
(නිමල කොඩිතුවක්කු)
ජනමත විචාරණයකට තුඩු දෙන කිසිදු සංශෝධනයක් මේ අවස්ථාවේ ගෙන ඒමෙන් වළකින්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව පැෆරල් සංවිධානය පවසයි.
රට ආර්ථික අර්බුදයකට මුහුණ දෙන අවස්ථාවේදී රුපියල් බිලියන දහයක මුදලක් වියදම් කර ජනමත විචාරණයක් පවත්වන්නේ නම් එය මූල්‍ය අපරාධයක් බවත් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මුදල් නොමැති බව පවසමින් පළාත් පාලන මැතිවරණය කල් දමා ඇති වකවානුවක ආණ්ඩුව ජනමත විචාරණයකට තුඩු දෙන සංශෝධන ඉදිරිපත් කිරීම පිළිගත නොහැකි බවත් ඔහු සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය මගහැර ඇති ආණ්ඩුව තමන්ගේ බලයේ පැවැත්ම වෙනුවෙන් ක්‍රියා කරන ආකාරය මෙමගින් නිරීක්ෂණය වන බවත් හෙට්ටිආරච්චි මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් කෑවට මොකද, කොහොම හරි බලය රැක ගන්න එක ඒ වගේද? වියදම් වන මුදල් ගෙවන්නේ බදු මුදල් ගෙවන ඔහෙලනේ.
ජනමත විචාරණයක් අහවල් දේකටද? දූෂිත දේශපාලුවෝ, වහල්ලු හැරුණාම මුලුමහත් ජනතාවම පින් ජනපතියාට විරුද්ධයි. දූෂිත පවුල් පාලනේ අය සහ දූෂිත දේශපාලුවෝ රටම හොරාකාලා විනාශ කෙරුවා. ලෝකයේ ජීවත්වෙන ලාන්කිකයෝ බලාපොරොත්තු වෙන්නේ ඡන්දයක් පමණි .