සංගීත ක්ෂේත්‍රයට මෑත කාලයේ නවකයන්ගේ පිවිසීම ඉතා වේගයෙන් සිදුවෙයි. විවිධ පරාසයන් අතර වෙනස්ම තේමා ඔස්සේ නව නිර්මාණද ඔවුන් අතින් එක්වන ප්‍රමාණයද අතිවිශාල වී තිබේ. මෙලෙසින් සංගීත ක්ෂේත්‍රයේ දොරගුළු විවෘත කරගත් නවපරපුරේ යොවුන් ගායකයෙකු ලෙස මධු රොක්ස් හඳුන්වාදිය හැක. මේ දිනවල ඔහුගේ අලුත්ම ගීත රූප රචනාව වූ "ඔබ ගියා කියා" ගීතය රසිකයන් අතර වඩා ජනප්‍රිය වී ඇත.
"මේ ගීතය මට වුණ අත්දැකීමක් මත නිර්මාණය වුණ ගීතයක්. ලිව්වෙ විශ්ව එස්.මහානාම. සංගීතය එකතු කළේ හෂාන් දිලින. මෙහි මියුසික් වීඩියෝව නිර්මාණය කළේ "අනුහස්" මියුසික් හවුස් ප්‍රඩක්ෂන් එකෙන්. විඩියෝවේ අධ්‍යක්ෂණ කටයුතු සිදු කළේ ළහිරු හෙට්ටිආරච්චි. මා සමගින් ජනප්‍රිය ටෙලි නාට්‍යය නිළි ශෂි ඇන්ජලිනා හා නවක මෝස්තර නිරූපිකාවක වූ පියෝනා ප්‍රනාන්දු රංගනයෙන් දායක වෙනවා. මෙය ආදරය හා විරහව පදනම් කරගෙන නිර්මාණය වුණ ගීතයක්. නමුත්, අද තියෙන රැල්ලත් එක්ක ගත්තොත් මේ ගීතය ගොඩක් වෙනස් එක්ක කියලා සඳහන් කරන්න පුළුවන්."
ගී පද රචකයෙකු, නර්තන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ ඔහු කුංග්ෆු සටන් කලාව හදාරන්නෙකු ලෙසද නමක් දිනා ඇත. ඔහු දැනට "මධු ඩ්‍රිම් ප්‍රඩක්ෂන්" නමින් ආයතනයක්ද පවත්වාගෙන යමින් සිටියි. මීට වසර කිහිපයකට සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ වී ඇති මධූ මේ වනවිට ගීත කිහිපයක්ම එළිදක්වා තිබේ. ඒ අතරින් %හිත පුරා සෙනෙහස^ මෙන්ම %සිංහ තේජස^ ගීත අතිශය ජනප්‍රිය විය.
"ඔබ ගියා කියා" ගීතයට අමතරව මේ දිනවල මම තවත් අලුත් ගීත කිහිපයක්ම එළිදක්වන්නට සූදානමින් සිටිනවා. බොහෝ විට ඒ අතරින් %මගේ ලොව හිරු^ කියන ගීතය ඉතා ඉක්මනින් මගේ රසික, රසිකාවියන්ට අහන්නටත්, දකින්නටත් ලැබෙයි කියලා හිතෙනවා. මේ ගීතය ලිව්වෙ සාගරිකා ශ්‍රීපාලි, මියුසික් කළේ චන්දන වල්පොල. "හරි" ක්‍රියේෂන්ස් ආයතනය තමයි මෙහි මියුසික් වීඩියෝව නිර්මාණය කළේ. මෙහි මා සමගින් ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක වුණ නයෝමි තක්ෂිලා රංගනයෙන් දායක වෙනවා."
මධු ආ ගමන්මගේදී ඔහුව ධෛර්මත් කර ඇත්තේ ඔහුගේ පවුලේ උදවිය බව ඔහු පවසනවා. එමෙන්ම ක්ෂේත්‍රය තුළදී වචනයකින් පවා උදව් කළ පිරිස් බොහෝමයක්ද ඔහුට සිටින බවද ඔහු පවසයි. එමෙන්ම %ෆේස්බුක්^ සමාජ ජාලය තුළදී ඔහුට මුණගැසුණු මිතුරු, මිතුරියන්ද මතක් කළ ඔහු අවසානයේ "ඔබ ගියා කියා" ගීතයේ ඔහුගේ කොණ්ඩ සැකසුම් ශිල්පියා ලෙස කටයුතු කළ ලසිත් අමරබන්දුව විශේෂයෙන්ම මතක් කර සිටියා.
0710 351 494 - 0778 113 331
බුද්ධික සේනාධීර
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
697
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මධුගේ "ඔබ ගියා කියා" එළිදකියි