‘මුදල් ඇමැති පාලනය නොකර රටේ ආර්ථිකය පාලනය කරන්නට බැහැ‘ යි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතා අද (26) ඇන්.ඇම්.පෙරේරා මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුවකදී කීවේය.

‘මේ මුදල් ඇමැති දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අයට හමුවක් දෙන්නේ නැහැ. අපි ජනපතිවරයාගෙන් හා අගමැතිගෙන් ඉල්ලනවා මේ මුදල් ඇමැතිවරයා පාලනය කරන ලෙස. තමුන්නාන්සේලා ආර්ථිකය පාලනය කරන්න. මුදල් ඇමැතිවරයා කටයුතු කරන්නේ ධනපති ස්ථරයේ. රජයේ ආදායම ගොඩගන්න බැරිනම් ආණ්ඩු කරන්න බැහැ.  මේවා වමේ අපි පහුගිය අවුරුදු දහයෙම කිව්වා තුට්ටු දෙකකට ගණන් ගත්තේ නැහැ. දැන් තියන ආණ්ඩුවත් එකයි කලින් ආණ්ඩුවත් එහෙමයි‘

DSC_5826