ශ්රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වල දී නොබැදි පිළිවෙත අනුගමනය කළ යුතු යැයි නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ හිටපු නිත්‍ය නියෝජිත ආචාර්ය පාලික කොහොන මහතා පැවසීය.
කොහොන මහතා එලෙස කීවේ ලංකාදීප එසැණ සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.
විදේශ සේවයේ නොවන නිලධාරීන් තානාපති තනතුරු සඳහා පත් කරන එකම රට ලංකාව නොවන බවත්, ඇමෙරිකාව පවා එවැනි පත්වීම් කරන බවත් කොහොන මහතා කීවේය.
උතුරු නැගෙනහිරට බලය බෙදීම ඇතුළු දේශපාලන විසඳුමක් සෙවිය යුත්තේ වෙනත් රටකට ඕනෑ කරන ආකාරයට නොව අපේ රටට ගැලපෙන ආකාරයට බවත්, වෙනත් රටවලට ඕනෑ කරන දේ සිදු කරන්නට ගොස් දහස් ගණනක් දිවි පිදූ බවත් ඔහු පැවසීය.
ආචාර්ය කොහොන සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවේ විදේශ සේවයට පිටින් බඳවා ගත්ත අයත් අපේ කට්ටිය වගේමද ? (දී)
රටට අවැසි බුද්ධිමතෙක් (බ)
සිංගප්පුරුවෙත් මැලේසියාවෙත් ද්‍රවිඩ මිනිස්සු ලංකාවේ ඉන්න ප්‍රමාණයට වැඩි පිරිසක් ජීවත් වෙනවා කිසිම වෙනම පාලනයක් වත් දේශපාලන විසදුමක් වත් නැතුව. ඇයි අපේ රටට විතරක් මේ ප්‍රශ්නය. ද්‍රවිඩ මිනිස්සු ලක්ෂ ගානක් උතුරෙන් පිට සිංහල මිනිස්සු එක්ක ජීවත් වෙනව කිසි කරදරයක් නැතුව. එක සිංහල මිනිහෙකුටවත් උතරේ ඉන්න දෙන්නේ නැහැ. ද්‍රවිඩ දේසපාලුවෝ ඉන්න ද්‍රවිඩ මිනිස්සුන්ව උසිගන්නවා. මේ ක්‍රමය නැති කරොත් තේසවලාමේ නීතියත් එක්ක සිංහල දෙමල ප්‍රශ්නයක් ඉදිරියට නැහැ. (බ)
අසල මමත් ඔබේ අදහසට එකන්ගෛ. ඒ වගේම මේ ප්‍රශ්නය වගකිවයුතු කොටසක් ඉන්නවා. ඒ සමහර උගතුන් සදහා වමාංශිකයන්. සිංහලයන් අතර ඕනෑම අසිංහලයෙකුට ඉන්න පුළුවන්. එහෙත් සිංහලයටත් බලපාන නීති අනිත් දෙගොල්ලම සාදාගෙන. දැන් සිදු වන්නේ මේ බල පෙරේත දේසපාලනය නිසා සිංහලයාට, මේ රට ටිකෙනේ ටික නැතිවිමි. මහා ලොකු උඅගතුන්ට, ධනවතුන්ට මෙම රට දාල පිට රට පදිංචියට යන්න පුළුවන් උනාට මේ රටේ දුප්පත් සිංහලයන්ට තියෙන්නේ මේ රට විතරයි. (ස)
මෙතුමා ඕස්ට්‍රෙිලියාවේ සිට ආපු පසුගිය ආණ්ඩුවේ ඕනෑ එපාකම් වලට කටයුතු කරපු කෙනෙක් විත්තිය කවුරුවත්ම දන්නේ නැද්ද ? හරිම කණගාටුයි ඔබගේ දැනීම ගැන. (ස)
රවී මහත්මයා,කඩේ නොයා කකුල් දෙකෙන් සිටගෙන සිහිබුද්ධියෙන් ඔහු පවසන දේ තේරුම්ගන්න උත්සාහ කරන්න (නි)
තමන්ගේ උගත් , දැනුවත්කම හරිහැටි පාවිච්චි කරන්නත් ඕනෑ (නි)
හොඳ කතාවක් (නි)
ඉතාම හොඳ අදහස්. (නි)
එහෙම නම් 50,000 සෙබළු මරාගන්නේ නැතිව ඕක කලින්ම කරන්න තිබුන නොව මරුනේ අපේ උන් නේද? (ම)
සිංගප්පුරුවේ සාධාරණය ලංකාවේ නැහැ රජයේ රැකියා ඔක්කොම සිනහ යට පමණි ජන අනුපාතය අනුව අඩුම ගනනේ සලකා බලන්න (ම)
රටේ ඉදිරි අනාගතය ගැන හිතලා බුද්ධිමත් තිරණ වර්ථමාන පාලකයන් ගත්තොත් හොදයි.(ම)
ඔන්න මිනිස්සු. බොහොම තැන්පත්ව බුද්ධිමත්ව දුරදිග දැක්මකින් යුතුව,තමන් ගැන පම්පෝරි නොගහා ලොකු කතාවක් කෙටියෙන් කියුව.පක්ෂ, පාට,ජාති,ආගම් නැතිව ඕනෙම කෙනෙකුට තේරුම් යන කතාවක්. (දී)
ප්‍රථමයෙන්ම ලංකාදීප තරිඳු මහතාට මගේ ස්තුතිය. පාලිත මහතා ලංකාවට ඉතාම වැදගත් පුද්ගලයෙක්. මෙතුමා ජාත්‍යන්තර කටුතුවලට නැවතත් යෙදිය යුතුයි (දී)