මාදින්නාගොඩ ජනාධිපති බාලිකා ප්‍රාථමික විද්‍යාලයේ අලුත් අවුරුදු උළෙල විදුහල්පතිනී නයනා ලක්ෂිකා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලය ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.
දරුවන්ට අවුරුදු සිරිත් විරිත් ගැන ප්‍රායෝගික දැනුම ලබා දිමේ මෙහි අරමුණ විය.
පැරණි ඇඳුම් පැළඳුම් ආදියෙන් සැරසුණු සිගිති දියණියන් අවුරුදු චාරිත්‍ර සියල්ලට මුල් තැන දෙමින් කිරි ඉතිරවීම ,වැඩ ඇල්ලීම ,ආහාර අනුභවය නෑගම් යෑම හිසතෙල් ගෑම ආදියද සිදු විය.
විදුහල් භූමියේ අඹ පැලයක් රෝපණය කරමින් විදුහල්පතිනි වැඩ ඇල්ලුවාය. ඒ මොහොතේ සිසු දැරියෝ පාඩම් කටයුතු වල නිරත වූහ .
ජන ගායනා රබන් වැයුම් සහ නර්ථන අංගයන් ඇතුළු අවුරුදු ජන ක්‍රීඩා රැසකින් ද උළෙල හැඩවිය.
සහකාර විදුහල්පතිනි චිත්‍රාණි පද්මමාලා මෙනවිය සහ කුමාරි විජේගුණවර්ධන, හේමාලි චන්ඳ්‍ර යන මහත්මීන් ඇතුළු ආචාර්ය මණ්ඩලය මූලිකත්වයෙන් උළෙල සංවිධානය කළහ.





















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති විශිෂ්ඨයි (නදී)
පුංචි ළමයිගේ දස්කම් හරිම ලස්සණයි. අති විශිෂ්ඨයි...! පින්තූර පළ කළාට ලංකාදීපෙට ස්තූතියි...!! (අ)