මෝරදර අලුත් මාවතේ කානුවක් කපද්දී සේවකයන් දෙදෙනකු මරුමුවට පත් වීමේ හා තවත් සිව් තිනෙකු තුවාල වීම සම්බන්ධයෙන් වැඩ බිමේ ඉංජිනේරු කම්කරුවන් බාරව සිටි පුද්ගලයා හා වැඩ බිම් පරීක්ෂක මෝදර පොලීසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
වැඩ බිම ආරක්ෂාව නොසලසා කම්කරුවන් අනතුරකට පක් කළැයි ඔවුනට එරෙහිව නිතී මගින් කටයුතු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවීම් ඉවර වෙලා මාසයක් යන්නත් පෙර නැවතත් අලුත්වැඩියාවක්. ඒකටත් කොමිස්.මේ තරම් ගැඹුරු අනාරක්ෂිත වළකට බහින්න මේ අහිංසකයන්ට බයක් වත් හිතුනේ නැද්ද? මොනවා වුනත් අත්අඩංගුවට ගැනීම හොඳ ක්‍රියාවක්. නීතියත් ක්‍රියාත්මක කළ යුතුයි. ඒත් මේ වෙනකොටත් නිදහස් කරලද දන්නේ නැහැ.ක්‍රියාත්මක කරන්න නීතියක් තිබෙන්න ඕනෑනේ. අනේ අපොයි කිව්වලු (නි)
හසන්, ඔබගේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා. (නි)
එතකොට පාරට 2-3 කිලෝ මීටර් වලට කොටි ගණන් වියදම් කරවන ඉංජිනේරුවෝ ?.(නදී)
වැඩ බලන්නේ වැඩ කරලා ?.(නදී)
ප්‍රශ්නයක් කරගන්න එපා. අපි සංවර්ධනයේ.... (නි)
රවිනාත් මහත්තයාගේ පැහැදිලි කිරීමත් වටිනවා (නි)
තමා යටතේ වැඩ කරන සේවකයන්ගේ ආරක්ෂාව සැපයීම වැඩ පරික්ෂකවරයා වෙත පැවරෙන ප්‍රධාන වගකීමක්.යම් කාර්යයක් ඉටු කිරීමේදී එම වැඩ භූමිය අනතුරුදායක නොවන බව තහවුරු කරගැනීමකින් පසුවයි සේවකයින් එම කාර්යය සඳහා අනුයුක්ත කලයුත්තේ. එම වගකීම ඇත්තේ වැඩ පරීක්ෂකවරයාටයි. ආයතන හිමියා විසින් වියදම් අඩුකිරීමට කරන බලපෑම් තම වගකීම් තේරුම් ගෙන කළමණාකරනය කරගත යුතුයි. මෙහි වැඩ පරීක්ෂකවරයා විසින් වියදම් අඩු කිරීමේ ඉලක්කය වෙනුවෙන් තම මූලික වගකීම පැහැරහැර ඇත. මේ සිදුවීම ආයතන ප්‍රධානීන් පවසන සෑම නියෝගයක්ම ලකුණු ලබා ගැනීමේ අරමුනෙන් විමසීමෙන් තොරව අවනතවී ක්‍රියාත්මක කරන පසුපෙල කලමණාකරුවන්ට නැවත සිතීමට හොඳ අවස්ථාවක් ලෙසයි මම දකින්නේ.(නදී)
රවිනාත්, සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සම්පුර්ණ වගකීම නීති මගින්ම පැවරිය යුත්තේ කොන්ත්‍රාත්කාර සමාගමට. කානු "ශෝරින්ග්" කිරීමට පසේ ස්වභාවය සහ කාණුවේ ගැඹුර අනුව සම්මත පිරිවිතර තිබිය යුතුය. එම සම්මත පිරිවිතර අනුව කානු "ශෝරින්ග්" කිරීම කොන්ත්‍රාත් කරු නොකළහොත් ඊට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට අදාල බලධාරීට නීතිමය ප්‍රතිපාදන තිබිය යුතුය.(නදී)
බොහොම ස්තුතියි සරත්! (නි)
හසන් ඔබේ අදහස් දැක්වීම ගැන සතුටුයි. ඔබ පවසන දේ ඇත්ත. සමාගම විසින් අදාල සම්මත පිරිවිතර අනුව අරාක්ෂාව සැලසීමට අවශ්‍ය පිරිවැය සැපයිය යුතුය. නමුත් බොහෝ ආයතන අදාල කාර්යය අඩු කාලයකදී සහ අඩු වියදමකින් සපුරා ගැනීමේ ඉලක්කය ලබා දෙන්නේ පසුපෙල කළමණාකරුවන්ටයි. හොඳින් සොයා බැලුවහොත් ඕනැම ආයතනයක ඉහල කළමණාකාරීත්වය අත්‍යාවශ්‍ය අංගෝපාංග නොමැතිව කටයුතු කිරීමට නියෝග සී නැහැ. ඒ තීරණ ගනු ලබන්නේ පසුපෙළ කළමණාකරුවන්. ඔවුන් තමුනට ලැබෙන ඉලක්කය වැඩි පළදායිතාවයක් ඇතුව ඉෂ්ඨ කිරීමට වැඩි අවදානමක් ගන්නවා. ඒ නිසායි මෙවැනි අනතුරු අසන්නට ලැබෙන්නේ. රටට පැමිනෙන කොන්ත්‍රාත් කරුවන්ගේ ඉලක්කය වැඩි ලාභයක් ගෙන යාම බව තර්කයකින් තොරව පිලිගත හැතියි. වැඩිපළදායිකත්වය ලබා ගැනීම සඳහා සේවකයින් අනතුරේ හෙලන නිළධාරියායි කළමණානරන වැරැද්ද කරන්නේ. සමහරවිට අපේ රටේ නිළධාරියෙක් විය හැකියි. රටේ සම්මත නීති ගැන අවබෝධය වැඩි අවබෝධය ඇති මෙරට නිළධාරීන් විසින් ඒවා නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම වැදගත් සහ යුතුකමද වෙනවා. පිට රැටියාට වැඩි ලාභයක් ඉතිරිකර දීමට අහිංසක සේවකයන්ගේ ජීවිත ආරක්ෂාව පරුදුවට තබන පසු පෙළ කළමණානරුවන් මේ සිදුවීම තමුන් ලත් පාඩමක් ලෙස ගත යුතුයි. (නදී)
තෝරු මෝරු අතෑරලා හාල්මැස්සෝ අත් අඩංගුවට අරන් (දී)
හොද පාඩම්. චීන්නු ලාබෙට අවදානම් විදියට වැඩ කරනවට (නි)
ඉතාමත්ම හොඳ ක්‍රියාවක්. (ස)