
(අංජුල මහික වීරරත්න)
මැදපෙරදිග සහ ඒ අවට රටවල පිහිටි ගමනාන්ත සහ ගුවන් අවකාශ භාවිතා කරමින් ක්‍රියාත්මක වන ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ ෆිට්ස් ගුවන් සමාගම තීරණය කර ඇති බැවින් එම ගමනාන්තය බලා ගමන් කිරීමට සූදානමින් සිටින ගුවන් මගීන් ගුවන්තොටුපොට පැමිනීමට පෙර තම ගුවන් ගමන් නියෝජිතයා හෝ ගුවන් සමාගම සමග සම්බන්ධ වීමෙන් ගුවන් ගමන් පිළබඳව දැනුවත් වන ලෙස ශ්‍රී ලංකා සිව්ල් ගුවන්සේවා අධිකාරිය පවසයි.
මේ වන විට මැදපෙරදිග සහ ඒ අවට කලාපයේ ඇතිවී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් එම ගුවන් අවකාශ වසා දැමීම හේතුකොට ගෙන මෙම තීරණය ගෙන තිබේ.
ශ්‍රී ලංකාවෙන් පිටත්වන සහ පැමිනෙන ගුවන් යානා වෙනුවෙන් සහ මගීන් වෙනුවෙන් පහසුකම් සැලසීමට විශේෂ වැඩපිළිවෙලක් සිව්ල් ගුවන්සේවා අධ්යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා සිව්ල් ගුවන්සේවා අධිකාරිය පවසයි.
අවශ්‍යතා මත ගුවන් ගමන් යොමුකිරීමට සිදුවුව හොත් මත්තල ගුවන්තොටුපොල ද ඒ සදහා සූදානම් කර ඇති බවත් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසති ශ්‍රී ලංකා සිව්ල් ගුවන්සේවා අධිකාරිය දැනුම් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd