අම්බලන්ගොඩ හල්වතුරේ නගර සභා කුණු කන්දට ගිනි ඇවිළී අක්කර බාගයක් පමණ දැනටම පිළිස්සී කළු දුමාරය පවතින බව වැසියෝ කියති.
ගාල්ල නගර සභා ගිනි නිවන ඒකකය කැඳවා ඇත. ප්‍රජාපතී බාලිකා විදුහල සමීපයේ අක්කර පහක බිමක කුණු බැහැර කරයි.
ඡායාරූප - සුසිල් ප්‍රියන්ත
ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා
මේ අතර හැටන් කුඩාගම රක්ෂිතයේ ගින්නක් නිවා දැමීමට හැටන් - දික්ඔය නගර සභාවේ සහ හැටන්-කොටගල තෙල් සංස්ථාවේ ගිනි නිවන ඒකක හා පොලිසිය දැඩි වෙහෙසක් ගත්තේය.
ඩෙවොන් ඇල්ලේ ජල මූලාශ්‍ර එම රක්ෂිතයේ පිහිටියේය. අක්කර 20ක් පමණ ගින්නෙන් වැනසී ගියේය.
රංජිත් රාජපක්ෂ
මැදගම පැපොලදෙණිය ගිරාගම කන්දේ අක්කර 100 ක් පමණ ගිනිගෙන දැවෙමින් පැවතින බව වැසියෝ කියති











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයා හිටියා නම් ඕක වෙන්නේ නැහැ (නි)
අම්බලන්ගොඩ නගර සභාවට ගිනි නිවන ඒකකයක් නැද්ද....? උදවුවට යන එක වරදක් නැහැ. නමුත් මේ වෙලාවෙ ගාල්ලෙත් අනතුරක් වුණොත්? (නි)
කුණු දහනය වීමේදී පිට වන බ්ලැක් කාබන් නමැති වායුව ඉතාම විෂ සහිත වන අතර එය දේශගුණික වෙනස්වීම් ඇති කරවන ප්‍රධානතම වායුවකි. ලංකාව තුළ කුණු පිච්චීම සම්පුර්ණයෙන්ම තුරන් කළ යුතුය.(ම)