(අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු)

රුසියානු එයා බස් සමාගමක් වන centram එයා බස් සමාගමේ නව ගුවන් සේවයක්  ආරම්භ වූ අතර රුසියාවේ සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත සතියකට ගුවන් වාර දෙකක් ගමන් කිරීමට නියමිත බව මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළේ කළමනාකරු උපුල් කලංසූරිය මහතා සඳහන් කළේය.

ඒ අනුව සෙන්ටර්ම් ගුවන් සේවයට අයත ඒ 320 වර්ගයේ පළමු ගුවන් යානය මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ වෙත ගොඩබෑම සිදු කෙරිණි.

සෑම සතියකම   බදාදා සහ සෙනසුරාදා දිනයන්හි මෙම ගුවන් සේවය ක්‍රියාත්මක වේ.