එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයකු ලෙස අද නාමයොජනා බාරදුන් හිටපු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ බිරිය ගමන් කළ ජීප් රථයක තිබූ සියලු ස්ටිකර් අද ගාල්ල පොලිසියේ නිලධාරීහු ගලවා දැමුහ.
ජීප් රියේ රියදුරා සහ මුතුහෙට්ටිගම මහතාගේ බිරිඳ සිටියාය. මේ අතර අවසර නැතිව ශබ්ද විකාශන යන්ත්‍ර බැඳගෙන ගිය රථයක් ද අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. එම රථය එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකුගේ බවත් තරාතිරම හා පක්ෂ පාට නොබලා මැතිවරණ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් පොලිසිය කියයි.
අපේක්ෂකයාගේ රියේ අපේක්ෂකයා සිටින විට පමණක් ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කිරීමට අවසර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳයි. (නි)
පොලිසිය ස්වාධීන වුණ විට රාජකාරිය අකුරටම කළහැකියි (නි)
නීතියක් ඇති රටක ජීවත්වෙනවා වගේ දැනෙනවා දැන් (නි)
නියමයි, මොනවා වුනත් යහපාලන ආණ්ඩුව නීතිය ස්ථාපිත කලා. එකම වරද හොරු ටික අල්ල ගන්න බැරි වුන එක. (ර)
අන්න හරි. නීතිය කාටත් පොදුවෙන්න ඕනෑ. එතකොට තමා රට හැදෙන්නේ. තහනම් දේ තහනම්ම තමයි. (නි)
අපි කවදද මීට කලින් මෙහෙම නීතිය ක්‍රියාත්මක කරනවා දැක්කේ? (නි)
එයාටත් ඡන්දෙ ඉල්ලන්න ඉඩදීලද? (නි)
නොදන්න කමට කරන්න ඇති. (ර)
මේවා ඡන්දය ඉවරවෙනකම් දිගටම තිබුනොත් සියලු දෙනාටම යහපතක්ම වේවි.! (ර)
ස්ටිකර් ගැහුවත් නැතත් මගේ අදහස නම් මෙවැනි පුද්ගලයින්ගෙන් රටට කිසිම පලක් නැහැ.(ම)
යහපාලනෙත් නරක නෑ. වෙනදට නාම යෝජනා දෙනකොට පෙළපාලි කොච්චර යනවද. දැන්නම් හරි නිස්කලංකයි (ම)
පේනවා නේද පැහැදිලි වෙනස. මෙයා හිතාගෙන ඉන්න ඇති තාම අර ජනවාරි 8 වෙනිදාට කලින් තිබුන කාලේ වගේ කියලා. ඒ කාලේ ඉවරයි උන්නැහේ. ඒ වගේ කාලයක් නැවත නොඑන බව හිතාගෙන හැසිරුනොත් හොදයි.(නදී)
එ්ක හොඳයි එහෙම තමා කරන්න ඕනේ (බ)
මෙන්න වැඩ, මෙහෙම ගිහින් කවද හරි අපිටත් ඡන්දයක් තිබ්බද නැද්ද ගානට නිදහසේ ඉන්න පුළුවන් තත්වයක් එයිනේ. (බ)
වැඩිය දැගලුවොත් දකුණු අත පැත්තෙන් පේන්න තියෙන බන්ධනාගාරයට දාන්න. එතකොට එයාට ඊළග පාර ඡන්දෙ ඉල්ලන්න පුලුවන් (බ)
ඇයි ඔයදේ මාතර කළේ නැත්තෙ?සාගලට /මංගලට ඕනි විදියටද ......පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ. පොලිසිය ඉන්න තැන පුද්ගලයින්ට මරණ තර්ජනය කිරීම හරිද ...? (බ)
හිරු ඔව් යහපලානේ නරක නෑ යූඇන්පී කාරයන්ට ශ්‍රීලංකා කාරයෙක් ගියාම ගලවයි (බ)
මුතුහෙට්ටිගම දින්නොත් ස්ටිකර් ගලවපු නිලධාරීන්ට මොනවා කරයිද දන්නේ නෑ (බ)
අර පුත්තලම් පැත්තේ ඉන්න දුර්ලබ ගනයේ කෙනෙක්ගේ ස්ටිකර් ගැලෙව්වේ ඇයි....(බ)
නියමයි. රටේ ජනතාවගේ අයිතිය ලැබෙමින් පවතින පාටයි. අනේ අපේ රට මේ විදිහටම දිගටම යන්න ඕනේ. (බ)
පොලිසියට රාජකාරිය කරන්ට නියම නිදහස සහ අවශ්‍ය ධෛර්යය ලැබිල තියෙනවා. ඔය ස්ටිකර් ගලවන වෙලාවට කවුරු හරි සද්ද බද්ද දැම්මොත්, එයාගේ කටෙත් ස්ටිකර් එකක් අලවන්න කිසි ප්‍රශ්නයක් නැහැ. (බ)
පරිස්සමෙන්,බලයට ආවොත් පළිගන්න පුළුවන්.ඊට පස්සේ නීතිය පෙන්නේ නැහැනේ. (බ)
වාහනේ පාර මැද්දේ තියාගෙන ගලවන එක හොඳද. පාරෙන් අයින් කරගත්තොත් නේද හොඳ. (බ)
පොලිසිය මෙතරම් බාල්දු වෙන්නේ මොකද. මුතුහෙට්ටිගම ස්ටිකර් ගලවනතුරු නාමයෝජනා පත්‍ර භාර නොගෙන හිටියනම් තමා හරි. කැනහිල්ලු සිංහයෝ කරන්නේ පොලිසිය (බ)
මිනිසුන් හුඟ දෙනෙකුට පෙනෙන මේ රටේ පොලිසියට රාජකාරිය කරන්ට නියම නිදහස සහ අවශ්‍ය ධෛර්යය ලැබිලා තියෙන වාතාවරණය තවදුරටත් ශක්තිමත් කරන්න ජන්දය දෙන්න (ම)
ඔවුනට බලය තිබුණු කාලයේදී මෙවන් දෙයක් සිදුවුණානම් පොලිස් නිලධාරින්ට අබසරණයි (ම)