යහපත් දේශයක් බිහි කිරීම රමුණු කොට ගනිමින් එක්සත් ජාතික පෙරමුණ හා සිවිල් සංවිධාන අතර ගිවිසුමකට අත්සන් තැබීම අඟහරුවාදා (28) පෙරවරු 9.30ට කොළඹ පදනම් ආයතනයේ දී සිදු කිරීමට නියමිතය.
එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් එහි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ ගිවිසුමට අත්සන් තැබීමට නියමිත අතර සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරය වෙනුවෙන් කොට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමි ද වෘත්තීය සමිති සිවිල් සංවිධාන රැසක නියෝජිතයන් ද මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටහිර රටවල් මෙහෙයවන සිවිල් සංවිධාන වලට අනුව තමා අපේ අගමැතිතුමා රට කරවන්නේ. අපි එතුමන්ලාට ජන්දය දුන්නේ ඒ නිසා තමයි. (ම)
සහතික ඇත්ත නිමල් කියන එක. සිංහලයට තියෙන එකම රට ලංකාවයි. අපේ සිංහල රට සහ සිංහල ජාතිය ආරක්ෂා කිරීම අප හැම දෙනාගේම වගකීමයි. එය විනාශ කරන්න හදන දේශද්‍රෝහීන් රටෙන් පැන්නිය යුතුයි. (නදී)
කැළණි විහාර භූමියේ රතුපල්ලිය හැදුනේත්, දළඳා මාලිගා භූමියේ සෙන්ට් පෝල් පල්ලිය හැදුනේත් අපේ භික්ෂුන්වහන්සේලාගේ නම්‍ය සුලුභාවය ප්‍රයෝජනයට ගෙනය. (බ)
මහා බැංකු බැඳුම් කර හොරට විකුණා කොටි 6000 ක් පිල්ලිගැහීම කසිප්පු සැදීමට එතනෝල් බලපත්‍ර 26ක් දීම යහපත් දේශයක් බිහි කරන සාධාරණ සමාජයේ ලක්ෂණද. (බ)
විදේශ මුදල් මත යැපෙන සංවිධාන සමග ගිවිසුම් ගැසීම , රට විකුණුවා හා සමානය (නදී)
අතලොස්සක් ඇති මේ සංවිධාන වෙනුවෙන් රට පාවා දිය යුතුද ?(නදී)
මේ ගිවිසුම් රටට හෙළි කල යුතුය (නදී)
හොද වැඩක් අගය කරනවා (ම)
උතුරේ සහ නැගෙනහිර අයත් මේකට සහභාගි වෙනවද? (ම)
නිමාෂ ගේ වැදගත් අදහස අගය කරමු. බඩ ගැන පමණක් හිතන උදවිය ගොඩක් ඉන්න අය අතර රට ගැන හිතන ඔබ වැනි අය විරලය . (ස)
සොබිත හාමුදුරුවෝ රටේ අබ්යන්තර ප්‍රසන අපිට කෙසේ හෝ විසදා ගන්න පුළුවන්. අන්න අර කට්ටිය ෆෙඩරල් පාලනයක් ඉල්ලනවා. ඔබ වහන්සේට එ්ක ප්‍රස්නයක් නැද්ද ? 13 එපා කියා එදා 1987 මැයි මාසේ මාරාන්තික සත්‍යග්‍රහයක් කළා නේද? මාත් සහබාගි උනා. මොරටු සරසවි මා සහෝදර ක්ලිපාඩ් පෙරේරා බල්ලෙක් වගේ වෙඩි තියලා මැරුව ඔබ වහන්සේ පත්‍ර වල දකින්න ඇතිනේ. 13 නොවේ අද මෙයා ලා ඉල්ලන්නේ 13 ට එහා ගිය වෙනම පාලනයක් නේද ? (නදී)
අනේ හාමුදුරුවනේ පිනට ලැබෙන දාන වෙළ වළදලා ඉන්න පුළුවන් නේ (ම)
දැන් තැටිය රත් කරගන්න පුළුවන් රොටී කන්න (බ)
මාදුළුවාවේ සෝභීත හිමි කවදාත් සිටියේ නිවැරදි පැත්තේ, ,කාලෙන් කාලෙට සිටි පක්ෂවල වැරදි තියේනම් ඒවා හදන්න බැරි නම් , ඉවත්ව විකල්ප පැත්තක් ගෙන වඩාත් වැරදි පැත්ත නැති කරන්න උත්සාහ කරනවා (ම)
මේ රට විනාශ කරන අය වෙන්න එපා (බ)
පන්සලට ගානක් කඩාගන්න විදිහේ ගිවිසුමක් වගේ. (නදී)
කෝට්ටේ රාජදානිය හැමදාමත් අතීතයේ පටන් සුද්දාගේ කුණු කාල රට පාවාදීපු එකට හොදට ප්‍රචලිතයිනේ. එ්කේ ඉතුරුවුණු අය ගැන කව්රුත් දන්නවා ඇති නේද ? (නදී)
සෝබිත හාමුදුරුවනේ! එදා ජේආර් ධර්මිෂ්ට සමාජයක් හදනවා කියල හැදුවේ මකියවෙලිගේ 'Just society ' එකක්. තාමත් රට එම කෑම කනවා. දැන් ආයෙත් 'මෛත්‍රී' පාලනයක් හදන්න ඇවිල්ල. මෙහි 'compationate goverance ' කියන එකත් ඇමරිකාවේ බුෂ් මැතිවරනෙට යොදාගත් අදහසක්. දසරාජ ධර්මය පෙන්නලා මෙයාල ආයෙත් වැඩ පටන් අරන්. සිදුවියහැකි විනාශයේ පව් කයන් වාචා චිත්තෙන ගාථාවෙන් නම් කමාකරවා ගන්න බැරිවේවි. (ස)
සිංහලයා සාධාරන සහ සාමකාමී වූ නිසයි සිංහලයාට අද විනාශය කරා යමින් සිටින්නේ. මේ සාධාරන සමාජයක් සඳහාවූ ව්‍යාපාරය මේ රටේ සියලුම දෙනාට එකම නීතියක් යටතේ ජිවත් වීම සඳහා , හලාල් .හැකිනම් විවාහ පහක් .නිවාස 10 කට එක ආගමික මධ්‍යස්ථානයක්, වැනි ආගමික නීති සහ වාර්ගික ජනපද පිහිටුවීම වැනි දේ තහනම් කර එකම නීතියක් යටතේ ජිවත් වීමට සලස්වානවාද? නැතිනම් අද දේශපාලයන කරන්න සේ බලය ලබාගැනීම සඳහා සිංහලයා බිල්ලට දෙනවාද? (බ)