
(චාපා මධුභාෂිණි)
වී මිල වහා වැඩි කර, පොහොර සහනාධාරය නැවත ලබා දෙන්නැයි රජයට බල කරමින් මැදිරිගිරියේ ගොවීහු මැදිරිගිරිය නගරයේ දී අද විරෝධතාවයක නිරතවූහ.
මැදිරිගිරිය නගර මධ්‍යයෙන් ආරම්භ කළ මෙම විරෝධතා පාගමන කළගෙඩි පාලම අසලින් අවසන් කළහ.
මේවනවිට පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ සියයට 40ක් පමණ අස්වනු නෙලා අවසන් කර ඇති නමුත් ආණ්ඩුව මේ වනතෙක් වී සඳහා සහතික මිලක් දීමට කටයුතු කර නොමැති බව උද්ඝෝෂකයෝ චෝදනා කළහ.
රජය මගින් සහතික වී මිලක් ලබා නොදීම හේතුවෙන් මහාපරිමාණ වී මෝල් හිමියන් විසින් නාඩු වී කිලෝවක් රුපියල් 37-45 අතර මුදලකට සහ සම්බා වී කිලෝවක් රුපියල් 38-45 අතර ඉතා සුළු මුදලකට විලදී ගැනීමට කටයූතු කරන බවයි.
රජය විසින් සහතික වී මිලක් ගැසට් කිරීමට ප්‍රමාද වුවහොත් මහා පරිමාණ පුද්ගලික මෝල් හිමියන් ගොවියාගේ වී තොග තුට්ටු දෙකට මිලදී ගෙන අවසන් කරන බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වස ඉල්ලා උද්ඝෝෂණය කරන එකම ජාතිය.. ඕවා පිටිපස්සේ ඉන්නේ වස පොහොර ආයතන....