මිද්දෙණිය ග්‍රාමීය රෝහලේ නව වාට්ටු සංකීරණ දෙකක් ඉදිකිරීමට මුල්ගල තැබිණි.
ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක හා පැරිස් නුවර ජේතවනාරාමාධිපති මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ ධන පරිත්‍යාගයෙන් ගොඩනැඟෙන මෙම නව වාට්ටු සංකීර්ණයේ නේවාසික කාන්තා හා පිරිමි රෝගීන් 40 දෙනකුට ඉඩ පහසුකම් සැලසේ., භික්ෂූන්වහන්සේ නමකට හා මෙහෙණින්වහන්සේ නමකට ද වෙන වෙනම නේවාසිකව ප්‍රතිකාර ගැනීමේ පහසුකම් ද එහි ඇත.
මෙම වාට්ටුව "රණවිරු සමරු වාට්ටුව" නමින් නම් කිරීමට ද නියමිතය.
මෙම වාට්ටු සංකීර්ණය ඉදිකිරීමට සිවිල් ආරක්ෂක බළකායේ ශ්‍රම දායකත්වය ලබා වසරකින් වැඩ අවසන් කිරීමට ද නියමිතය.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මිද්දෙණිය රෝහලට හිමිනමගෙන් වාට්ටුවක්
නිමල් Friday, 28 November 2014 02:44 PM
හිමියනි ඔබ වහන්සේට පින්.(දිල්)
සරත් පියසේන පොතුපිටිය Saturday, 29 November 2014 05:54 AM
ඔබ වහන්සේ නිර්වාණය පිණිස යමක් කරගැනීම අන් අයට දුන් වටිනා ආදර්ශයක්. චිවරයක වටිනාකම බුදුන් දැකීමක් ඔබ වහන්සේගේ සියලු කටයුතු සාර්ථකම වේවා (නදී)
ප්‍රියන්ජිත් Tuesday, 02 December 2014 05:20 PM
ලෝකයේ කොතනක සිටියත් ඉහළ තනතුරු දැරුවත් උපන් ගම සිහිවීම ඇත්තටම සතුටක් (නදී)
සුනීත - මහගම Friday, 28 November 2014 07:14 PM
අපේ නායක හාමුදුරුවො හැමදාමත් සිදු කරන්නේ සත්පුරුෂයන් විසින් අගය කළ ශ්‍රේෂ්ඨ වැඩ. බෝසත් ප්‍රතිපදාව පුරන උන්වහන්සේට තෙරුවන් සරණින්, දළදා සමිඳු පිහිටෙන්, නිදුක් නිරෝගී සුව සැළසේවා.(ම)
හේමාලංකාර හිමි කැනඩාව . Friday, 28 November 2014 08:29 PM
නාහිමියන් ගම පළාතට පමණක් නොව. රටටම සේවය කරනවා. නිරෝගී සැප පතමි. (නදී)
සෝමවන්ස Saturday, 29 November 2014 09:54 AM
ඔබවහන්සේ කරන ලද අතිවිශාල පින් කම් මෙහෙවරට තවත් පින් වැඩක් එකතුවෙලා.තවතවත් මෙවැනි පින්කම් කිරිමට ඔබවහන්සේට වාසනාව,ශක්තිය,ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි.(හේ)
ශ්‍රීලාල් Friday, 28 November 2014 11:17 PM
අපේ ගරු ඤාණිස්සර ස්වාමීන් වහන්සේට අපගේ ආශිර්වාදය! සියලු කටයුතු සඵල වේවා! (නි)
අජිත් සමරනායක පැරිසිය Saturday, 29 November 2014 11:03 AM
මෙහි හාමුදුරුවන්ගේ ධන පරිත්‍යාගයෙන් කියල සදහන් වෙනවා . හාමුදුරුවෝ පැරීසියේ මුදලාලි කෙනෙක් නොවෙයි .එහෙම මුදලාලිලා පැරිසියේ නැතුවා නොවේ .පැරීසියේ බෞද්ධ පිංවතුන්ගේන් ලැබෙන කාසි වලින් ගොඩ නැගෙන වාට්ටුවක් ලෙස සදහන් වීම වඩාත් උචිතවේ . (ස)