IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මාදම්පේ මැදගමට අලි පනිති

(එස් හේරත් සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )

මාදම්පේ මැදගම ප්‍රදේශයට අද (12) දහවල් වල්අලි රංචුවක් කඩා වැදී ඇති බව වාර්තා වෙයි.

අලි හයදෙනකු සහ එක් ඇතකුගෙන් සමන්විත මෙම අලි රංචුව මැදගම කොටකන්ද කුඩාබිංගිරිය ආදී ප්‍රදේශවල සැරිසරමින් වගාවන්ට හානි සිදු කරමින් සිටින බවද වාර්තා වෙයි.

මෙම අලි රංචුව  හලාවත මුන්නේෂවරම ප්‍රදේශයේ ඊයේ ගැවසී ඇති බවටද තොරතුරු වාර්තා විය. මුන්නේෂවරම ප්‍රදේශයේ සැරි සැරූ අලි රංචුව මේ වන විට මැදගම ප්‍රදේශයට පැමිණ ඇතැයි දේශවාසීහු සැක පළ කරති.

මේ වන විට අලි රංචුව පොල් වතුවලට කඩාවැදී පොල් වගාවට හානි සිදුකරමින් සිටී. වල් අලින්ගෙන් මෙතෙක් එම ප්‍රදේශයේ ජනතාවට හෝ වෙනත් දේපල වලට කිසිදු හානියක් සිදු වී නොමැති බවත් මැදගම කොකන්ද ප්‍රදේශයේ මාර්ගයක යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු අලි රංචුව දැක බියට පත්ව යතුරුපැදිය අතහැර දමා පලා ගොස් ඇති අතර යතුරුපැදියකට අලි රංචුව විසින් පහරදී ඇති බවද වාර්තා වෙයි.

මේ පිළිබඳව ප්‍රදේශවාසීන් පුත්තලම වන ජීවි කාර්යාලයට දැනුම් දීමෙන් පසු එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පැමිණ අලි රංචුව ප්‍රදේශයෙන් පලවා හැරීමට කටයුතු කරමින් සිටින බවද ප්‍රදේශවාසීහු පවසති.

(ඡායාරූපය- හිරාන් ප්‍රියංකර)

 



අදහස් (0)

මාදම්පේ මැදගමට අලි පනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site