ආසියාවේ වරාය හා නාවික ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා බවට ශ්‍රී ලංකාව පත් කිරීම ජාතික ආණ්ඩුවේ ප‍්‍රධාන අරමුණක් යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (22) කොළඹ ගලදාරී හෝටලයේ දී ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් පැවසීය.
එසේම ශ්‍රී ලංකාවේ භූවිද්‍යාත්මක පිහිටීම අනුව වරාය හා නාවික ,ගුවන් සේවා හා සන්නිවේදන කටයුතු සඳහා කදිම ස්ථානයක් බැවින් ඒ සඳහා එම ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයින් වන සිංගප්පූරුව , ඩුබායි සහ ඉන්දියාව යන රටවල සහයෝගීතාවයෙන් එහි ප‍්‍රතිලාභ රටට ලබා ගැනීම අවශ්‍ය වී ඇතැයි ද අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය
‘වසර දහස් ගණනක් පැරණි අතීතයට ගියහොත් අපට තිබෙන්නේ මුහුදු වෙළදාමේ නිරතවූ අතීතයක් එය ඉපැරණී අනුරාධපුර යුගයේ සිට කෝට්ටේ රාජධානිය පුරාම පැතිරී තිබෙනවා. රජය එක් පැත්තකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ,අනෙක් පාර්ශවයෙන් එක්සත් ජාතික පක්ෂයේත් සුසංයෝගයෙන් මෙලෙස රටේ ප‍්‍රධාන පක්ෂ දෙකක් එක් වූයේ ජනාතාවාදී අපේක්ෂාවන් මල්පල ගැන්වීමටයි‘




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහෙන් ඔරෝ මොකටද එන්නේ කියල මට නම් තේරෙනවා. දැන් නම් ඉන්දියා කියල කිවුවේ නැතිනම් නින්ද යන්නෙත් නැති පාටයි.(බ)
මේ දැක්ම වඩා හොඳින් මහින්ද මහත්තයටත් තිබුණ නිසයි එතුමා වරාය, ගුවන් තොටුපළ එහෙම හැදුවේ (නි)
සජී වරාය, ගුවන් තොටුපල, හදනවාට වඩා කළමනාකරණය වැදගත්, පසුගිය රජය ඒ සම්බන්ධව අපොහොසත් ! (හේ)