
(අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු)
යාළ ජාතික උද්‍යානය තුළ මද කිපී සිටින ගැමුණු හස්තියා ආසන්නයෙන් ගමන් ගත් සංචාරකයන් රැගත් ජීප් රථයක පහරදීම හේතුවෙන් එම පිරිස දැඩි වෙහෙසක් දරා බොරාගත් බව යාල උද්‍යාන බාරකරු මනෝජ් විද්‍යාරත්න සඳහන්ළේය.
පහර දෙන ආකාරය තවත් සංචාරක ජීප් රථයක පැමිණි සංචාරකයකු රූගත කර ඇති අතර අනතුරට ලක් වූ ජීප් රථයේ විදේශ සංචාරකයන් පස් දෙනකු හා කුඩා දරුවෙකු ද සිට ඇත.
එහිදී සංචාරකෙන් ගමන් ගත් රථයේ ආසන ඇති ස්ථානයට හොඬවැල දමා ජීප් රථය පෙරළීමට උත්සාහ කරන අවස්ථාවේ සංචාරක තරුණියක් ජීප් රථයෙන් බිමට වැටෙන ආකාරයත් එම වීඩියෝ දර්ශනවල සටහන් වී ඇතැයි උද්‍යාන භාරකරු කීය.
එම අවස්ථාවේ ජීප් රථය පැදවූ රියැදුරා තම ජීප් රථය වේගයෙන් ඉදිරියට ගැනීමට උත්සාහ කිරීමේදී ජීප් රථයේ එල්ලී සිටි සංචාරකයන් ඇදගෙන ඉදිරියට ගොස් ඇත.
කුඩා දරුවා ජීප් රථයේ සිටියදී අනිත් සියලු දෙනා ජීප් රථයෙන් බිමට වැටී ඇති අතර එම ස්ථානයට පැමිණි පළපුරුදු රියදුරන්ගේ කෑ ගැසීම හේතුවෙන් වෙන්නට ගිය විශාල හානියක් වළක්වා ගැනීමට හැකිවූ බව සිද්ධිය ඇසින් දුටු ජීප් රථ රියදුරකු සඳහන් කළේය.



2025 නොවැම්බර් මස 04
831
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මද කිපුණු වල් අලියකු යාල ජිප් රියකට පහර දෙයි
Ranjith Saturday, 22 February 2025 09:04 AM
ඔය අලියා වෙනත් ප්‍රදේශයකට ගෙනියන්න.. මේකා නිසා යාලට ලැබෙන ආදායම් අඩුවේවි.. මේ පලවෙනි වතාව නොවේ.. මීට අවුරුදු 15කට පෙර සිට ටික ටික කරදර කළා. දැන් තත්වය දරුණුයි... මිනිස් ජීවිත ගැන සලකා ඉක්මන් පියවරක් ගන්න.