ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු බව කියන මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ලින්ටන් විජේසිංහ පහරදුන්නැයි මහනුවර පිළවල ශ්‍රී ඉසිපතනාරාම විහාරාධිපති පේරාදෙණියේ ධම්මසේන හිමියන් පැමිණිල්ලක් කැර ඇතැයි වත්තේගම පොලීසිය කියයි.
විහාරස්ථානය අසල නිවසක කලබලයක් ඇසී ඒ ස්ථානයට තමන් ගිය බවද පසුව සිද්ධිය නතර කිරීමට ගත් උත්සාහයේදී ලින්ටන් විජේසිංහ සිය සිවුරෙන් ඇද නව වැනිදායින් පසු සිවුර ගලවා දමන බවට තර්ජනය කළ බවද ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාද එහි සිටි බව ධම්මසේන හිමිගේ පැමිණිල්ලේ සඳහන්වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වීමසීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා සම්බන්ධ කිරීමට ගත් උත්සාහය අසාර්තක විය.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනුයේ රඹුක්වැල්ල ඇමැතිවරයා එම ගැටුම බේරුම් කිරීමට උත්සාහ ගත් බවයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ දෙන්න. තව ගුටිකන්න. (ස)
ඔන්න තියනවා සුබ අනාගතේ. බලය ලැබෙන්න කලින් ඔහොමනම් බලය ලැබුනට පස්සේ කොහොම ගහයිද? දැන්වත් බුද්ධිය පහල වේවා. (ස)
ඔය දෙන්නම කුණ්ඩසාලේ විනාශ කරනවා...භිෂණය පතුරවනවා... (ස)
කෙහෙළිය රඹුක්වැල්ල මහතා කලින්ම කළගුණ සලකන්න ගෙදරකට යන්න ඇති. (නදී)
ආනන්තරීය පාපකර්ම. ආත්මයක් නැති මිනිස්සු. (නදී)
නායකයා යන පාරේ ගෝලයෝ යන එක අරුමයක් නෙමෙයිනේ (නදී)
මුන් මහා තිරිසන්නු. ඉස්සරහට දිනුවොත් මෙයිට වඩා දරුණු තක්කඩිකම් කරයි (නදී)
කෝ බොදුබල සේනා? ඇමති කෙනෙක් නිසා හොඳට ගියා.නැත්තම්....? (නි)
මෙම පහරදීම හිමි නමකට වූ නිසාම අදහස් නොලියමි. වඩාත් ගැඹුරින් සිතනවිට බෞද්ධ සමාජය කොතරම් පිරිහී ඇත්දැයි සිතීමට මෙය ප්‍රමාණවත් වේ. පසුගිය වසරක කාලය පුරාවට භික්ෂූන් වහන්සේ මරාදැමීම් පහරදීම් කොතරම් සිදුවී ඇද්ද? සදාචාරය ගැන කොතෙක් කතාකළත් මෙය ගිහි පැවිදි සමාජයේ ගරාවැටීමකි. ඉහළින් ගලාවිත් ගහකොළ ගේ දොර වනසාලන ලාවා සේ මුදාහැරෙන ප්‍රචණ්ඩත්වය අවසන සමාජය දවා හලුකරන දිනයක් එනතුරුම බලා සිටිමුද? (නි)
මෙයාලට ඡන්දය දීලා අපිටම ගහගන්නවා අපි. බලනකොට අපි තමයි මෝඩයෝ. ප්‍රතිපත්තියක් නැති උගත්කමට තැනක් නැති මෙහෙම රටකනේ අපි ඉන්නේ. (නි)
මේවා නම් බොහොම නරක වැඩ (නි)
කෝ දැන් බොදු බල සේනා (දිල්)
මෙහෙමත් අපරාධ (දිල්)
මේද පාර වෙනසක් නොකරොත් ලිබියාව මෙන් මහා විනාසයක් සිදු වී රට කැලි කැලි වලට කැඩී මහා මිනිස් සංහාරයක් වන බව විශ්වාසයි .(හේ)
අන්තිම දවස් ටිකනේ ඒකයි ඔය . අපි බලමු 8වැනිදායින් පස්සේ (දිල්)
පින්වතුනි, මේ අපරාධ ගැන බුද්ධිමත්ව හිතන්න (නි)
මේ අයගෙන් තමයි කවදත් බේරෙන්න අමාරු! (නි)
ගහපු කෙනා බෞද්ධයෙක්ද දන්නේ නැහැ(දිල්)
බලනකොට හැමකෙනාම එකයි. අර ගුවනේදීත් ප්‍රශ්නයක් වුණා නේද මීටකලින්? (නි)
ඇමතිතුමා නම් අපි දන්නා තරමින් හාමුදුරුවන්ට හොඳ ගරුත්වයක් දෙන කෙනෙක්. කවුරු කළත් මේක නම් පාපකර්ම වැඩක්. වැඩේ ඇත්ත නම් මේ ආත්මෙදීම පව් ගෙවන්න වෙනවා (නි)
අපි කවුරු කවුරුත් ගැන හොඳින් දන්නවා (නි)