පොලිසියට කුලප්පුවක් හැදී තමා අත් අඩංගුවට ගැනීමට සෙවූ බවත් තමාගේ ආරක්ෂාව පතා සිංගප්පූරුවට පැමිණි බවත් නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මහතා සිංගප්පූරුවේ සිට ගාල්ලේ සගයකුට අද(26) උදේ 6 ට දුරකථනයෙන් කථා කළේය.
‘‘මේ දැන් මා සිංගප්පූරුවට ආවා විතරයි. කරදරයක් වුණාම කවුරුවත් නෑ. මගේ ආරක්ෂාව සලසා ගන්න මං අද අලුයම මිතුරන් දෙදෙනකු සමග රටින් පිටවුණා. ගුවන් තොටුපළේදී කිසිදු ප්‍රශ්නයක් වුණේ නෑ. ඒ මිනිස්සු මට හොඳට සැලකුවා.‘‘
ශ්‍රී ලංකාවට යළි එන්නේ කවදාදැයි මිත්‍රයා ඇසූවිට නියෝජ්‍ය ඇමැති පැවසූයේ දින දෙකකින් පැමිණෙන බවයි.
සනත් ඩෙස්මන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කළොත් නැහැ දඬුවම් මේ කාලේ... සිංගප්පුරුවට පැන්නේ ඇයි රාළේ... නීතිය සමඟ සෙල්ලම් මොකටද බාලේ... එන්නට එපා ආයෙත් පැත්තට ගාල්ලේ.... (නි)
අහිංසක පොලිසිය මුකුත් දන්නේනෑ පව් කුක්කු බාබාලා (බ)
මුතුහෙට්ටිගම 08 වැනිදා පහු උනාම දෙවියෝ උඹට දඩුවම් දේවි , 77 ත් උඹලට දඩුවම් ලැබුණා නේද (බ)
මෙය එනවනම් එන්නේ කෙලින්ම මෛත්‍රී මහත්තයගේ මාධ්‍ය සාකච්ඡාවට..ඇතුලේ ඉදන් දෙන්න ඕන ගේම ඉතා හොදින් කළා. බලන්නකෝ දැන් මෙයාව කට්ටිය නාවල බෝ පැලයක් කරලා ගන්න අපුරුව..(බ)
අපෝ මෙයා අවොත් නම් මම ඡන්දෙ දෙන්නේ නැහැ (නදී)
මේ මොකද මෛත්‍රී ගැන බලෙන් අහන්නේ මොනා කිවත් දිනන්නේ මෛත්‍රීම තමා ජය නියතයි.(හේ)
දෙහිවල සත්තු වත්තට යවන්න (අ)
දැන් වියරු වැටිලා ! 9 වැනදාට රටම කිරිබත් කනවා .(හේ)
එනකොට බැරි වුනාමත් මොකක් හරි තියෙයි ඔබතුමාට කියන්න නේද ?(හේ)
කුලප්පුව හැදිලා තියෙන්නේ කාටද කියල අපි දන්නවා. (අ)
මෙය එනවනම් එන්නේ කෙලින්ම මෛත්‍රී මහත්තයගේ මාධ්‍ය සාකච්චාවට..ඇතුලේ ඉදන් දෙන්න ඕන ගේම ඉතා හොදින් කළා.බලන්නකෝ දැන් මෙයාව කට්ටිය නාවල බෝ පැලයක් කරලා ගන්න අපුරුව..සහන් මහත්තය වැඩිය කෙන්තිගන්න එපා.. මෙයා ඔය යහපාලනේ එක්ක පිවිතුරු හෙටක් පතන අතෘප්තිමත් පාර්ශවයේ කෙනෙක්.. (අ)
මේ රටේ මිනිස්සු හරියට කෙලින්නේ පිස්සු සින්දුව ගායනා කරලා එයාම පිස්සුවක් කෙලලා. කකුළුවා ලිපේ නටනවා , රත්වන්නට වැඩි කාලයක් නැහැ (නදී)
මෛත්‍රී ගැන අහන්ඩ කියල ද කියන්නේ. මේත් අැමතිලද ? (නදී)
ආතතිය වගේ නේද ? (නදී)