කටුනායක ගුවන්තොටේදී අද (28) අත්අඩංගුවට ගත් නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මින් මද වේලාවකට පෙර දැඩි ආරක්ෂාව මධ්‍යයේ ගාල්ල බන්ධනාගාරයට රැගෙන එනු ලැබීය. ඔහු අද පස්වරුවේ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් පුර්ණිමා පරණගමගේ මහත්මිය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
ඔහු හැකි ඉක්මනින් බද්දේගම උසාවියට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළ බව
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ගොඩ්ප්‍රි කුරේ මහතා පැවැසීය.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසුයේ ඔහු 30 වැනිදා අඟහරුවාදා දක්වා රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ බවයි.එහෙත් බද්දේගම උසාවියේ වරෙන්තුව යළි කැඳැවීමට නියමිතව ඇත්තේ (29) සඳුදාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේද ඔලුව පරික්ෂා කර බැලිය යුත්තේ ? (නදී)
මට නම් හිතෙන්නේ මේ ඔක්කොම රඟපෑමක් කියලා. බලමු ඊලග ජවනිකාවේ (නදී)
මේකේ තිර රචනය සහ පිටපත කාගේද ? ඊළඟට සිද්ද වෙන්නේ මොකක්ද?(දිල්)
අපි කාලයට ඉඩ දෙමු. (ර)
ඒක හොඳයි (නි)
අනේ කාලේ වනේ වාසේ! (නි)
මුළු රටම දන්නවා මේ නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ කව්ද මොකටද කියලා. (නි)
සමහර ක්‍රිකට් තරඟවල පිතිකරුවෙකු මුළු ඉනිම පුරාවට පන්දු කාදමා අවසාන ඕවරය ආසන්නයේ වැරෙන් පිත්ත වනමින් ( එහෙත් ලකුණු එන්නේ නැහැ) තමා හොඳින් පන්දුවට පහරදීමට වෙරදැරූ බව ප්‍රේක්ෂකයන්ට අඟවයි. (නි)
මම හිතුවා මෙයා අර කඩාවැටුණ ප්ලේන් එකේවත් හිටියද කියල. වෙලාවට නෑනේ. (දිල්)
ලැජ්ජා වෙන්න ඕනෑ, නීතියක් නැති රටක් මේක. (නි)
නිකන් ඉන්න බැරුව මුතුහෙට්ටිගම සහ දුමින්ද සිල්වා එකතුවෙලා ජනාධිපති තුමාගේ හොද ඡන්ද ටිකක් කඩල විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහය පල කලා. හොදයි හොදයි (අ)