මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය නිලූකා ඒකනායක මහත්මිය සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගන්නැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් ධීවර ඇමැති මහින්ද අමරවීර හා සමාජ සුබ සාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහත්වරුනට මහනුවරදී පැවසූ බව දැනගන්නට ඇත.
මාධ්‍යවේදීන් පිටත් කර යැවීමෙන් පසුව ඇමැතිවරුනට මේ බව පවසා ඇත. ආණ්ඩුකාරවරිය සම්බන්ධයෙන් පෞද්ගලික ප්‍රශ්නයක් තමන්ට නැති බවත් දළඳා මාළිගාව හා අස්ගිරි මල්වතු මහ නායක හාමුදුරුවන් ඇතුළු සංඝයා සමග ද මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරියට වැඩ කිරීමට සිදුවන බැවින් ඒ සඳහා කාන්තාවක් පත් කිරීම නුසුදුදු බව සිතන බවත් අස්ගිරි පාර්ශවය සඳහන් කර ඇත.
අස්ගිරි අනුනායක වරකාගොඩ ධම්මරතන ,මහියංගන රජමහා විහාර බාරකාර උරුලෑ වත්තේ ධම්මරක්ඛිත නාහිමි, අස්ගිරි ලේඛකාධීකාරී ආණමඩුවේ ධම්මධස්සි හිමි,ගල්ලෑල්ලේ සද්ධාතිස්ස නාහිමි හිමිවරුන් එම සාකච්ඡාවට සහභාගී වූහ.
සුදුසු කෙනකු ආණ්ඩුකාර පදවියට පත් කරන ලෙස අස්ගිරි සංඝරත්නය ඉල්ලා සිටි බවද වාර්තාවේ.
මේ අතර මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමට ගිය ආණ්ඩුකාරවරිය මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට උත්තර දුන්නාය.
මාධ්‍යවේදියෙක් - ඔබතුමියගේ කිසියම් ශාරීරික වෙනසක් ගැන සමාජ මාධ්‍යවල ප්‍රචාරයක් යනවා.
ආණ්ඩුකාරවරිය - ස්වභාව ධර්මයේ සිදුවූ දෙයක් ගැන ඒ විදියට කථා කිරීම ගැන මටත් ලැජ්ජයි. මම දැන් එක්දරු මවක්. දේශපාලන වාසි ගන්න ඇතැම් අය එම ප්‍රචාර ගෙනියනවා. මේක විශාල දේශපාලන හස්තයක් කරන වැඩක්.
නව ආණ්ඩුකාරවරිය අද පස්වරු 2ට පමණ අස්ගිරි විහාරයට ගොස් අනුනායක හිමිවරුන්ගේ ආශිර්වාද ලබා ගත්තාය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ලේකම් මහින්ද අමරවිර හා එස් බි දිසානායක අමාත්‍ය වරු අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේදි අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ. උන් වහන්සේලා ප්‍රකාශ කර සිටියේ ප්‍රධාන පක්ෂ එකතු වි රට පාලනය කරගෙන යෑම රටේ දියුණුවටත් සාමයටත් මහා මෙහෙයක් කළ හැකි බවයි. ඒ සදහා අස්ගිරි පාර්ශවයේ සම්පූර්ණ ආශිර්වාදය ලැබෙන බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමිවරු සහ කාරක සංඝ සභාවේ හිමිවරු පැවැසුහ.
එස් බි දිසානායක අමාත්‍ය වරයා විසින් ඒ අවස්ථාවේදි අස්ගිරි පාර්ශවයේ අනු නාහිමිවරුන් සමග පෞද්ගලික සාකච්ඡාවක් සදහා මාධ්‍ය වේදීන්ට ඉවත් වන්නය කීවේය. මාධ්‍යවේදිහු එළියට ගියහ.
ජාතික වස්තුවක් වු මහනුවර ශ්‍රි දලදා මාලිගාවේ යම් යම් කටයුතු වලට පළාතේ ආණ්ඩුකාර වරියට සහභාගි විමට ද සියලු දේවාල ආදී කටයුතු සදහාද ඇයට සහභාගි විමට සිදුවන බවත් අස්ගිරි හිමිවරුන් කියා ඇත. කාන්තාවකට සහභාගි විය නොහැකි අවස්ථා ඇතිවන බවත් එහිදි අසරණ වන්නේ අන් කිසිවෙකු නොව වත්මන් ආණ්ඩුකාරවරිය බවත් ඒ හිමිවරු කීහ.
වත්මන් ආණ්ඩුකාරවරිය කෙරෙහි ද්වේශයෙන් මේ බව සැළ නොකරන බවත් මහනුවර මාලිගාව දේවාල ආදියෙහි චාරිත්‍ර වලට කාන්තාවන්ගේ සහභාගිත්වයක් ඇතිව කිරිමේ අපහසුවක් ඇතිබවත් හිමිවරුන් පවසා ඇත.
නනදිමිත්‍ර ඒකනායක, තිලිණ බණ්ඩාර තෙන්නකෝන්,මානෙල් බණ්ඩාර ඊට සහභාගි වුහ.
ඡායාරූප හා වීඩියෝ - චමිල් රූපසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ ප්‍රථම අගමැතිවරිය ශ්‍රී ලංකාවෙන් බිහිවූ, සිරිමාවෝ බණ්ඩාරනායක ,මැතිනිය රට පාලනය කරද්දී, චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනිය ජනාධිපති ධූරය දරද්දී, මහනුවර දලදා මාලිගාව ලංකාවෙන් බැහැර රටකද තිබුනේ කියල මට සැකයක් ආවා. අපේ හාමුදුරුවනේ මේ ගැන මට පහදලා දෙන්නකෝ.පරමාර්ථ ධර්මය අනුවනම් එහෙම වුනාට ගැටළුවක් නෑ කියලය් මට වැටහෙන්නේ. (බ)
යාලුවනේ මට ජාතිවාදයක් ඕනේ නැහැ. එත් අපි සුළු ජාතිය වුනහම ඔය විදිහට ප්‍රජාතන්ත්‍ර වාදයක් අපිට මුස්ලිම් සහෝදරවරුන්ගෙන් ලැබේවිද. එයාලගේ ප්‍රදේශ වලට ගිහින් බලන්න අපිව බල්ලෙක් තරම්වත් ගණන් ගන්නේ නැහැ. අපි සියලු දෙනාටම එකම පිහිට මේ හාමුදුරුවරුන් රැකගැනීම විතරක් බව මතක තියාගන්න. (බ)
මම හිතන්නේ මෙතන තියෙන්නේ වෙන දෙයක්. තාම අස්ගිරියේ නව මහනායක හාමුදුරුවෝ පත්කරලා නැ. ඒකට මුන්වහන්සේලා අතර හොඳ තරගයක් ඇති . ඒකට කොහෙවත් ඉන්න ආණ්ඩුකාරවරියත් මේගොල්ලෝ ඇදගෙන වගේ. (බ)
හාමුදුරුවෝ කියන්නේ කාන්තාවකට සහබාගි වෙන්න නුසුදුසු දවස් තියෙනවා කියල. කලින් සිටි කෙනා වයස්ගත කෙනෙක් නිසා එහෙම ප්‍රශ්නයක් ඇති නොවෙනවා වෙන්න ඇති. (බ)
කලින් ආණ්ඩුකාර තනතුර දැරුවෙත් කාන්තාවක්නෙ. මෙතන මේ සිදු වන්නේ වෙනම දෙයක්. කාගේ හෝ පෞද්ගලික න්‍යාය පත්‍රයක වැඩපිළිවෙලක් වගේ.(බ)
බුදුරජාණන් වහන්සේට ප්‍රථම කිරිපිඬු දානය පිළිගැන්වූයේ කාන්තාවක්. අති පුජනීයවූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ලංකාවට වැඩමකළේ ස්ත්‍රියකගේ හිස මත. ශ්‍රී ලංකාවේ මෙහෙණි සසුන ඇතිකළේද කාන්තාවක්. මෙතුමිය උගතෙක් නම්, පරිපාලනයට සුදුසුකම් තිබේ නම් සහ අතීතයේ යම්කිසි ඵලදායක වැඩක් කර තිබේ නම් අැයට මෙම රාජකාරිය බාරදෙන්න කියායි මම නම් ඉල්ලන්නේ (නි)
මේ වගේ ප්‍රශ්න වලට දෙන්න ඕනෑ මොනවගේ උත්තරද කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)
කාන්තාවට සමතැන දීම ගැන සළකා බලන්න කියලා මම ඉල්ලා සිටිනවා (නි)
මම නම් මේ තීරණය අනුමත කරන්නේ නැහැ. ඒත් ඉතින් ඒ කතාවෙත් ඇත්තක් තිබෙනවා කියලා වැටහෙනවා (නි)
මම හිතන්නේ හාමුදුරුවෝ පෙන්වාදෙන කාරණය ගැන ගැඹුරින් සළකාබැලිය යුතුයි. ඒ කතාව ඇත්ත (නි)
එතකොට රටේ ජනාධිපති ගැහැණු කෙනෙක් වෙන්නත් හොඳ නැද්ද? ලංකාව අරාබිය වගේ රටක් නෙමෙයි. ගැහැණුන්ටත් පිරිමියකුට තිබෙන අයිතිවාසිකම් තියෙනවා. (නි)
අපි රටේ පවතින සංස්කෘතික සම්ප්‍රදායන්ට ගරුකළ යුතුයි. (නි)
අනේද කියන්නේ, ඒත් කාන්තාවන් අගමැති ජනාධිපති වෙන්න පුලුවන් නම් ඇයි මේක නරක? (නි)
කාන්තාවක් වීම නිසා සමාජයේ වෙනස් විදිහකට සැලකිම කොහෙත්ම අනුමත කල නොහැක. (ම)
මේ රට අරාබි නිතිය තියෙන රටක් නොවෙයි. සැමට සම තැන අයිතිය තියෙන රටකි.එතකොට ගැහැනුන් මෙරටම පාලනය කරලා නැතිද..? (බ)
සමහර ආගම වල ගැනුන්ව රෙදිවලින් වහල තියෙන්නේ ඒ රටවල ඉන්න පිරිමින්ගේ හැටි දන්නා නිසයි. යමෙකුගේ සිත් ගැහැනියක නිසා කිලිටි වෙනවනම් ඒ සිත ඇත්තා තමා ගේ සිත පාලනය කර ගත යුතුයි නේද? (බ)
ඔය ස්වාමින්වහන්සේලා මව්කුස බිහිවු පුද්ගලයන් නොවේද ? කෙලින්ම තව්තිසා දිව්‍යලෝකයෙන් මෙලොවට ආවාද ? (බ)
මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රටක්.හැමදේම හාමුදුරුවන්ට ඕන විදිහට කරන්න දෙන්න බැහැ. ඒගොල්ලන්ට ඕන ඕන ඒවා එදා ඉදලාම දීලා තමයි අපි මේ අනාගෙන තියෙන්නේ.(බ)
මට නොතේරෙන නිසා මේ අහන්නේ සුරංගනී එල්ලාවල පිරිමියෙක්ද ගැහැනියෙක්ද කියල මට කියා දෙන්නකෝ නායක හාමුදුරුවන් වහන්සේලාත් පුදුම දේවල්නේ වදාරන්නේ කලින් කෙනා කොහොමද දන්නේ නැහැ වැඩ කළේ එයාගේ කාලේ දන්ත ධාතුන් වහන්සේ නුවර නෙවේද තිබුනේ කියල මට තරහ නැතිව කවුරි හරි කියා දෙන්නකෝ (බ)
අපි රටේ පවතින සංස්කෘතික සම්ප්‍රදායන්ට ගරුකළ යුතුයි, නමුත් ඒවා ගෝත්‍රික සම්ප්‍රදායන් නම් ඒවාට විරුද්ධ විය යුතුය.(බ)
එතකොට කලින් හිටියේ කාන්තාවක් නෙමෙයිද? මම මේ නොදන්නා නිසයි අහන්නේ... එතකොට රටේ ජනාධිපති ගැහැණු කෙනෙක් වෙන්නත් හොඳ නැද්ද? ලංකාව අරාබිය වගේ රටක් නෙමෙයි. ගැහැණුන්ටත් පිරිමියකුට තිබෙන අයිතිවාසිකම් තියෙනවා. (ර)
බෞද්ධයන් ලෙස අපි ලජ්ජා විය යුතු කාරණයක් මටනම් පෙනෙන්නේ, මේ තරම් කාන්තාව පහත් කිරීමට අපේ මිනිසුන් පෙලබී ඇත්තේ නුගත්කමද, නිර්ලජ්ජිත බවද කියන්න මටනම් තේරෙන්නේ නැත.රටක් පාලනය කරන්න කාන්තාවක් හොඳනම් මොකද මේ කලබලේ ?නින්දෙන් අවදිවෙන්න. ලෝකය ඉදිරියේ හිනාවට ලක්වෙන වනචාරී මිනිසුන් වෙන්න එපා.(බ)
මේ හාමුදුරුවන්ට තමන්ගේ වර්ගය නිසි ලෙස හසුරුවා නොගෙන අනවශ්‍ය දේට ඇඟිලි ගහනවා. අර ඉහතින් කිව්වා වගේ ඉස්සරලා හිටියෙත් කාන්තාවක් නේ. (බ)
දන්ත ධාතුන් වහන්සේ මෙරටට වැඩමවාගෙන ආවේ කාන්තාවකගේ කොන්ඩේ සගවාගෙන කියලා මේ අයට අමතක වෙලාද? (ම)
එතුමිය වසර කිහිපයක සිට මා පෞදගලිකව හදුනන්නෙමි. මට පැවසීමට ඇත්තේ කරණා දෙකක් පමණි. එතුමිය ඉතාම අවංක, හතුරටත් ගරු කරන, පිරිමි දස දහසකගේ ශක්තිය් දහිරිය ඇති උතුම් කාන්තාවක්. (ර)
සැබෑ බෞද්ධ සම්ප්‍රදාය නම් මෙය ප්‍රශ්නයක් නොවේ. (ර)
විද්‍යා ඔබේ අදහස සමග සම්පුර්ණයෙන් එකග වෙමි. හණමිටි අදහස් ඉවතලිය නිහැකියි කුහකකම මෙහි දක්වා ඇති අදහස් වලින් පැහැදිලිවේ. (ර)
මේක පුදුම රටක් නේ. කලින් හිටියේ පිරිමි කෙනෙක් ද අපේ හාමුදුරුවනේ. ආගමකින් බලාපොරොත්තු වෙන සංහිදියාව හැදීම මේකද? (කෞ)
මට තේරෙන හැටියට අපේ අය නියම ගැටළු වලට උත්තර සෙවීම පසක තියා අනවස්සය දේවල් වලට උත්තර හොයනවා මේකට හේතුව අපේ නියම ගැටළු හදුනා නොගැනීම. (ර)
හාමුදුරුවෝ කියනදේට අපි එකඟයි. තනතුරු වලට පුද්ගලයින් දැමීමට පෙරයි මෙවන් දේ සළකා බැලිය යුත්තේ (නි)
මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් මිස ආගමික රාජ්‍යක් නෙමේ.. මෙතුමියට නීතියෙන් අවශ්‍ය සුදුසුකම් තියෙනවනම් මේ තනතුරට පත් කරන්න.. කාන්තාවන් ඉන්න හෙද සංගමයේ සභාපතිකම භික්ෂුවකට කරන්න පුලුවන්නම් ඇයි පරිපාලන තනතුරකට කාන්තාවක් පත්කිරීම නොසුදුසු? (බ)
මොනවා කියන්නද කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය නිලූකා ඒකනායක මහත්මිය පත්කර ඇත්තේ පළාතේ පරිපලනයට නොවේද? එම නිසා මෙය ප්‍රශ්නයක් කරගත යුතු නැත. මේ කාන්තාවන්ට සම තැන ඇති රටකි (නි)
ගින්නක් නැතුව දුමක් නඟින්නේ නැත. වෙබ් අඩවි කීපයකත් විවිධාකාර විස්තර තිබුණා. අස්ගිරියේ හාමුදුරුවරු කිසිදා කාන්තාවන් පහත්කර කටයුතු කරන්නේ නැහැ. මෙයට සාධාරණ හේතුවක් ඇතැයි සිතමි. (නි)
හිටපු ආණ්ඩුකාරවරියත් කාන්තාවකි. ඇය ශ්‍රී දළදා මාලිගාව, සතර මහා දේවාල සමඟ ක්‍රියා නොකළේද? සුරංගනී එල්ලාවල මැතිනියගේ පත්වීමට මහින්ද රාජපක්‍ෂ මහතා එකඟවූවා නොවේද? (නි)
හැමතැනකම තියෙන්නේ අවුල්. අනේ ඒ ඇයි? අපි මේ කොහේද යන්නේ කියලා තේරෙන්නේ නැහැ (නි)
සමහර අදහස් දැක්කහම ඇත්තටම ඇතිවෙන්නේ ලොකු කළකිරීමක් (නි)
කෙනෙක් තෝරනකොට හොඳින් හිතන්න එපායැ. නාහිමියන්ගේ කතාවෙත් ප්‍රායෝගික ඇත්තක් තිබෙනවා. මහනුවර වගේ බෞද්ධ බලපෑම් ඉහළ තැනක ඔය ගැටළු මතුනොවෙන්නට පිරිමි කෙනෙක් ඔය තනතුරට ගන්න බැරිද..? (නි)
හාමුදුරුවන්ගේ කතාවේ අැත්තක් තියෙනවා ගැඹුරින් හිතල බැලුවොත් ගුණධර්ම වලින් පිරුණු යහපත් කෙනෙකුන් පත් කරන්න බැරි මොකද (බ)
තලය්බාන් හැමදුරු වරුන් (රේ)
මිසාබ් සහ වින්ධ්‍යා කියලා තියෙන්නේ ඇත්ත. (නි)
එතකොට කලින් හිටියේ කාන්තාවක් නෙමෙයිද? මම මේ නොදන්නා නිසයි අහන්නේ (නි)