IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මෝදර එළිහවුස් පස්කන්දක් කඩා වැටේ

මෝදර අලුත් මාවතේ එලිහවුස්හි චීන සමාගම් වැඩබිමක අඩි විස්සක කානුවක අලුත් වැඩියාවක් කරමින් සිටි   සිව් දෙනකු මතට පස් කන්දක් කඩා වැටී ඇතැයි ද, එක් අයකු බේරා ගෙන ඇතැයි ද මෝදර පොලිසිය කියයි.

දෙහිඅත්ත කණ්ඩියේ අමිල නුවන් (18) බේරුණු සේවකයා ය.

 

 



අදහස් (0)

මෝදර එළිහවුස් පස්කන්දක් කඩා වැටේ

සත්‍යයා Tuesday, 01 October 2013 04:04 AM

ධම්ම, ඔබ කියන කතාව ඇත්ත. චීන සමාගම් සමග ඉදිකිරීම් පිළිබඳ ගිවිසුම් වලට එළඹෙන අපේ කෛරාටික දේශපාලනඥයෝ සමස්ත වියදමින් 20% කොමිස් ඉල්ලනවා. ඊටත් වඩා කෛරාටිකයි චීන්නු. ඔය නැතිවෙන 20%, අඩු වැටුප්, අනාරක්ෂිත සේවා තත්වයන්, බාල අමු ද්‍රව්‍ය, එකී නොකී උප්පරවැට්ටි තුලින් ආපසු චීනයටම ඇද ගන්නවා. ඛේදවාචකය ඕක නොවෙයි, රටේ මෝඩ ජනතාව අර 20% තම සාක්කුවට දාගන්න දේශපාලකයාට දෙවියන්ට සේ සැළකීමයි. (නි)

:       0       0

ජයසූරිය Monday, 30 September 2013 05:19 PM

මෙවන් වැඩ වලදී කම්කරුවාගේ ආරක්ෂාව පිළිබදව සැළකිලිමත් නොවුවා නම් ඒ ගැන සොයා බලා චීන සමාගමට විරුද්ධව නඩු පැවරිය යුතුයි (නි)

:       0       0

හසන් Tuesday, 01 October 2013 08:18 AM

අනිවාර්යයෙන්ම මීටර 1.5 ට වඩා ගැඹුරු කාණු කැපීමේදී වරලත් ඉන්ජිනේරුවකුගේ අනුමැතිය හා අධීක්ෂණය යටතේ අනුගමනය හා කළයුතු බවට නීති බටහිර රටවල තිබේ. අපේ රටේ කම්කරුවන් වෙනුවෙන් කෑමොර දෙන වෘත්තිය සමිති වැටුප පමණක් නොව කම්කරු ආරක්ෂාව පිළිබඳවත් මීට වඩා උනන්දු විය යුතුය. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Monday, 30 September 2013 01:19 PM

අයියෝ පව් දෙයියනේ අසරණ මිනිස්සු මේ අයගේ දරු පැටවුන්ට කාගේ සරණක් ද?? (ස)

:       0       0

චන්දි Monday, 30 September 2013 01:24 PM

ඒ කියන්නේ අනෙක් තුන් දෙනාම මිය ගිහින්ද .? අහෝ ..!!දුකකි ..!!! (ස)

:       0       0

අමිළ කටුනායක Monday, 30 September 2013 07:34 PM

බොහෝ චීනුන්ට අනතුරු ගැන හැගීමක් අනුකම්පාවක් නැහැ.(නදී)

:       0       0

අචිනි Tuesday, 01 October 2013 09:55 AM

අනෙක් රටවල් චීනයට කොන්ත්‍රාත් වැඩ දෙනකොට ආරක්ෂාව ගැන සහතිකයක් නොමැති නම් පොඩි වැඩක්වත් දෙන්නේ නැහැ. ඒකට ලංකාවම හරි චීනයට විකුණනවා අපේ අය ලැබෙන කොමිස් මුදලට යටවෙලා. නියමයි ශ්‍රී ලංකා! (නි)

:       0       0

දොළ Monday, 30 September 2013 01:38 PM

අනේ අපොයි !(නදී)

:       0       0

ලාල් පෙරේරා Monday, 30 September 2013 01:38 PM

ඒ කියන්නේ අනෙක් තුන් දෙනාම මිය ගිහින්ද .? අහෝ ..!!දුකකි ..!!! (නදී)

:       0       0

ධම්ම Monday, 30 September 2013 01:43 PM

ලාබෙට වැඩ කරවා ගන්න ගියාම මේ වගේ අනතුරු සිදුවෙනවා. ගැඹුරු කාණු කපද්දී අනුගමනය කලයුතු ක්‍රම වේද තියෙනවා. චීන්නු එක්කෝ මේවාට යන වියදම් ඇස්තමේන්තුවට දාලා නැහැ. නැත්නම් සල්ලි ඉතුරු කරගන්න ඒ ක්‍රමවේද භාවිත කරලා නැහැ. පව් අසරණ කම්කරුවෝ! (ස)

:       0       0

දයා අලහකෝන් Monday, 30 September 2013 01:55 PM

මේ වැඩ බිමේ කම්කරුවන් කම්කරු වන්දි පනත යටතේ ලියාපදිංචිය ලත් අයද? නැතිනම් ආදේශක කම්කරුවන්ද? එසේ නම් දරු පවුල් වලට දෙවියන්ගෙම පිහිටයි... (ස)

:       0       0

ගයන් අමරසිංහ Monday, 30 September 2013 02:01 PM

මැරුන අයට නිවන් සැප ලැබේවා!(නදී)

:       0       0

ලුම්බිනි Monday, 30 September 2013 02:05 PM

චීන වැඩ බිම් කිසිම ආරක්ෂාවක් නැති තැන්. මේ අයට වන්දි ලබා දීමට කටයුතු කල යුතුයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 591 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site