(අමදෝරු අමරජීව)
විවෘත නොවු තැපැල් ඉතිරි කිරිමේ ගිණුම්වල මුද්දර ඉදිරිපත්කර තැපැල් කාර්යාල වලින් වංචනික ලෙස රුපියල් 47500/-ක් ලබාගත් වැඩ තහනමට ලක්වි සිටින උපතැපැල් ස්ථානධිපතිනියක් ලබන 24 දා දක්වා බන්ධනාගාරගත කර ලෙස කන්තලේ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තුසිත ධම්මික උඩුව විධාන මහතා කන්තලේ මුලස්ථාන පොලිසියට නියම කළේය.
මෙසේ බන්ධනාගාරගත වුයේ මාවනැල්ල අලුත් නුවර පදිංචි උපාසක ගෙදර අයේෂා කුමාරි (43) නැමැති අයයි.
සැකකාරිය තඹලගමුව , කන්තලේ ගල්මැටියාව, මොල්ලිපොතාන හා ත්‍රිකුණාමලය යන තැපැල් කාර්යාලවලින් තැපැල් ඉතිරි කිරිමේ පාස්පොත් තුනක් උපයෝගි කරගෙන මෙම මුදල වංචා කර ඇතිබව සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කන්තලේ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ සැරයන් (29118) බණ්ඩාර මහතා අධිකරණය හමුවේ පැවසිය.
කෑගල්ල තැපැල් අධිකාරිවරයා විශේෂ අපරාධ විමර්ශණ ඒකකයට කල පැමිණිල්ලක් අනුව කන්තලේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.පි.බි.විජේසිරි මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් පරික්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකාරිය උපතැපැල් ස්ථානාධිපතිනියක්ව සිටියදි වැඩ තහනමකට ලක් විමෙන් පසු තම භාරයේ තිබු තැපැල් පාස්පොත්, ඉතිරි කිරිමේ මුද්දර, දින මුද්‍රා භාර නොදි රැගෙනවිත් මෙම වංචාව සිදුකර ඇති බව පොලිසිය ඉදිරිපත්කල වාර්තාවෙන් කියවිනි.සැකකාරිය රුපියල් 89000/-ක තැපැල් ඉතිරි කිරිමේ මුද්දර රැගෙනවිත් ඇතිබවද වාර්තාවේ තවදුරටත් දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාවේ ගැහැනුන් මාර ගෙම්නේ ගහන්නේ. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.
ඇය වැඩ තහනමට ලක් කර, සේවය කළ උප තැපැල් කාර්යාලයෙන් නිදහස් කිරීමේදී දෙපාර්තමේන්තුව සතු සියලු දේපල සහ මුල්‍යමය දේ භාර ගැනීම ප්‍රාදේශීය තැපැල් අධිකාරිවරයාගේ වගකීමයි. එය එසේ නොවුන බවක් කියවේ, වගකීම ඉටුකර නැත,. වංචාවට ඉඩ සලසා ඈති බවක් පෙනේ.