මැද පෙරදිග රටවල රැකියා සඳහා විදේශගතව එරට හාම්පුතුන්ගේ සහ රැකියා නියෝජිත ආයතනවල හිරිහැර සහ වද හිංසාවලට ලක් වූ තවත් ශ්‍රී ලාංකිකයෝ 112 දෙනෙකු ඊයේ(01) උදෑසන හිස් අතින්ම යලි දිවයිනට පැමිණියහ.
මින් බහුතරයක් පැවසුවේ එරට රැකියා නියෝජිත ආයතන හා හාම්පුතුන් විසින් අදාල රැකියා ගිවිසුම් කඩ කිරීම සහ වැටුප් නොගෙවීම මත ආපසු පැමිණි බවයි.
තමන් සේවය කළ නිවෙස් වල හාම්පුතුන්ගෙන් වූ කරදර සහ තාඩන පීඩා හේතුවෙන් අසරණ වී රැකවරණ පතා නිවෙස් වලින් පැනගොස් පන බේරාගෙන මෙරටට පැමිණි අයද මේ අතර වුහ.
එරට හාම්පුතුන් විසින් අතවරයට පත් කළ බව කියන කාන්තාවෝද, හදිසි අනතුරු වලට ලක් වූවෝද, විවිධ රෝගාබාද වලට ගොදුරු වුවෝද, එරට රැදී සිටීමට වලංගු ලියකියවිලි නොමැති වීම මත පොලිස් අත්අඩංගුවට පත්ව එරට සිරමැදිරි වල කල් ගෙවූවෝද මේ අතර වූහ.
කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් 662 දරණ ගුවන් යානයෙන් පිරිමි පුද්ගලයෝ 46 ක් පැමිණ සිටි අතර ඉතිරි අය සෞදි අරාබිය, ඩුබායි සහ කුවේට් යන මැද පෙරදිග රටවලින් පැමිණි කාන්තාවෝ වූහ.
මින් බහුතරයත් ත්‍රිකුනාමලය, අනුරාධපුර, පොලොන්නරුව, කුරුණෑගල, අම්පාර වැනි දිවයිනේ දුෂ්කර ප්‍රදේශ වල පදිංචිකරුවෝ වූහ.
එරට හාම්පුතා විසින් රැකියා ගිවිසුම් කඩ කිරිම මත වැටුප් නොලැබ පැමිණ සිටි ත්‍රිකුනාමලයේ තෝම්පුර් හි පදිංචි ඒ. අස්වර් පැවසුවේ තමා රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක් ගෙවා ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යංශය හරහා විදේශ ගත වු බවත් අදාල ගිවිසුම් අනුව තමන් එහි ගියේ ඇසුරුම් අංශයේ රැකියාවකට උවත් තමන්ට බේකරියක වැඩකිරීමට සිදු වු බවයි.
දිනකට විශාල පෙට්ටි 7 ක පිටි මුට්ට කර ගසා බේකරියට බෑමට සිදු වු බැවින් තම රැකියා ගිවිසුම අනුව මෙය වැරදි ක්‍රියාවක් බව හාම්පුතාට දැන්විමෙන් අනතුරුව ඔහු තමා එරට පොලිස් බාරයට පත් කළ බවත් ඔහු කීය.
පසුව ඔහු ඥාතීන්ගෙන් මුදල් ගෙන්වාගෙන ආපසු දිවයිනට පැමිණ ඇත.
තමන්ට මෙන්ම කටාර් සිට පැමිණි බොහෝ පිරිසකට මෙරටදී අත්සන් කළ රැකියා ගිවිසුම් කඩකර ඊට පටහැණි රැකියා ලබා දී තිබු බවට ඔහු චෝදනා කළේය.
දිවයිනට පැමිණි බොහෝ කාන්තාවෝ පැවසුවේ එරට හාමිපුතුන් විසින් පහර දී වද හිංසා කිරීම නිසා රැකවරණ පතා එරට රැකියා නියෝජිතායනය වෙත ගිය බවත් එහිදීද තමන්ට ගුටි බැට ලබා දීම එතනින්ද පලා යාමට සිදු වු බවයි.
සිය ගෙවල් දොරවල් උගසට තබා විදේශ ගත වූයේ අනාගතය දියුණු කරගැනීම සඳහා බවද පැවසූ මොවුහු මෙලෙස ආපසු පැමිණීමට සිදුවන බැවින් නැවත වෙනත් මැද පෙරදිග රටක සේවයට යාම පවා අහිමි වන බවද පැවසූහ.
මේ අයුරින් නැවත ශ්‍රී ලංකාවට ආපසු එවීම වෙනුවට එරට රැකියා සඳහා වෙනත් සුදුසු ස්ථාන ලබා දීමට රජය මැදිහත්ව තානාපති කාර්යාල හරහා යම් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසද මෙරටට පැමිණි මොවුහු රජයෙන් ඉල්ලා සිටියහ.
එමෙන්ම තමන් විදේශ රැකියා නියුක්ති කාර්යංශය හරහා රැකියා ගිවිසුම් අත්සන් කළ බවත් තම රැකියා ගිවිසුමට අදාල රැකියා නොදුන් සහ වැටුප් නොගෙවු අදාල රැකියා නියෝජිත ආයතන වලට එරෙහිව නීති මගින් කටයුතු කරන ලෙසක් ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයෙහි පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරිනියෝ මැදිහත්ව මේ අතර සිටි තිදෙනෙකු මිගමුව රෝහළට ඇතුලත් කළහ.
මේ අතර සිටි එක් කාන්තාවක කතා කිරීමට පවා නොහැකි අසාධ්‍ය තත්වයෙන් සිටි බවත් ඇයට එරටදී යම් ඛෙහෙතක් එන්නත් කිරීමෙන් පසු එලෙස වී ඇති බවද වාර්ථා වෙයි. ඇය එරටදී හාම්පුතා අතින් අතවරයට ලක්ව ඇති බවටද සැකකරයි.
ඉතිරි අය විදේශ සේවා නියුක්ති කාර්යංශ නිලධාරිනියන් විසින් විදෙස් රැකියා සඳහා විදෙස් ගතවුවන්ට සහන සලසන සහන පියස වෙත රැගෙන ගිය අතර එහිදී ඔවුනට තම ගම් බිම් බලා යාමට අවශ්‍ය ගමන් ගාස්තු සැපයු බව වාර්ථා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ බබත් මගේ හැම දෙයක්ම හොයල බලල කරලා දෙනවා. (ර)
මෙන්න ඇත්ත. (ර)
අහිංසක ජනතාව පිටරටවල් වලට විකුණගෙන කන මේවැනි දේ අපේ රටේ නායකයන්ට පේන්නේ නැද්ද? වෘත්තීය පුහුණු මද්‍යස්ථාන ඇති කරන්න මුදල් වෙන් කරලා. විදේශ රටවලට මිනිස්සු විකුනන්න එපා. (නදී)
හැම පැත්තක් දිහාම සාදාරනව බැලිය යුතුයි. (නදී)
මමත් කියන්නේ, අපේ කාන්තාවන් මැදපෙරදිග යවන්න එපා! (නි)
ජෙසිකා හරියට ගණන් හිලව් කියන්නේ මාළු කිලෝ එකක ගණන කියනවා වගේනේ. කොහොම වුණත් මෙයින් හිතාගන්න පුළුවන්නේ ඒජන්සි වල අසාධාරණ අයකිරීම්. (නි)
ඇයි කාන්තාවන් රටයවන එක නතර කිරීම වෙනුවෙන් ස්ථිර නිගමනයකට එන්න බැරි? (නි)
මේ කාර්යාංශයෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ (දිල්)
මොකටද බොලව් යන්නේ මුන්ගේ රටවල්වලට ? (නදී)
ජානකි, ඒ බාබා ඔයාව හොඳට බලාගන්නවා ඇති නේද? (නි)
අදාළ බලධාරීන් නිදිනේ හැමදාම (බ)
ඇයි අපේ කාන්තාවන් පිටරට යැවීම නවත්වන්න බැරි? (නි)
අපේ රටට විදේශ විනිමය ගෙන්න මේ අය කොච්චර මහන්සි වෙනවද? නමුත් ඔවුන් අසරණ වූ විට කාගෙන්වත් පිළිසරණක් නැති පාටයි. (බ)
අනේ දෙවියනේ! (නි)
මේ ගැන කතා කිරීම තේරුමක් නැති දෙයක්. (නදී)
අපේ රටේ කාන්තාවෝ මැදපෙරදිග රටවල ගෘහසේවයට යවන එක නවත්වන්න. මේක ජාතික ගැටළුවක්. අනෙත් අතට අපේ කාන්තාවන්, අපේ රට දිහා ලෝකය දකින්නේ මහ පහත් විදියට. හිතලා බලන්න අපේ ගෙදරක වැඩට එන කාන්තාවක් දිහා අපි බලන්නේ කොහොමද කියලා. ඇයි මේවාට ඉඩදෙන්නේ. (නි)
විදේශ විනිමය ගේනකම් රට විරුවෝ. මොකක් හරි අකරතැබ්බයක් උනාම මේ අයට බනිනවා. වරද සම්පූර්ණයෙන්ම ඔවුනට පටවනවා. (දිල්)
හඩන්නේ නැතිව අහිංසක මිනිසු මොනවා කරන්නද.(දිල්)
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ එම අමාත්‍යාංශය මේ අහිංසක මිනිසුන්ට මහත් බරකි. මෙම ආයතන මොවුන්ගෙන් නඩත්තු වෙනවා මිස මොවුන්ට මෙම ආයතනවලින් සත පහක ප්‍රයෝජනයක් නැත. (බ)
ඕකත් හරියට දැන් රක්ෂණ සමාගම් වගේ. සල්ලි ගන්න කලින් හැම පහසුකමක්ම තියෙනවා. ගත්තට පස්සේ මුකුත් ම නැ. තානාපති කාර්යාලත් එලෙසම තමයි. (දිල්)
මේ ජෝර්දාන් වලත් එහෙම අය ඉන්නවා, එත් තානාපති කාර්යාලයේ සමහර නිලධාරීන් විසින් සොයාබැලීම් සිදු නොකරයි. සමහරු බොහෝ කාලයක් රැදී සිටින අයයි, හැබැයි අපේ අයගෙත් වැරදි නැතුව නොවේ. එක නිසා මේ පිලිබඳ රජයෙන් සොයා බලනවානම් හොදයි. (දිල්)
අපේ රටේ කාන්තාවෝ මැදපෙරදිග යවනවට මම නම් කොහෙත්ම කැමති නැ.(දිල්)
හොඳම දේ නම් සෞදි වැනි මැද පෙරදිග රටවල් වලට යන අයගේ ගිවිසුම වෙනස් කිරීම. අදාල ගෙදර සේවය කිරීමට අපහසු නම් වෙන ගෙදරක වැඩ කිරීමේ අයිතිය ලබා දීම. අනිත් දේ එ්ජන්සි වලින් අදාල රටේ හාම්පුතුන් ගෙන් අය කරන මුදල අඩු කිරීම. ඔවුන් අපේ කාන්තාවන් ගෙදරට ගෙනිහින් හිතන්නේ අපි ගොඩක් සල්ලි දීලා ගෙනාවේ ඒ නිසා ඕනෙම දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ වගේම එජන්සි කාරයොත් සල්ලි ගොඩක් ගත්ත නිසා උන්ට යටත්වෙලා උන්ගේ පැත්ත ගන්නේ. උදා. ඩුබායි වල අපේ කාන්තාවක් ඩිරාම් 8000-9000 අතර වෙනවා. මේක ලොකු මුදලක්. ඒ මුදලට දුක් විදින්නේ අහිංසක කාන්තාවන්. අඩු පඩියට දවසට පැය 19-21 වැඩ කරන්න ඕනා. නිවාඩු නැහැ. ඩිරාම් 825 ගිවිසුමට එහෙට ගියහම ඩිරාම් 700 යි ලැබෙන්නේ. විදේශ සේවා නියුක්ති කාර්යංශය මෙයට වගකිව යුතුයි. ඒ අය ඒජන්සිකාරයින්ව ආරක්ෂා කරනවා. (නදී)
මගේ ආදරණිය ශ්‍රී ලංකා වාසි සහෝදර හිතවතුනි, මේ තරම් ඛේදවාචකයක් අපේ මුළු ඉතිහාසයේම සිද්ද උනේ නැහැ. මෙතැන් ඉන්නේ 112ක් වුනාට අපේ සහෝදර ජනතාව මිලියන 1.8ක් මේ තරම්ම අපා දුක් විඳිනවා. ඒ සල්ලි වලින් අපේ ලොක්කෝ සුර සැප ගන්න ඕන නිසයි මේ අය මේ විදියට කාන්තාර වල වැසිකිලි සුද්ද කරන්නන් බවට පත් කරන්නේ. ඔබලටවත් අඩුම ගානේ හිතේ දුකක් උනුවීමක් ඇතිවෙන්නේ නැද්ද? මේ අයට ඕනේ ඒ අයගේ හොර ගිණුම් වලට මේ අහිංසකයන් එවන සල්ලි පිල්ලි මාර්ගයෙන් යවන්න. ඩොලර් බිලියන 8ක් වන විදේශ මුදල් කන්දරාවක් උපයන මේ අපේ සහෝදර මිනිස්සු අපා දුක් කොහෙත්ම විඳිය යුතු නැහැ. අපේ රටේ කීර්ති නාමයටත් නුසුදුසුයි. ඩොලර් බිලියන 9ක විදේශ මුදල් සංචිතයක් කිය කියා මහ ලොකුවට පම්පෝරි ගහන්නේ මේ අසරණයන්ව වින කරන මේ මිනිස් වහල් ජාවාරමයි. මේ අහිංසක මින්ස්සුන්ගේ ගෙවල් දොරවල්, පවුල් පන්සල්, දු දරුවෝ විනාශ කරනවා. (නදී)
අපේ බාබා නම් හරිම හොඳයි. මාව හොඳට බලා ගන්නවා. (නදී)
මේ රජය නඩත්තු වෙන්නේ මේ අහිංසකයින් විදේශ වලින් එවන ආදායමෙන්. විදේශ සේවා නියුක්ති කාර්යාලය හා තානාපතිවරු මොකද කරන්නේ. ඔවුන් ගන්න පඩියෙන් කෑවට වැඩිය හොඳයි වහ කෑවා නම් නේද ? (නදී)
කටාර් වල ඉන්න ලංකාවේ කම්කරුවෙක් මාසිකව ගන්නේ රියාල් 800-1000 (රුපියල් 28000-36000) අතරේ ගණනක්. මොකට මේ මිනිස්සු යනවද. ලංකාවේ කුලී කරුවෙක් දවසකට ගන්නවා රුපියල් 1200 ක්. මාසෙකට 36000ක්. මේක ගන්න වැඩ කරන්න ඕනේ පැය 8ක් විතරයි. එත් කටාර් ගියාම පැය 12ක් වැඩ කරන්න ඕනි. අනේ මිනිස්සුනේ මේක සුර පුරයක් නෙමෙයි. අපායක්. (නදී)
ජානකී, මම වැඩකරන තැන අයත් හරි හොඳයි (නි)
ජානකී මම වැඩ කරන තැන මාමත් හරී හොඳයි. මාවත් හොඳට බලා ගන්නවා (නදී)
වෙන රටවල් වල මිනිසුන්ට දොස් කියලා හරි යන්නෙ නෑ. ලංකාවෙ ඉන්න නීති නිලධාරීන් තමයි මේවට වගකිම් බාරගන්න ඕනා. (නදී)