මිද්දෙණිය ග්‍රාමීය රෝහලේ නව වාට්ටු සංකීරණ දෙකක් ඉදිකිරීමට මුල්ගල තැබිණි.
ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක හා පැරිස් නුවර ජේතවනාරාමාධිපති මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ ධන පරිත්‍යාගයෙන් ගොඩනැඟෙන මෙම නව වාට්ටු සංකීර්ණයේ නේවාසික කාන්තා හා පිරිමි රෝගීන් 40 දෙනකුට ඉඩ පහසුකම් සැලසේ., භික්ෂූන්වහන්සේ නමකට හා මෙහෙණින්වහන්සේ නමකට ද වෙන වෙනම නේවාසිකව ප්‍රතිකාර ගැනීමේ පහසුකම් ද එහි ඇත.
මෙම වාට්ටුව "රණවිරු සමරු වාට්ටුව" නමින් නම් කිරීමට ද නියමිතය.
මෙම වාට්ටු සංකීර්ණය ඉදිකිරීමට සිවිල් ආරක්ෂක බළකායේ ශ්‍රම දායකත්වය ලබා වසරකින් වැඩ අවසන් කිරීමට ද නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිමියනි ඔබ වහන්සේට පින්.(දිල්)
ඔබ වහන්සේ නිර්වාණය පිණිස යමක් කරගැනීම අන් අයට දුන් වටිනා ආදර්ශයක්. චිවරයක වටිනාකම බුදුන් දැකීමක් ඔබ වහන්සේගේ සියලු කටයුතු සාර්ථකම වේවා (නදී)
ලෝකයේ කොතනක සිටියත් ඉහළ තනතුරු දැරුවත් උපන් ගම සිහිවීම ඇත්තටම සතුටක් (නදී)
අපේ නායක හාමුදුරුවො හැමදාමත් සිදු කරන්නේ සත්පුරුෂයන් විසින් අගය කළ ශ්‍රේෂ්ඨ වැඩ. බෝසත් ප්‍රතිපදාව පුරන උන්වහන්සේට තෙරුවන් සරණින්, දළදා සමිඳු පිහිටෙන්, නිදුක් නිරෝගී සුව සැළසේවා.(ම)
නාහිමියන් ගම පළාතට පමණක් නොව. රටටම සේවය කරනවා. නිරෝගී සැප පතමි. (නදී)
ඔබවහන්සේ කරන ලද අතිවිශාල පින් කම් මෙහෙවරට තවත් පින් වැඩක් එකතුවෙලා.තවතවත් මෙවැනි පින්කම් කිරිමට ඔබවහන්සේට වාසනාව,ශක්තිය,ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි.(හේ)
අපේ ගරු ඤාණිස්සර ස්වාමීන් වහන්සේට අපගේ ආශිර්වාදය! සියලු කටයුතු සඵල වේවා! (නි)
මෙහි හාමුදුරුවන්ගේ ධන පරිත්‍යාගයෙන් කියල සදහන් වෙනවා . හාමුදුරුවෝ පැරීසියේ මුදලාලි කෙනෙක් නොවෙයි .එහෙම මුදලාලිලා පැරිසියේ නැතුවා නොවේ .පැරීසියේ බෞද්ධ පිංවතුන්ගේන් ලැබෙන කාසි වලින් ගොඩ නැගෙන වාට්ටුවක් ලෙස සදහන් වීම වඩාත් උචිතවේ . (ස)