණසේකර මහතා සාක්කි මෙහෙයවීම ගැන නීතිඥවරුද උසාවියේදී පසුගියදා විරෝධය පළ කළහ.
ඒ අනුව පොලිස්පති විසින් ඒ සඳහා පොලිස් නීති කොට්ඨාසයේ නිලධාරියකු පත් කරනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සාක්කි මෙහෙයවීම සම්බන්ධයෙන් මතුවූ විරෝධතා ඊට හේතුවූ බවත් කියති.
රුවන් ගුණසේකර මහතා සාක්කි විභාග කිරීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා විරුද්ධ වූ අතර ඊට පිළිතුරු ලෙස ගුණසේකර මහතා කීවේ මහේස්ත්‍රාත් අධිකරණයේ මරණ පරීක්ෂණයේ සාක්කි විභාගයට පොලිස්පති විසින් තමා පත් කළ බවයි.
මරණ පරීක්ෂණයක දී පොලිසිය සිදුකරනුයේ අධිකරණයට සහාය වීම පමණක් බවත්, මෙම සාක්කි විභාගයේ දී අධිකරණයට සහාය වීමට පත් කර ඇත්තේ තමා බවත්, නොඇසිය යුතු ප්‍රශ්නයක් තමා අසන්නේනම් එය වැළැක්වීමට අධිකරණයට හැකියාව ඇති බවත් ඔහු කීවේය.
නීතීඥවරුන්ගේ හා පවුලේ උදවියගේ තර්කය වූයේ මරණය ගැන මුල සිටම පොලිසියේ පැත්තට ප්‍රකාශ නිකුත් කර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සාක්කි මෙහෙයවීම සදාචාරාත්මක නැති බවයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කීවේ සාක්කි විභාගයේ ඉදිරි කටයුතු පොලිස්පති විසින් පත් කරන වෙනත් නිලධරයකු කරනු ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුවෙන් විතරක් ඉවත් කරලා ඇද්ද? පොලිසියේ ගෞරවය රැකිය යුතුයි. (නි)
නීතියට ගරුකිරීම විශිෂ්ටයි. රාජපක්ෂ සමයේ මේ වගේ දේවල් අපිට දකින්න ලැබුනේ නැහැ. (නි)
එහෙම කරපු එක හොඳයි (නි)
ඉස්සර කාලේ නඩු ඇහුවේ කොහෙද? ගෙවල්වලට ගිහින් අතුරුදහන් කළා නම් අපිට මතකයි (නි)
මේ රටේ හැම කුණුගොඩම අන්තිමට යන්නේ පොලිස් නිලධාරීන්ගේ කරපිටට තමයි (නි)
හැමදේටම අන්තිමට පළි පොලිසිය (නි)
අපේ මාධ්‍ය ප්‍රකාශකතුමත් දාගන්න ලෙඩ? (නි)
අනේ හොඳයි. එතකොට බොරු කිවුවට දඬුවම් දෙන්නෙ නැද්ද? (නි)
අනේ මන්දා මොනවා වෙයිද කියලා ඉස්සරහට? (නි)
මෙතුමා නිකන් ඉල්ලන් පරිප්පු කනවනේ... (නි)
මහින්ද රාජපක්ෂ කාලයේ සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අපිට දහස් වාරයක් වටිනවා (නි)
හොඳ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සහ පොලිස් සේවයටම මෙම ගැටුමට සම්බන්ධ ප්‍රධාන නිලධාරීන් කිහිපදෙනා නිසා බලවත් අපකීර්තියක් මෙන්ම මහජනයාට ලොකු අසාධාරණයක් වුණා. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළයුතුයි (නි)
යුක්තිය ඉටුවීම පමණක් නොව ඉටුවෙන බව පෙනෙන්නට තිබීමත් යහපත් ලක්ෂණයකි. ඔබතුමා මාධ්‍ය ප්‍රකාශක තනතුර ගැනත් දෙපාරක් කල්පනා කලොත් තවත් විශිෂ්ටයි. (ර)
ඒ තීරණයට අපිත් කැමතියි (නි)