( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රහස් පොලීසියේ රැදවුම් නියෝග යටතේ රදවා ගෙන සිටින තමා වහාම මුදහැරීමට නියෝග කරන කරන ලෙස ඉල්ලා මද්‍රසා පාසලක ගුරුවරු දෙදෙනකු සිය නීතීඥවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුව් මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කර ඇත.
පුත්තලම,කරයිතිව්,අල් සුහයිරා අරාබි පාසල් ගුරුවරුන් වන මුහම්මද් ජවුෆර් ලුක්මන් හකීම් සහ මොහොමඩ් වසීර් වෙනුවෙන් නීතිඥ එරික් බාලසූරිය මහතා මෙම පෙත්සම් ගොනු කර ඇත.
එලෙස අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීරණය කරන ලෙසත් පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයා, නීතිපති වරයා, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා, එහි ලේකම් නීතීඥ රජීව් අමරසූරිය මෙහි වගඋත්තරකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි, ඉල්ලගෙන බෝම්බ කාපු, කලගුණ නොදත්, ආගමික, අන්තවාදී පූජකයින් සනසනන්න ගිහින් අහිංසක මුස්ලිම්වරු තරහ කරගන්න එපා. ඒ ගොල්ලන් පත් කරගනිපු යහපාලන රජයටත් නැති අමාරුවක් ඔබේ ආණ්ඩුවට ඇයි?
මෙන්න වෙලාව
ඡන්දෙදී පොරොන්දු වූ ආකාරයට මද්‍රසා තවම වහලා නැද්ද? දිරච්ච ලණු ගිල්ලා හැටනම ලක්ෂයේ නොවැම්බර්වරුන්ට පව්.