(ඉන්දිකා රාමනායක)
අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කරමින් 15 හැවිරිදි දැරියක මුදලට අලෙවි කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
සැකකරු ගල්කිස්ස ප්රදේශයේ මහල් නිවාසයක නිවසක් කුලියට ගෙන දැරිය එහි රඳවා මෙම ජාවාරම සිදු කර ඇති බවද පොලිසිය පවසයි.
දැරියගේ ඡායාරූප සහිතව අන්තර්ජාලය දැන් දැන්වීම් පළ කර ඒ අනුව ඇනවුම් කරන පුද්ගලයන්ට දැරිය ලබාදී ඇති බවද පොලිසිය සඳහන් කරයි.
මෙම දැරිය දෙල්ගොඩ ප්රදේශයේ පදිංචිකාරියක් බවත්, ඇගේ මවගෙන් සැකකරු මෙම දැරිය ලබාගෙන ඇති බවද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව ගෙන් ද පොලිසිය ප්රකාශ සටහන් කරගෙන ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපරාධයට සම්බන්ධ සෑම දෙනාටම නීතිය දැඩිව ක්රියාත්මක විය යුතුයි. අනාචාරයේ හැසිරීමට පැමිණි අය ඇතිනම්,ඒ සියලුම දෙනා උසාවි ඉදිරිපත් කරන්න. එවිට,අයියලාගේ වතගොත නම් ගම් ඔක්කොම එළිවේවි. කිව්වාට අමනාප වෙන්න එපා... අපේ නීති හා ආරක්ෂක අංශ මීට වඩා උනන්දුවක් ගෙන, මෙවැනි දේවල් වලට දැල එළිය යුතුයි.
මේ කාලකන්නියාටත් කල්ලතෝනි ලේබලය යටතට නොගෙන මෙම පාහරයාගේ වතගොත මහජනතාවට ඉතා ඉක්මනින් දැනගැනුමට හැකි වේවා...!!!
වහාම අත්අඩංගුවට ගන්න
ඔය වගේ කාලකන්නින්ගේ මූණ තහඩුවේ පින්තූරයක් දාන්න. ගඩොල් භාගෙකින් හරි සලකන්න පුලුවන්නේ...
විකුණපු පුද්ගලයාට වඩා දැඩි දඬුවමක් ලැබිය යුත්තේ දැරියව ගත් තිරිසනුන්ටයි.. මෙම දැන්වීම දුටු අය කළයුතුව තිබුනේ එයට විරෝධය පා ඒ ගැන වගවිය යුතු ආයතන දැනුවත් කිරීමයි. අනේ අපොයි අපි ජීවත් වන රටක හැටි..!