ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් සාක්කි මෙහෙයවීම සඳහා අලුතින් නිලධරයකු පත් කිරීමට යයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මෙතෙක් එම කටයුතු කළේය.
ගුණසේකර මහතා සාක්කි මෙහෙයවීම ගැන නීතිඥවරුද උසාවියේදී පසුගියදා විරෝධය පළ කළහ.
ඒ අනුව පොලිස්පති විසින් ඒ සඳහා පොලිස් නීති කොට්ඨාසයේ නිලධාරියකු පත් කරනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සාක්කි මෙහෙයවීම සම්බන්ධයෙන් මතුවූ විරෝධතා ඊට හේතුවූ බවත් කියති.
රුවන් ගුණසේකර මහතා සාක්කි විභාග කිරීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා විරුද්ධ වූ අතර ඊට පිළිතුරු ලෙස ගුණසේකර මහතා කීවේ මහේස්ත්‍රාත් අධිකරණයේ මරණ පරීක්ෂණයේ සාක්කි විභාගයට පොලිස්පති විසින් තමා පත් කළ බවයි.
මරණ පරීක්ෂණයක දී පොලිසිය සිදුකරනුයේ අධිකරණයට සහාය වීම පමණක් බවත්, මෙම සාක්කි විභාගයේ දී අධිකරණයට සහාය වීමට පත් කර ඇත්තේ තමා බවත්, නොඇසිය යුතු ප්‍රශ්නයක් තමා අසන්නේනම් එය වැළැක්වීමට අධිකරණයට හැකියාව ඇති බවත් ඔහු කීවේය.
නීතීඥවරුන්ගේ හා පවුලේ උදවියගේ තර්කය වූයේ මරණය ගැන මුල සිටම පොලිසියේ පැත්තට ප්‍රකාශ නිකුත් කර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සාක්කි මෙහෙයවීම සදාචාරාත්මක නැති බවයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කීවේ සාක්කි විභාගයේ ඉදිරි කටයුතු පොලිස්පති විසින් පත් කරන වෙනත් නිලධරයකු කරනු ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාධ්‍ය ප්‍රකාශක නඩුවෙන් ඉවතට
දීපාල් Saturday, 16 January 2016 02:09 PM
නඩුවෙන් විතරක් ඉවත් කරලා ඇද්ද? පොලිසියේ ගෞරවය රැකිය යුතුයි. (නි)
සී.කේ.ලංකාපුත්‍ර Saturday, 16 January 2016 12:49 AM
නීතියට ගරුකිරීම විශිෂ්ටයි. රාජපක්ෂ සමයේ මේ වගේ දේවල් අපිට දකින්න ලැබුනේ නැහැ. (නි)
වෙනුර Saturday, 16 January 2016 01:17 AM
එහෙම කරපු එක හොඳයි (නි)
විදානේ Saturday, 16 January 2016 01:21 AM
ඉස්සර කාලේ නඩු ඇහුවේ කොහෙද? ගෙවල්වලට ගිහින් අතුරුදහන් කළා නම් අපිට මතකයි (නි)
චන්දන Saturday, 16 January 2016 02:03 AM
මේ රටේ හැම කුණුගොඩම අන්තිමට යන්නේ පොලිස් නිලධාරීන්ගේ කරපිටට තමයි (නි)
යටවත්ත Saturday, 16 January 2016 04:25 AM
හැමදේටම අන්තිමට පළි පොලිසිය (නි)
ටෙනිසන් Saturday, 16 January 2016 06:01 AM
අපේ මාධ්‍ය ප්‍රකාශකතුමත් දාගන්න ලෙඩ? (නි)
දම්මි Saturday, 16 January 2016 06:26 AM
අනේ හොඳයි. එතකොට බොරු කිවුවට දඬුවම් දෙන්නෙ නැද්ද? (නි)
ඉරන්ත Friday, 15 January 2016 03:34 PM
අනේ මන්දා මොනවා වෙයිද කියලා ඉස්සරහට? (නි)
සජිත් Friday, 15 January 2016 04:09 PM
මෙතුමා නිකන් ඉල්ලන් පරිප්පු කනවනේ... (නි)
ආනන්ද දොඩන්ගොඩ Friday, 15 January 2016 05:56 PM
මහින්ද රාජපක්ෂ කාලයේ සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අපිට දහස් වාරයක් වටිනවා (නි)
විජේ Friday, 15 January 2016 07:22 PM
හොඳ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සහ පොලිස් සේවයටම මෙම ගැටුමට සම්බන්ධ ප්‍රධාන නිලධාරීන් කිහිපදෙනා නිසා බලවත් අපකීර්තියක් මෙන්ම මහජනයාට ලොකු අසාධාරණයක් වුණා. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළයුතුයි (නි)
ජ හ ජෝන් Saturday, 16 January 2016 12:36 PM
යුක්තිය ඉටුවීම පමණක් නොව ඉටුවෙන බව පෙනෙන්නට තිබීමත් යහපත් ලක්ෂණයකි. ඔබතුමා මාධ්‍ය ප්‍රකාශක තනතුර ගැනත් දෙපාරක් කල්පනා කලොත් තවත් විශිෂ්ටයි. (ර)
ප්‍රේමතිලක Friday, 15 January 2016 09:12 PM
ඒ තීරණයට අපිත් කැමතියි (නි)