ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව 2020 ජනවාරි 9 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ විශේෂ මහාධිකරණය අද (15) නියම කළේය.
කෞතුකාගාරය ඉදිකිරිමේදී රාජ්‍ය මුදල් මිලියන 33.9 ක් අවභාවිතා කළැයි හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.
සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව විභාගයට ගැණිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඇහෙන නඩුවක් නොවේ.
රනිල් ගෙන් අහන්න.
කෝ හොරු ඇල්ලුවද කියල අහනවා, දාපු නඩු ටික දැන් අවුරුදු 4ක් අහලත් ඉවර නෑ. එක්කෝ වාරණ ගන්නවා. ජාත්‍යන්තරය ලංකාවේ අධිකරණ දූෂිතයි කියන එකත් සාධාරණයි.
නොවෙම්බර් 16න් පස්සේ ආණ්ඩුව රාජපක්ෂලාට ගියහම ජනවාරියේ මොන නඩු ඇහිල්ලක්ද? ඊට පස්සේ ඒගොල්ලන්ට ඕන විදිහටනේ රටේ වැඩ සිද්ධ වෙන්නේ... මිනිස්සු පිදුරු කනවා කියල හිතන් ඉන්නවද දන්නේ නැහැ..
මේ ආණ්ඩුව එනකොට පරණ ආණ්ඩුවේ හිටපු දේශපාලකයින්ගේ වංචා දුෂණ ගැන නඩු සිය ගණන් ගෙනාවා. ඒත් කවුද වරද කාරයෙක් උනේ? කවුරුත් නැහැ. බොරුවට උසාවිවල කාලය නාස්ති කළා, රටේ සල්ලි වියදම් උනා. මේවට කියන්න ඕන ''හොරුත් එක්ක හොරු'' කියල. එක මිනිහෙක් නැද්ද මෙතන හරි වැරැද්ද තේරෙන.
කෙහෙල් කැනක් හොරකම් කලාම හිරේ. දරුවකුගේ වරදට දඬුවම් කල ගුරුවරුත් හිරේ. ඒ නඩු අහලා ඉක්මනින් දඬුවම් දෙනවා. ඒත් රටේ සල්ලි අවභාවිතා කරපු නඩු වසර ගණනින් කල් යනවා.
අහන්න ඕන නම් අවුරුදු 5ක් තිබ්බේ .බොරු නඩු ...
නඩුව ඉවරයි කියලා හිතාගන්න .
අපිට මේවා දකිනකොට ඇතිවෙන්නේ මහා පිළිකුලක් . අපේ නඩුවකට මේවගේ දේවල් වෙයිද. අපි දැනටමත් හිරගෙදර
චෝදනාවකට සිද්ධි ගොනුකරන්නේ කවුද ? ප්‍රථමික පොලිස් නිලදාරීන්. මෙම සටහන් මුදුනේදී තෙවන ඇසකින් විමර්ශනයවෙන්නේ නැත . එබැවින් මේවා නිවැරදී නඩුද ?
මෙවැනි නඩු ඉක්මනින් නිම කිරීමට තමයි විශේෂ මහාධිකරණ ඇති කලේ. පුදුම වැඩේ ඒ උසාවි වලත් නඩු කල් දාන එක.
අපිට දැන් මහජනතාව හැටියට හොඳාකාරව පැහැදිලියි මෙරටේ ව්‍යවස්ථාවේ ප්‍රධාන බල කණු තුනම මහජනතාවගේ පැත්තේ නොවන බව. නන්දා මාලිනියගේ ගීතයක් මතක් වෙනවා.
අපේ බදු මුදලින් යැපෙන රටේ ඉහලම නිලධාරී පැලැන්තිය ගේ කල් ක්‍රියාව අන්තිමයි. ඔවුන් පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන් නොවේ. ඔවුන් ඔක්කොම තර්ක විතර්ක ගේන්නේ බලවතාව බේරන්නයි. දුප්පත් අපේ දෙයකට තමයි, ඔක්කොම ලෙඩ දාන්නේ.
කොන්ද පණ නැති අධිකරණ පද්ධතියත් ආණ්ඩුවත්. ජනතා විමුක්ති පෙරමුණම එන්නොන හොරුන්ට දඬුවම් දෙන්නත්, දුෂණ වංචා, හොරකම් නැතිකරන්නත්.
අප රටේ නීතිය කියන්නේ කුමක්ද ?
මේ රටට අපි ආදරෙයි. එත් මේ රටේ අධිකරණය අපිට පෙන්නලා දීල තියෙනවා බලවතාට එක නීතියක්. සාමාන්‍ය අපට බලපාන්නේ වෙනම නීතියක් කියන කරුණ.
මේවා නම් විකාර වැඩ. මීට කලින් හදලා තියෙන දේශපාලන නායකයින්ගේ පිළිරූ වලට වියදම් කරලා තියෙන්නේ ඒ අයගේ පවුල් වල මුදල්ද? ප්‍රේමදාස පිළිරූ කීයක් තියෙනවද? බණ්ඩාරනායක පිළිරූ කීයක් තියෙනවද? නඩු දානවානම් කාටත් සාධාරණ විය යුතුය. ප්‍රේමදාස මහතා මිහින්තලා ගම උදාවට රත්තරන් ඇඳක් ගෙනා බව අපි ඒ කාලේ ප්‍රවෘත්ති වලින් දැන ගත්තා. පසුව ඔහුගේ මරණයෙන් පස්සේ එය වෙන්දේසි කළා.ඒවාට නඩු දැම්මද?
අපේ රටේ කොහෙද යුක්තිය, නීතිය, සාධාරණය හරියට සිද්ද වෙන්නේ? නැති බැරි මිනිහට එක නීතියක්. බල පුලුවන්කාරයට තව නීතියක්. රටම හොරාකාපු දුෂිත දේශපාලුවෝ අද නිදහසේ ඉන්නවා.
කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන්? මේක රටක් නෙමේ, අපායක් එකනේ මේ මිනිස්සු යම පල්ලෙක් ඉල්ලලා හඬ නගන්නේ?
ලංකාවට දේශපාලකයන්ගේ වංසේ කබල් ගාන්න පිළිමයි, කෞතුකාගාරයි හදනවා හැර වෙන වැඩ නැද්ද?
ඡන්දෙන් පස්සේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. දැක්කනේ ශිරානිට කළ දේ....
ලංකාවේ උසාවිවල දැනට ඉන්න විනිසුරුතුමා සියල්ල අයින් කරලා මෙතන අදහස් දාපු කට්ටිය ඒ ඒ තැන් වලට පත් කරන්න. එක දවසින් නඩු ඔක්කොම අහල තීන්දු දේවි. රජයේ වියදමත් ඉතුරුයි
ඒ කියන්නේ එදාට ඒකත් නිදොස් කොට නිදහස් කරන බවයි.
මේවාට dislike දමන්නේ නුගත්, මෝඩ ගෝත්‍රිකයින් පිරිසක් බව අපි දන්නවා.
නොවැම්බර් 16 පස්සේ සියලු නඩු වලින් නිදොස් කොට නිදහස්. එයාම කිවනේ ...
ටෙලිප්‍රොම්ප්ටරය යට ගිහින් සැබෑ ගෝඨාබය උඩට එන බව සල්ගාදු පිට්ටනියේ ප්‍රතිඥාවෙන් සක්සුදක් සේ පැහැදිලියි. ඉතිං 'අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද?' කියන්නා වගේ දහ දොළොස් දාහක හුරේ දැමිල්ලට මෙහෙම නම් ලක්ෂ ගානක් ඡන්දේ දීලා දිනුවොත් කොහොමට හිටීවිද කියලා සල්ගාදු පිට්ටනියේ ප්‍රතිඥාවත් එක්ක කල්පනා කර බැලීම හොඳයි කියලයි හිතෙන්නේ... මතකද අවුරුදු 5කට විතර ඉස්සරවෙලා සිරිසේන උන්නැහේ කිව්වා ලොක්කගේ අයියා දින්නා නම් තමුන් අඩි හයක් යට කියලා? පවුලේ උදවියත් සූදානම් සරීරෙන්... ඊටත් එහා ගිහින් කල්පනා කළ යුතු තවත් කාරණයක් තියෙනවා. ඒක තමයි හිරේ ඉන්න "රණවිරු" සෙට් එක නිදහස් කරගෙන ආණ්ඩු කරන්න දතකාගෙන ඡන්ද කරන, එළියේ ඉන්න තරුපටි කාරයෝ ටික ලොක්කා පැරදුණත් රජ පුටුව බලෙන් හරි අරන් දෙන්න ලෑස්ති වෙනවද කියන එක... එහෙම වුනොත් නම් රටම ගොඩ ගන්න බැරිවලක තමයි. දැනටමත් පොහොට්ටු වේදිකාවට ගොඩවෙන ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ට පවා හූ කියලා යටත්කරළා ගන්න තැනට විමල්ලා, ගම්මන්පිලලා වැඩ සංවිධානය කරලයි තියෙන්නේ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක වෙන එකට කකුල් මාට්ටු දාපු කවුරු කවුරුත්, පවුලේ උදවියත් සූදානම් සරීරෙන් ඉන්න එක හොඳයි.